මහනුවර ඔගස්ටා වත්ත ‘ටිකිරි ළමා සෙවණ‘ ළමා නිවාසය ඉදිරිපස අඹ ගසේ මිටර් එකහමාරක් පමණ විශාල බඹරයක් බැඳ තිබීම හේතුවෙන් එහි සිටින කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා එම බඹරය බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් කපා ඉවත් කැරිණි.
මෙම ළමා නිවාසයේ කුඩා දරුවන් 44 දෙනකු වෙසෙන බව එහි ප්‍රධාන පාලිකාව කියන්නීය.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තඹවිට ප්‍රකාශ කළේ එය විශාල බඹරයක් බවත් ලක්ෂයකට ආසන්න බඹරුන් සිටිය හැකි බැවින් මෙම ළමා නිවාසයේ දරුවන් ගැන හා අසල්වාසීන් ගැන සිතා මෙය ඉවත් කළ බවයි.
බඹර කැපීමේ හසල අත්දැකීමක් ඇති පාසැල් සිසු සිසුවියන් වන මෙගා සමාධී, කළණි ආලෝකා, සදෙවූ රශ්මික යන තිදෙනා ද බඹරය කැපීමට දායක වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි කාලේ බඹරයක් ළඟින් යන්නත් බයයි අනී කියලා. මේ ළමයි කරන වැඩේ හරිම ත්‍රාසජනකයි (නි)
අනේ අම්මෝ! දරුවනේ, ආරක්‍ෂිත ලණුවක් පැළඳ ගන්නකො. බිම වැටුනොත් මොනවා වෙයිද? (නි)
මේවා මනා පුහුණුවක්ලත් වැඩිහිටියන් මිස ළමයින් කළයුතු දේවල් නෙමෙයි කියලයි මම නම් කියන්නේ. යමක් වුණාට පසු අඬාදොඬා වැඩක් නැහැ. (නි)
බඹරුන්ට හිංසා නොකර උන් ඉවත් කිරීමට ඉතා හොඳයි. මොකද පරිසරයේ සතුන් සිටිය යුතුයි. ඒ වගේම දරුවන් මේ කාර්යයට පුහුණු කිරීම ඉතා අගය කළයුතුයි. නමුත් ආරක්ෂාව උපරිම තිබිය යුතුයි. (නි)
හොඳ වැඩක්. දෙයක් වෙන්න කලින් ඒදේට විසඳුම් දුන් එකට සතුටුයි. (නි)
බඹරු එක්ක සෙල්ලම් එපා නංගී (නි)
කමනි, මනා පුහුණුව පෙනෙන්නේ නැද්ද? ඕපාදුපයක් නම් පෙනෙයි ඔයාලටත්. තරහ ගන්න එපා. ඇත්ත කිව්වේ (නි)
හරිම දක්ෂ ළමයි ටිකක් (නි)
වැඩේ නම් පංකාදුයි. ඒත් දරුවන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න (නි)
හැකියාව කවදාවත් වයස මත තීරණය නොවෙයි. මේ වගේ අවදානමක් ගන්න ශක්තිය තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? ඒ අතින් මේ ළමයි ශ්‍රේෂ්ඨයි (නි)
මේක නම් හරිම අවදානම් වැඩක් (නි)
ඔය සංවිධානයේ දරුවෝ බොහොම දක්ෂ, හොඳ අත්දැකීම් සහිත දරුවන්. වැඩක් දුන්නොත් හරියට කරන්න දන්නවා. ළමා නිවාසයේ දරුවන්ටත් එම අත්දැකීම ලබන්න අවස්ථාවක් ලබාදීම බොහොම අගය කළයුතු ක්‍රියාවක්. (නි)
අපි පොඩිකාලේ ගස් බඩ ගෑවේ සේෆ්ට් බෙල්ට් දාලද? මෙහෙම් ගියොත් ඉදිරි අනාගතේට මොකද වෙන්නේ. මම නම් කියන්නේ තව තවත් ළමුන්ට අවස්ථා දෙන්න ඕනි. (බ)
මේක තමයි කියන්නේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා කියලා (බ)
ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වා තිබෙන සැලකිල්ල ඉතාම අසතුටුදායකයි. ළමයින් ගස් බඩ ගෑ යුතුයි කියලා නියමයක් නෑ. ළමුන්ගේ ආරක්ෂාව තමා වැදගත්. බඹර කැපීම එකක් ආරක්ෂා වීම තව කාරණයක්. මේ වගේ දේවල් වලට තාක්ෂණයක් තිබෙනවා. ඒවා අනිවාර්යෙන් භාවිතා කළ යුතුයි. (බ)
කොල්ලා අර ගහ උඩ පොඩි කෙල්ලව තදකරගෙන ඉන්න විදිය මට අල්ලන්නේ නැහැ. මටත් දුවෙක් ඉන්නවා. පව් මේ දරුවන් (බ)
හොද ක්‍රියාවක්. අගය කළ යුතු වැඩක් (ම)
කළ දෙය හොඳ වුණත් මේ සඳහා බාලවයස් ළමයින් යොදාගැනීම බරපතල ලෙසම වැරදි බවයි මම කියන්නේ. මෙය ළමයින්ගේ ආරක්ෂාව, රැකවරණය යන කාරණා නොසළකා හැරීමක් යැයි සිතෙනවා. ළමයින් කොයිතරම් ඒදේට හුරුවුණත් , වැඩිහිටියන් ඒවාට අනුබල දීම වැරදියි නේද? (නි)
මේ වැඩේට ළමයින් යොදාගැනිම මමත් අනුමත කරන්නේ නැහැ (නි)
මම නම් මේ වැඩේ අනුමත කරන්නේ නැහැ (නි)
මොකක්ද මේගොල්ලෝ කරන්නේ? ඕක වැඩිහිටියන් කරන්න ඕනෑ දෙයක්. (නි)
මේ වගේ අවදානම් වැඩ වලට ඇයි මේ ළමයින් හවුල්කර ගන්නේ? මොනවාහරි අනතුරක් වුණා නම් කවුද වගකීම බාරගන්නේ? (නි)
ළමයි ටිකනම් හරි දක්ෂයි. පොඩි කාලේ අපිත් ගස්වල නැග්ග. දැන්නම් එක කරන්න බැහැ. මේ වැඩේ අගය කරන්න ඕනි වැඩක්.(ම)
බඹර කපනකොට උන් අනින්නේ නැද්ද? කොහොමද මේක කරන්නේ? දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. (නි)
මේ ළමයි වෙනුවෙන් ආරක්ෂක උපකරණ ලබා දීමට මම කැමතියි. (ම)
හිතාගන්නත් අමාරුයි. ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. (නි)