ඩිජිටල් තාක්‍ෂණික උපාංගයකින් හා දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි උපකරණයක් ලබන සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ජංගම දුරකථනයක් ආකාරයේ වුවත් මෙහි තිරයක් නොමැති නිසා ක‍්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා කීවේය.
119 හදිසි ඇමතුම් අංකයටද මේ උපාංගයෙන් ඇමතුම් ගත හැකිය.
දරුවා සිටින ස්ථානය වෙනස් වන විට ඒ පිළිබඳව දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඉබේම යැවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම උපකරණය පාසලේදීත් ළඟ තබා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඩයලොග් හා මොබිටෙල් දුරකථන සමාගම්වල සහාය ඇතිව මෙම උපාංගය හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින් ඔබ නම් නියමයි. ධනාත්මක අදහස් ඇති තරුණ දේශපාලකයෙක්. තනතුරට සුදුසුයි. සියලුම අනුමැතියයන් අරගෙන වැඩේට බැස්සා. (ර)
හොඳ වැඩක් වගෙයි. සාර්ථක වේවා ! (ර)
හොඳ වැඩ ගරු අමාත්‍ය තුමනි (බ)
මෝඩ වැඩ කරන්න එපා. (ස)
ෂා ලංකාවට ගිය කල. ආ? මාරයි නේ. (ස)
ඈත ගම්බද නිල්ගල, රතුගල,සහ දඹාන වැනි දුෂ්කර ගම්වල දරුවන්ටත් ලබා ගැනීමේ ක්‍රම වේදයකට යන්න, (ස)
අද දවසේ ටියුෂන් පන්තියට ගිය ඔබේ දරුවා ආරක්ෂිතද ?, නියමිත වෙලාවට පන්තියට ඇතුල්වුණාද ? පන්තිය ඉවර වෙන්නේ කීයටද ? කාර්යබහුල ඔබට මේ සියල්ල හොයා බලන්න පුළුවන්ද ? (ම)
දරුවන්ට අද කාලේ ආරක්ෂාව වැදගත් (ම)
නවීන තාක්ෂණය එක්ක මේක ඉතා හොඳ වැඩක්. කුමාර, මෝඩ විදියට බලන්ඩ එපා මේ වගේ වැඩ දිහා.(ම)
මේක හොඳ වැඩක්. ඒත් ළමයින් දෙමාපියන්ට හොරෙන් කොහේ හෝ යාමට ඕන අවස්ථාවකදී මේක පාසලේ හෝ පන්තියේ දමා යාමට ඉඩ තියෙනවා. එකට පිළියමක් යොදන්න පුලුවන්නම් නියමයි.(ම)
කවුරු කරත් මේවගේ දේවල් හිතල කරන එක අගය කරන්න ඕනේ. කාගේ කාගේත් යහපත වෙනුවෙන් කොච්චර දේවල් හිතල කරන්න පුලුවන්ද , සමහර දේවලට වියදම් යන්නෙත් නෑ. මේවගේ දරුවන්ගේ 5 වසර ශිෂ්‍යත්වය ගැනත් පාසල් ප්‍රශ්න ගැනත් හිතනවනම්. (ර)
හරින් කවදත් හරි දෙයක් කරන කෙනෙක්. (ර)
පළමුව කල වැඩේට ගරු කරමු. පසුව අඩුපාඩු හදමු. (ර)
ඔය කියන හලෝව ළමය ලග තිබිලා ළමයව උස්සන් යන මනුස්සයා ඒ හලෝව කොහෙට හරි විසි කරලා ලමයව උස්සන් යන්න බැරිද. එහෙම උනොත් කොහොමද ළමයා ගැන තොරතුරු දැනගන්නේ. අනික සුළු මුදලක් කීවට ඒ මුදලවත් සොයාගන්න බැරි කීදෙනෙක් ඉන්නවද.? (ර)
ඕක ගලවන්න බැරි වෙන්න හැදුවනම් හරි! (ර)
