කල් ඉකුත් වූ ළදරු කිරි පිටි අලුත් ඇසුරුම්වල බහා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබිය දී ග්‍රෑම් 400 පැකට් 1050ක් සීදූව ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
කල් ඉකුත් වූ ළදරු කිරි පිටි අලුත් ඇසුරුම්වල බහා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබිය දී ග්‍රෑම් 400 පැකට් 1050ක් සීදූව ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියට වස කැවීමේ සිට කාන්තාවන් වඳ කිරීම දක්වා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ වගකිවයුත්තන් නොදැනුවත්ව යැයි කිසියම් අයෙක් කියනවා නම්, ඒ කියන අයත් එහෙමනම් මෝඩයින්වෙන්න ඕනෑ. නමුත් සිද්ධ වෙන වැඩ දෙස බැලු විට දැන් දැන් සමහරු අපරාධකාරයින් සුරකින බවයි පෙනෙන්නේ. (නි)
මෙම වංචාව සිදු කළ ව්‍යාපාරිකයා යම් කිරිපිටි සමාගමක නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අයෙක් කියලා කියන්නේ ඇත්තද? (නි)
මේ වගේ වැරේදී කරන්න ඉඩ දෙන්න එපා පොඩි දරුවන් ලෙඩ කරල සල්ලි හොයලා හරියනවද (අ)
ලංකාවේ කිරි තොවියෝ ශක්තිමත් කරලා දියර කිරි නිශ්පාධනයට හුරු කළානම් හොද නැද්ද (දිල්)
තාමත් මට්ටුවෙලා නෑ වගේ කිරි පිටි වලින් වෙච්ච දෙවලට (දිල්)
සල්ලි හම්බ වෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරන්න අද මිනිස්සු පෙළඹිලා ඉන්නේ. ඒ මදිවට නීතියත් අක්‍රිය වෙලා. "අන්තෝ ජටා බහිජටා".කිව්වලු. (නි)
කිරිපිටිවලට අපේ අය ඇබ්බැහිවෙලා තියෙන්නේ හරියට මත් කුඩු වලට වාගේ. මව්කිරි, පිරිසිදු එළකිරි ශක්තිමත් දරුවන් හදන්න ප්‍රමාණවත්. (නි)
ලෙඩ්ඩු වැඩි වුනාම බලේ ඉන්න ලේසියි. එක වෙන්න ඇති? චම්පික ඇමති තුමා සද්ද නැතිවුනේ ඇයි? මේවා හොයන්න අයයි ආණ්ඩුවේ ඉන්න ඕනේ. සමුළුවත් උතුරේ දිවුරුම් දෙන්නේ කා ලඟද කියන ඒවා වත් ඊට පස්සේ එන්න ඕනේ. ඇමතිවරු රොත්තක් බිහිවුණා ආයිම? මොනවද එයාල කරන්නේ? මෙහෙම කරන එක පවු නේද? පවු ගෙවන බව මතක් කරලා දෙන්න කවුරුත් නැද්ද? (අ)
අර අහවල් කිරි බිව්වා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
කිරිපිටි වර්ගය ප්‍රකාශ නොකර මේ වගේ දේවල් පල කරාට කිසිම වැඩක් නැහැ. කරුණාකරලා මේ දේවල් ජනතාවගෙන් හංගන්න එපා (දිල්)
සමහර කෑගහන ඇමති වරුන් මුඛවාඩම් පනතට අත්සන් කරලා මේ ලඟදි ඉඳන්.(නදී)
ජයවේවා ඡන්දදායකයින්ට (නි)
ඔන්න ඕකට නම් අපේ දේශපාලකයන් ගාව ගන්න එපා. ඒ ඇත්තෝ ඔයවගේ අසමජ්ජාති කටයුතු වලට පුදුම පිළිකුලක් දක්වනවා. අනේ ඔව්. (දිල්)
ඡන්දදායකයින්ට නම් හොදට ලැබෙනවා කිරිපිටි මිල තව ඉහලට මදිද තෑගි (දිල්)
අර නවසීලන්තේ අයගේ තවත් ජවනිකාවක්ද? (අ)
උපරිමයෙන් දඩුවම් කරන්න. මුදල් වලට යට වෙලා ඕනෑම ජරා වැඩක් කරන ඔය වගේ තිරිසන් මිනිස්සුන්ට අයෙත් එවැනි වැඩ නොකරන්න දඩුවම් කරන්න, ඒවා බීලා අහිංසක දරුවෝ ලෙඩ වුණා නම් ?(අ)
කිරි ගැන පන්සල් වල කතා කරන්න එපා බන්ඩාරගම සිද්දිය මතකනේ...(අ)
එහෙම කීවට වැඩක් නැනේ. ඒ කිරිපිටි ජාතියේ නමත් කියන්න ඕනනේ. නැතුව මිනිස්සු දන්නේ කොහොමද? (ස)
නවසීලන්තයේ නෙමෙයි අනේ, මේ අපේ ලංකාද්වීපයේ (නි)
දරුවන් රටට සම්පතක්.ඒ සම්පත සුරකින එක පාලකයන්ගේ වගකීමක්.දරුවන්ට වස කන්න දුන්නම අනාගතයට රටට ඉතුරු වන්නේ ලෙඩ්ඩු.නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
මේ කිරිපිටි වර්ගයේ නම කියන්න. ඉන් මෙතන නීතිමය ප්‍රශ්නයක් පැන නැගීමට හේතුවක් ඇතැයි කියා මම සිතන්නේ නැහැ. (නි)