IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දරුවන් රකින්න දරුවෝ බඹර කපති

මහනුවර ඔගස්ටා වත්ත ‘ටිකිරි ළමා සෙවණ‘ ළමා නිවාසය ඉදිරිපස අඹ ගසේ  මිටර් එකහමාරක් පමණ විශාල බඹරයක් බැඳ තිබීම හේතුවෙන් එහි සිටින කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා එම බඹරය බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් කපා ඉවත් කැරිණි.

මෙම ළමා නිවාසයේ කුඩා දරුවන් 44 දෙනකු වෙසෙන බව එහි ප්‍රධාන පාලිකාව කියන්නීය.

බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තඹවිට ප්‍රකාශ කළේ එය විශාල බඹරයක් බවත් ලක්ෂයකට ආසන්න බඹරුන් සිටිය හැකි බැවින් මෙම ළමා  නිවාසයේ දරුවන් ගැන හා අසල්වාසීන් ගැන සිතා මෙය ඉවත් කළ බවයි.

බඹර කැපීමේ හසල අත්දැකීමක් ඇති පාසැල් සිසු සිසුවියන් වන මෙගා සමාධී, කළණි ආලෝකා, සදෙවූ රශ්මික යන තිදෙනා ද බඹරය කැපීමට දායක වූහ.

babara_2015121742 babara_2015121743 babara_2015121745 vlcsnap-2015-12-17-06h03m39s140

 



අදහස් (0)

දරුවන් රකින්න දරුවෝ බඹර කපති

අබය Thursday, 17 December 2015 08:18 PM

අපි පොඩි කාලේ බඹරයක් ළඟින් යන්නත් බයයි අනී කියලා. මේ ළමයි කරන වැඩේ හරිම ත්‍රාසජනකයි (නි)

:       0       1

දිසානායක Thursday, 17 December 2015 09:23 PM

අනේ අම්මෝ! දරුවනේ, ආරක්‍ෂිත ලණුවක් පැළඳ ගන්නකො. බිම වැටුනොත් මොනවා වෙයිද? (නි)

:       1       0

කමනි Thursday, 17 December 2015 09:57 PM

මේවා මනා පුහුණුවක්ලත් වැඩිහිටියන් මිස ළමයින් කළයුතු දේවල් නෙමෙයි කියලයි මම නම් කියන්නේ. යමක් වුණාට පසු අඬාදොඬා වැඩක් නැහැ. (නි)

:       0       1

ඉන්දික Tuesday, 22 December 2015 03:37 AM

බඹරුන්ට හිංසා නොකර උන් ඉවත් කිරීමට ඉතා හොඳයි. මොකද පරිසරයේ සතුන් සිටිය යුතුයි. ඒ වගේම දරුවන් මේ කාර්යයට පුහුණු කිරීම ඉතා අගය කළයුතුයි. නමුත් ආරක්ෂාව උපරිම තිබිය යුතුයි. (නි)

:       0       0

අමල් Friday, 18 December 2015 01:12 AM

හොඳ වැඩක්. දෙයක් වෙන්න කලින් ඒදේට විසඳුම් දුන් එකට සතුටුයි. (නි)

:       0       0

අමිල Friday, 18 December 2015 01:19 AM

බඹරු එක්ක සෙල්ලම් එපා නංගී (නි)

:       0       0

සංජීව Friday, 18 December 2015 01:26 AM

කමනි, මනා පුහුණුව පෙනෙන්නේ නැද්ද? ඕපාදුපයක් නම් පෙනෙයි ඔයාලටත්. තරහ ගන්න එපා. ඇත්ත කිව්වේ (නි)

:       0       0

හසරැල් Friday, 18 December 2015 01:48 AM

හරිම දක්ෂ ළමයි ටිකක් (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 December 2015 01:45 AM

වැඩේ නම් පංකාදුයි. ඒත් දරුවන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න (නි)

:       0       0

ලසන්ත Friday, 18 December 2015 02:53 AM

හැකියාව කවදාවත් වයස මත තීරණය නොවෙයි. මේ වගේ අවදානමක් ගන්න ශක්තිය තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? ඒ අතින් මේ ළමයි ශ්‍රේෂ්ඨයි (නි)

:       0       0

අබේසිරි Friday, 18 December 2015 02:52 AM

මේක නම් හරිම අවදානම් වැඩක් (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 18 December 2015 03:31 AM