අවුරුදු 18 අඩු සියලුම පාසල් ළමුන්ට අවශ්‍ය නම් ඉහත සදහන් දුරකතනයක් ලබාදීමට කටයුතු කරමු. වෙනත් දුරකථන පාවිචි කිරීම තහනම් කරමු. (ර)
හොදම ක්‍රමේ ළමයාගේ අතට මිරිස් කුඩු පැකට් එකක් දෙන එක. ගානත් අඩුයිනේ. (ර)
මෙය ඉතාම කාලෝචිත දෙයක්. සමහර රටවල මේ ක්‍රමය භාවිත වෙනවා.මේ උපකරණය ක්‍රියා විරහිත කළොත් හරි ක්‍රියා විරහිත වුණොත් හැර මාපියන්ට දැන ගැනීමට ක්‍රමයක් තියෙනවාද...?( උදා. මව්පියන්ගේ දුරකථනය නොනවත්වාම නාද වීම වැනි ක්‍රමයක්.) (අ)
ගොඩාක් හොඳ දෙයක් (අ)
අැත්ටටම හොද වෙඩක් .. මේක සියයට සියයක් සාර්ථක වේවා ! මෙහෙම වෙඩ කරනවා නම් ජන්දේ දෙන එක අපි කරන්නම්. ජය වේවා ! (අ)
ලොව දියුණු රටවල මෙය සාමාන්‍ය දෙයක්.අපේ රටටත් ආපු එක ලොකු දෙයක්.(ම)
මේ හොද ක්‍රියාවක්..මේක ගොඩක් සාර්ථක කරගන්න පුලුවන් පොඩි චීප් එකක් වගේ අතේ හරි බෙල්ලේ හරි පළදින්න පුලුවන් විදියට නිර්මාණය කරනම්.එක ගලවන්න වෙනම අංකයක් ඇතුලත් කරන්න පුලුවන්...අංකය නොදන්නා කෙනෙක් එය ඉවත් කරන්න ගියොත් අලාම් එකක් වදින්න නිර්මාණය කරමු (ම)
හොඳ වැඩක්. (අ)
හොදම හොද වැඩක්. (ර)
ඉන්දියාවේ වේ ගැණු ළමයෙක් හදල තිබුණා යටට අඳින ඇදුමක් ඒක බලාත්කාරයෙන් ගැලොව්වොත් මැසේජ් එකක් නිකුත්වන්න. ඔය වගේ ඒවා සහන මිලට ගෙනල්ල අපේ කෙල්ලන්ට බෙදන්න සමාජ සේවා හා සුබසාදන එකේ අයට පුළුවන්නේ. (අ)
අද කාලයට ඔබින වැඩක්. සාර්ථක වේවා.! (ර)
කුමාර/ප්‍රනාන්දු වගේ හිතන්නේ මෝඩ විදියටමයි නේ මොනවත් නැතුව ඉන්නවට වඩා මොකක් හරි තිබීම හොදයි නේ. (ර)
හොද කාලෝචිත අදහසක්, මේකෙත් ඇද කුද බලන බක පණ්ඩිතයෝ තාමත් ඉන්නවා,100% සාර්ථක නොවෙන්න පුළුවන්, රතුගලට දඹානට සිග්නල් තියේද අහන අයත් ඉන්නවා, තවත් ජීවි කොට්ටාශයක් ඉන්නවා මරෆොනියාව හැදිච්ච කට්ටිය, ඔවුන්ට මේ ආණ්ඩුව කරන හැම දේම පෙන්නේ බටහිර කුමන්ත්‍රණ විදියට, මේක අසල්වැසි ඉන්දියාවේත් ළමයි අතර ප්‍රචලිත දෙයක්, ලින් මැඩියන්ට නොතේරුනාට. (ස)
මේ වැඩේට බනින අයගෙන් අහන්නෙ. බැන්නට විතරක් මදි. ඒ වෙනුවට ඒකට ගැළපෙන විධිමත් විකල්පයක් කිව්වොත් නම් හොඳයි. (නි)
ළමයා ඉපදෙනකොටම පොඩි සිම් එකක් අතට හෝ කකුලට ඇතුල් කලානම් ළමයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් . දැනට ඔය පෝන් එකේ වැඩේ කරන්න හරි ගියේ නැත්නම් මගේ යෝජනාව තමා... (ර)
වැඩේනම් හොදයි. (ර)
ළමයව උස්සන් යන අය ඔය භාණ්ඩේ ළමයට ළඟ තියාගන්න දෙවි නේ... අනික් අයට ළමයා ගැන දැන ගන්න... (ර)
ඉතාම කාලෝචිත වැඩක් ස්තුතියි. (ර)
හොද වැඩක්. මෝඩ කතා කියන්න එපා කුමාර. (ර)