ජාත්‍යන්තර සංවිධාන 12 ක් සමඟ එක් වී ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඇති කරන්න කැසකවන ලංකාවේ දේශපාලනයේ හතර දෙනෙකු අපි අඳුනාගත තිබෙනවා යැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර මහතා අද (26) ජාතික පුස්තකාලයේ පැවති මව්බිමේ ජනතා පක්ෂයේ මහ සමුළුව අමතමින් පැවසීය.
‘මව්බිම කෑලි කැලිවලට කපා යළිත් යුද්ධයක් ඇති කර ආයුධ වෙළඳන්ගේ ආයුධ ලංකාවේ අලවි කර ඒ අයට වාසියක් ලබා දෙන්න මේ සංවිධාන කටයුතු කරනවා. ජනපති, අගමැති ක්‍රියාත්මක කරන සංහිඳියාව නැති කරන්න හදනවා. ඉදිරියේ දී ඒ හතර දෙනා කවුදැයි ජනතාවට එළිකරනවා.’ ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්‍රේහීන් කවුද කියල ඔබතුමා කියන්න ඕන නෑ. දැන් අපි හොඳට හඳුනගෙන ඉන්නෙ ඒ අය කවුද කියල.ඒ හතර දෙනා විතරක් නෙවෙයි.ගොඩක් අය අපි දන්නවා. (බ)
මාර මහා සමුළුවක්නේ..අපේ සුභ සාධක සමිතියේ ඉන්නව ඔයිට වැඩිය..දැන්ම කියල දැම්ම නම් ඉවරනේ අපිටත් දැනගන්න..(බ)
දැන් යුද්දේ තිබුන කාලේ වගේ සමහරු මිග් යානාවලින් හම්බ කළා පස්සේ කොමිස් මුදල් වලින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්හ බලහත්කාරයෙන් ඉඩම් ලියා ගත්ත සුදු වැන් පෙන්නලා බාප්පල පුතාල හොදට හම්බ කළා අහුවුණාම කිව්වා මිත්තනියගේ කියල. පස්සේ රාජ සන්තක කළා නමුත් හොරු තවම නිදහසේ ඉන්නවා (බ)
කාලෙකට පස්සේ වෙලකට බැහැල වගෙයි. ..පහු ගිය අවුරුද්දෙම නිදාගෙන ඉදන් අද වගෙයි මෙතුමා අවදිවෙලා තියෙන්නේ,,අනේ අනේ ,හේමකුමාර මහත්තයෝ (බ)
කවුද ඉතින් ඔයගොල්ලන්ගෙන් ඇහුවේ? (නි)
ඔය හතර අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
ගොඩක්දෙනා කතාකළාට රටට කරපු දෙයක් නම් නැහැ. (නි)
හරියට මෙතන ලක්ෂ හැටහතරක ජනතාවක් ඉන්නවා වගේනේ කතාව (නි)
ඕක කියන්න ඉතින් කල්මරන්න ඕනෑද? කිවුවා නම් ඉවරනේ (නි)
ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කිරීම සහ තමන්ගේ තනතුර රැකගැනීමේ දුර්වල සහ බොළඳ උත්සාහයක් වගෙයි අපිට නම් පෙනෙන්නේ. ඔබට ජය! (නි)
මොවුන් කියන තරම් සුන්දර පරිසරයක් උතුරු නැගෙනහිර දැන් තිබේද? මොවුන් තවදුරටත් ජනතාවගේ මොළය සෝදමින් මොවුන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීමට වෙර දරමින් සිටින බවක් හිතේ (නි)
මෙතුමලා මොනවා කියවනවාද මන්දා? (නි)
ඇයි දැන් කියන්න බැරිද? තවම දන්නේ නැද්ද? (නි)
කතාවෙන්ම පේනවා කවුද ද්‍රෝහීන් කියලා. ඒ අයගෙන් ජනතාව පරිස්සම් වියයුතුයි. (නි)
මට නම් පෙනෙන්නේ මෙතුමලා දැන් හීනෙන් බයවෙලා වගෙයි (නි)
ඕක ඉතින් දැන්මම කියලා දැම්මා නම් ඉවරනේ (නි)