ඔය සංවිධානයේ දරුවෝ බොහොම දක්ෂ, හොඳ අත්දැකීම් සහිත දරුවන්. වැඩක් දුන්නොත් හරියට කරන්න දන්නවා. ළමා නිවාසයේ දරුවන්ටත් එම අත්දැකීම ලබන්න අවස්ථාවක් ලබාදීම බොහොම අගය කළයුතු ක්‍රියාවක්. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 18 December 2015 04:06 AM

අපි පොඩිකාලේ ගස් බඩ ගෑවේ සේෆ්ට් බෙල්ට් දාලද? මෙහෙම් ගියොත් ඉදිරි අනාගතේට මොකද වෙන්නේ. මම නම් කියන්නේ තව තවත් ළමුන්ට අවස්ථා දෙන්න ඕනි. (බ)

:       0       0

ෂාන් Friday, 18 December 2015 04:20 AM

මේක තමයි කියන්නේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා කියලා (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 18 December 2015 04:26 AM

ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වා තිබෙන සැලකිල්ල ඉතාම අසතුටුදායකයි. ළමයින් ගස් බඩ ගෑ යුතුයි කියලා නියමයක් නෑ. ළමුන්ගේ ආරක්ෂාව තමා වැදගත්. බඹර කැපීම එකක් ආරක්ෂා වීම තව කාරණයක්. මේ වගේ දේවල් වලට තාක්ෂණයක් තිබෙනවා. ඒවා අනිවාර්යෙන් භාවිතා කළ යුතුයි. (බ)

:       0       0

කසුන් Friday, 18 December 2015 04:30 AM

කොල්ලා අර ගහ උඩ පොඩි කෙල්ලව තදකරගෙන ඉන්න විදිය මට අල්ලන්නේ නැහැ. මටත් දුවෙක් ඉන්නවා. පව් මේ දරුවන් (බ)

:       0       0

සංජිව Friday, 18 December 2015 06:08 AM

හොද ක්‍රියාවක්. අගය කළ යුතු වැඩක් (ම)

:       0       0

සමන් Thursday, 17 December 2015 03:32 PM

කළ දෙය හොඳ වුණත් මේ සඳහා බාලවයස් ළමයින් යොදාගැනීම බරපතල ලෙසම වැරදි බවයි මම කියන්නේ. මෙය ළමයින්ගේ ආරක්ෂාව, රැකවරණය යන කාරණා නොසළකා හැරීමක් යැයි සිතෙනවා. ළමයින් කොයිතරම් ඒදේට හුරුවුණත් , වැඩිහිටියන් ඒවාට අනුබල දීම වැරදියි නේද? (නි)

:       0       0

දම්ම Thursday, 17 December 2015 03:33 PM

මේ වැඩේට ළමයින් යොදාගැනිම මමත් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

විල්සන් Thursday, 17 December 2015 04:09 PM

මම නම් මේ වැඩේ අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ගයාන් Thursday, 17 December 2015 04:31 PM

මොකක්ද මේගොල්ලෝ කරන්නේ? ඕක වැඩිහිටියන් කරන්න ඕනෑ දෙයක්. (නි)

:       0       0

සෙලනිකස් Thursday, 17 December 2015 04:48 PM

මේ වගේ අවදානම් වැඩ වලට ඇයි මේ ළමයින් හවුල්කර ගන්නේ? මොනවාහරි අනතුරක් වුණා නම් කවුද වගකීම බාරගන්නේ? (නි)

:       0       0

චන්න බුවනක Friday, 18 December 2015 08:32 AM

ළමයි ටිකනම් හරි දක්ෂයි. පොඩි කාලේ අපිත් ගස්වල නැග්ග. දැන්නම් එක කරන්න බැහැ. මේ වැඩේ අගය කරන්න ඕනි වැඩක්.(ම)

:       0       0

පතිරණ Thursday, 17 December 2015 05:16 PM

බඹර කපනකොට උන් අනින්නේ නැද්ද? කොහොමද මේක කරන්නේ? දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. (නි)

:       0       0

චන්න බුවනක Friday, 18 December 2015 08:41 AM

මේ ළමයි වෙනුවෙන් ආරක්ෂක උපකරණ ලබා දීමට මම කැමතියි. (ම)

:       0       0

සුමිත්‍ර Thursday, 17 December 2015 05:54 PM

හිතාගන්නත් අමාරුයි. ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site