(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ළමයින්  267,138 දෙනෙකු  ඉකුත්  2018 වර්ෂයේ  සිට 2024 වර්ෂය දක්වාවූ  වසර හයක කාලයේදී  පාසල් හැර ගොස් ඇති බව අගමැතිනී  හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසුවාය. .

ඉකුත්  2010 වර්ෂයේ  සිට 2017 වර්ෂයේ මුල් කාලය දක්වා පාසල් හැරගිය ළමයින් පිළිබඳ නිශ්චිත දත්ත තමන් සතුව නොමැති බවද අැය කීවාය.

අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවැසුවේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.