ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බිරිඳ, වකුගඩු රෝගී දියණිය දරුවන් හතර දෙනෙකු සමග කුළී නිවසක ජීවත්වන පානදුර කෙසෙල්වත්තේ පියෙක් යන්නට ස්ථිර තැනක් හා ස්ථිර රැකියාවක් නැතිව ළතැවේ.
පානදුර කෙසෙල්වත්තේ අංක 673 ග‍්‍රාමසේවා වසමේ කරුණාරත්න මාවතේ පල්ලිය මුල්ල ගොරකාන පදිංචිවන සිටින මොහොමඞ් ෂරීෆ් මොහොමඞ් මර්සුය.
මර්සුගේ වැඩි මහල් දියණියට වයස අවුරුදු 14යි. ආර්ථික අඩුපාඩුකම් නිසා දහ වන ශ්‍රේණියෙදී ඇගේ අධ්‍යාපෙනය අඩාල විය. දෙවැනි දුව හය වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. තුන්වන දියණිය පාසල් නොයන අතර ඇය වකුගඩු රෝගයකින් පෙළෙයි. බාලම දියණිය පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.
මෙම පවුලට ස්ථීර නිවසක් නැත. එනිසා පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ තැනින් තැනට යමින් කුලී නිවසක ජීවත් වෙයි. ස්ථිර ලිපිනයක පදිංචිව නැති නිසා රජය මගින් ලබාදෙන සමෘධි සහනාධාරය ලැබී නැත.
නම හා ගිණුම් අංකය
නම - මොහොමඞ් ෆලීල් මින්තුල් කයිරි
දුරකතන අංකය - 071 01 59 892
ඒ මහතාගේ බැංකුවේ ඇති අලුත් ගිණුම් අංකය මෙසේය.040035325749101 සෙලාන් බැංකුව ශාඛාව සරික්කාරිමුල්ල
කලින් සඳහන් කර තිබූ 040006882670_ /101. සෙලාන් බැංකුව ශාඛාව සරික්කාරිමුල්ල ගිණුම වසර 10 ක් අක්‍රියව පැවති නිසා බැංකුවෙන් අවලංගු කර ඇති බව කරුණාවෙන් සලකන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීලරයක් පැදවීමට පුළුවන් නම් මට පුළුවන් මේ පියාට රැකියාවක් දෙන්න.(දිල්)
මේ වගේ අයට පිහිට විය යුතුයි.ඒක ලොකු පිනක්.(හේ)
හැකි උපරිම මුදලක් ඉහත ගිණුමට දාන්න.මේ දරුවන් වෙනුවෙන්.(හේ)
මේ පවුලට උදව් කරන්න ඉදිරිපත්වෙන ඔබ සැමටම ගරුකරනවා! මේ මහත්මයාට රැකියාවක් සොයාදෙන්න පුලුවන්නම් හුඟක් වටිනවා (නි)
මගේ දුප්පත් පඩියෙන් අසරණ දරු පවුලකට මේ මාසේ මුදල් යැවූ නිසා අනිවාර්යයෙන් ලබන වැටුපෙන් උදවු යවමි. (නි)
අවංකව ජාතිබේද නොසළකා ප්‍රතිචාර දැක්වූ අය උදවු නොකළත් ඔවුන්ගේ ඒ වචන ටිකම ඇති (නි)
දුප්පත් කමට නැති බැරි කමට ජාති බේද ආගම් බේද නැත.(හේ)
මසුරන් ප්‍රතිචාර මිතුරනේ! (නි)
බුද්ධිකගේ අදහස හරි.(හේ)
අසරණ දරුවෝ ගැන හිතලා මේ අහිංසකයන්ට උදවු කරමු..(හේ)
සමෘද්ධි ඇමතිතුමනි, මොවුන්ට උදව් කරන්න. රෝසි මහත්මියනි, මේ දියණිවරුන්ට උදව් කරන්න. (නි)
ලංකාවේ මෙවැනි දුප්පත් පවුල් බොහොමයක් ඇත. මුදල් විශාල ලෙස උපයන ප්‍රජාවක්ද ඇත. ඒ අයට, මේ මිනිසුන්ට උපකාර කිරීමට සිත් පහළවේවා! (නි)
මමත් ඉතා අසරණ තත්වයේ හිටියත් දුගී දුප්පත්කමින් පෙළෙන මෙම පවුලට රුපියල් තුන්සීයක් පරිත්‍යාග කරමි. ඒ වගේම මෙහි අවංකව අදහස් ප්‍රකාශ කරන අනෙක් සහෝදරයන්ගෙන් මා ඉතා බැගෑපත්ව ඉල්ලන්නේ තමාට හැකි මුදලක් මේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කරනමෙනි (නි)
බුද්ධිකගේ අදහස හරි. ධම්ම,මම ඔබට ගරුකරමි. පුලුවන් නම් මොහුව සොයා උදවු කරන්න මට හිතෙනවා. ඒක විශාල පිටුවහලක් වේවි (නි)
මෙතන ජාති ආගම් බේදයක් නැත. අපි හැමෝම මිනිස්සු (නි)
එකවරක් හෝ දෙවරක් සල්ලි දීලා උදව් කළහැකියි. නමුත් හොඳ රැකියාවක් සොයා දුන්නොත් මේ සහෝදරයාට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නට හැකියාවක් ලැබේවි. අපේ අනිත් සහෝදරන්ගේ අදහස් වලට මම බොහෝ ගරුකරනවා. (නි)
ගොඩාක් දුක හිතුන...පුළුවන් විදියට උපකාර කරමු...අසරණ පවුලක්..ගොඩාක් හොද මුස්ලිම් මිනිස්සු අපේ රටේ ඉන්නවා....ජාති බෙදා අවුස්සන මුස්ලිම් අන්තවාදී දේශපාලකයන්ගෙන් රට බෙර ගන්න පුළුවන් අපේ මුස්ලිම් සහෝදරයන්ටම විතරයි.බලන්න අපේ සිංහල මිනිස්සු කොච්චර පරිත්‍යාග ශීලීද කියල....දාපු ප්‍රතිචාර වලින්ම පේනවා.....(අ)