(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අනුරාධපුර දුම්රිය ස්ථානය රාත්‍රියේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් හතළිස් පන්දහසක් වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරාගත් බව කියන අඹු සැමි යුවළක් අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රුහුණු කුමාරි දුම්රියට නැග සිටියදී හොරාගත් එම ජංගම දුරකථනයද සමඟම දුම්රිය ආරක්ෂක හමුදාවේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු ඉනේ ගසාගෙන තිබියදී ජංගම දුරකථනයනා ද වීම නිසා ඔහු අල්ලා ගැනීමට හැකිවු බව යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
මෙම සැකකාර අඹුසැමි යුවළ ඔවුන්ගේ අත දරුවාද වඩාගෙන දුම්රියවල ගමන් කරමින් මගින් සතු මුදල් පසුම්බි ජංගම දුරකථන හොරා ගැනීම සහ ගෙල බැඳ සිටින රන්මාල කඩාගෙන යෑමේ නිරතව සිටින අය යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
සැකකාරිය වඩාගෙන සිටි අත දරුවාද දුම්රිය ආරක්ෂක හමුදා භාරයට භාරයට ගනු ලැබීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd