IMG-LOGO

දරුවන්ට හදි කළ හිමිනමට ඇප

(නිමන්ති රණසිංහ)

බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි ළමාරක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩවත රන්මුතුගල ප්‍රත්‍යාලංකාරාම විහාරයේ විහාරාධිපති ‘කැළණීයේ සුදම්ම’ හිමි රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා  අද නියෝග කළේය.

සැකකාර හිමිනමගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය වින්දිත දරුවන් රැදී සිටින ළමා නිවාසයේ කිසිදු දරුවකුට බලපෑමක් නොකරන ලෙසටද සැකකාර හිමිනමට තරයේ අවවාද කළේය.

රන්මුතුගල ශ්‍රී විමලවංශ ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක් සහ 17ක් වන දරුවන් දෙදෙනකුට මුදල් සහ ජංගම දුරකතන ආදිය ත්‍යාග ලෙස ලබා දෙමින් මෙම සැකකාර හිමිනම එම දරුවන්ට ලිංගික අතරව කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව හිමිනම අත්අඩංගුවට ගත් බව ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ පොලිස් සැරයන් 13275 ලක්ෂ්මන් නිලධාරියා දැනුම් දුන්නේය.

ළමා නිවාසයේ සිටින තවත් දරුවකු රාත්‍රී කාලයේදී එම ළමානිවාසයේ සිටි වින්දිත දරුවන්ව සැකකාර හිමිනමට ගෙනගොස් තැරැව්කර ඇත්තේ ළමා නිවාසයේ ජනේලයෙන් එළියට රැගෙනීමෙන් පසුව බව ද ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (8)

දරුවන්ට හදි කළ හිමිනමට ඇප

යෝගා Wednesday, 11 January 2023 08:25 PM

කැම්පස් ගිය හිමි නමක් වෙන්න ඇති...?

:       0       0

saman Wednesday, 11 January 2023 09:09 PM

දැන් මේවා පේන්නේ නැද්ද?

:       0       0

Rocky Thursday, 12 January 2023 06:49 AM

මේ කටයුතු බුද්ධහගමට අවමන් කිරීමක් නොවේද?මහා නායක හාමුදුරුවරු නිහඬව සිටින සේක

:       0       2

ravin Thursday, 12 January 2023 06:59 AM

ගරු අධිකරණයේ ස්වාධිපත්‍යට ගරුකරන අතරම ළමා අපචාරයන් කරන අයට නඩුව අවසන් වනතුරු අප ලබාදිය නොහැකි අයුරින් නීති රීති සැකසීමේ කාලය දැන් පැමිණ ඇත

:       0       2

විජේ Thursday, 12 January 2023 08:20 AM

සල්ගාදුලා හැමතැනම

:       0       1

Weerasumana Thursday, 12 January 2023 12:05 PM

ඔය කහ රෙද්ද පොරවගෙන ඒන සෙරටම පොඩි කොල්ලො පෙන්නන බැහැ හිරිර කරනව

:       0       1

fairoos Thursday, 12 January 2023 12:07 PM

ඇප දීල ආපහු එතනටම යවල තියන්නෙ..මෙ හිම නම ‌කොහොමද ආපහු ආගම උගන්වන්නෙ? හරිනම් පුනරුතාපනය කරල තමයි ඇප දෙන්න ඔන

:       0       1

sharm warn Thursday, 12 January 2023 12:44 PM

ඉතින් තේරෙනවද පුනුරුත්තාපන නිවාස වලින් දරුවන්ට යහපතක් වෙනවද කියලා?ඇත්තම කිවුවොත් දැරිවියන් රඳවලා තියන තැන් වල තත්වය මීටත් අන්තයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site