IMG-LOGO

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා

(යොහාන් භාසුර)

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

අධ්‍යාපන පරිවර්තන තුළින් දරුවන් හැලෙන්නෙ නැති,  අතරමං වෙන්නෙ නැති අධ්‍යාපනයක් නිර්මාණය කිරීම බවත් කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් හැලීමට ඉඩ නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.
වෘත්තීය අධ්‍යාපනය කියන්නේ හැලෙන දරුවන්ට දෙන මොකක් හරි බෙහෙතක් නොවන බව කී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ එවැනි වෘත්තිය අධ්‍යාපනය ගැන වර්තමාන ආණ්ඩුව සැලසුම් නොකරන බවත්ය.

වෘත්තීය අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ කොටසක් විය යුතු අතරම වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළම දරුවෙක්ට විවෘත විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු හමුවකදි අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.

මෙම හමුවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  පද්මසිරි බණ්ඩාර , සුනිල් රත්නසිරි , උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව,  පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක , උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ යන මහත්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (5)

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා

de silva Saturday, 15 February 2025 05:03 PM

කටින් කියන්න නම් ලේසියි, කරන්න තමයි බැරි, ටියුෂන් මාෆියාව දැන් මලිමාවට ජැක්එක ගහලා තිබෙන්නේ...

:       1       2

රම්බොඩ Saturday, 15 February 2025 09:56 PM

එන එන කෙනා මොනවා හරි අතගාලා යනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනන්න හිතකවත් නෑ වගේ.

:       0       2

අරුණි Saturday, 15 February 2025 10:28 PM

ට්‍රම්ප් මහත්තයා බලයට නොපැමිණෙන්නට ඔබතුමියගේ සුලලිත වදන් සහිත වෙස්මූනෙන් අපි කොයිතරම කාලයක් රැවටෙන්න තිබුණාද?

:       1       3

randil dunuwilleMonday, 17 February 2025 08:31 AM

ඇයි ට්‍රම්ප් මහත්තයා මොනාද කිව්වේ ඔයාට

:       1       0

karolis Saturday, 15 February 2025 11:39 PM

කිව්වට ඔයා ඔව්වා කොහේ කරන්නද මැඩම්? ආණ්ඩුවේ ඉන්නේ හොර උපාධිකාරයෝ. ඉගෙන ගන්නේ නැතුව අවුරුදු ගණන් උද්ඝෝෂණ කර කර හන්දි වල ටින් හොල්ලපු කාලේ කාපු රස්තියාදුකාරයෝ. ඉගෙනගන්න එකෙකුටවත් ඉගෙන ගන්න නොදුන්නු අය. නවකවදය බෝ කරපු අය... වෛරය වපුරපු අය...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 643 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 358 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 496 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site