(නිමන්ති රණසිංහ)
බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි ළමාරක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩවත රන්මුතුගල ප්‍රත්‍යාලංකාරාම විහාරයේ විහාරාධිපති ‘කැළණීයේ සුදම්ම’ හිමි රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද නියෝග කළේය.
සැකකාර හිමිනමගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය වින්දිත දරුවන් රැදී සිටින ළමා නිවාසයේ කිසිදු දරුවකුට බලපෑමක් නොකරන ලෙසටද සැකකාර හිමිනමට තරයේ අවවාද කළේය.
රන්මුතුගල ශ්‍රී විමලවංශ ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක් සහ 17ක් වන දරුවන් දෙදෙනකුට මුදල් සහ ජංගම දුරකතන ආදිය ත්‍යාග ලෙස ලබා දෙමින් මෙම සැකකාර හිමිනම එම දරුවන්ට ලිංගික අතරව කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව හිමිනම අත්අඩංගුවට ගත් බව ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ පොලිස් සැරයන් 13275 ලක්ෂ්මන් නිලධාරියා දැනුම් දුන්නේය.
ළමා නිවාසයේ සිටින තවත් දරුවකු රාත්‍රී කාලයේදී එම ළමානිවාසයේ සිටි වින්දිත දරුවන්ව සැකකාර හිමිනමට ගෙනගොස් තැරැව්කර ඇත්තේ ළමා නිවාසයේ ජනේලයෙන් එළියට රැගෙනීමෙන් පසුව බව ද ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් ගිය හිමි නමක් වෙන්න ඇති...?
දැන් මේවා පේන්නේ නැද්ද?
මේ කටයුතු බුද්ධහගමට අවමන් කිරීමක් නොවේද?මහා නායක හාමුදුරුවරු නිහඬව සිටින සේක
ගරු අධිකරණයේ ස්වාධිපත්‍යට ගරුකරන අතරම ළමා අපචාරයන් කරන අයට නඩුව අවසන් වනතුරු අප ලබාදිය නොහැකි අයුරින් නීති රීති සැකසීමේ කාලය දැන් පැමිණ ඇත
සල්ගාදුලා හැමතැනම
ඔය කහ රෙද්ද පොරවගෙන ඒන සෙරටම පොඩි කොල්ලො පෙන්නන බැහැ හිරිර කරනව
ඇප දීල ආපහු එතනටම යවල තියන්නෙ..මෙ හිම නම කොහොමද ආපහු ආගම උගන්වන්නෙ? හරිනම් පුනරුතාපනය කරල තමයි ඇප දෙන්න ඔන
ඉතින් තේරෙනවද පුනුරුත්තාපන නිවාස වලින් දරුවන්ට යහපතක් වෙනවද කියලා?ඇත්තම කිවුවොත් දැරිවියන් රඳවලා තියන තැන් වල තත්වය මීටත් අන්තයි