
(බී.ජී.චතුරංග)
වයස අවුරුදු 13 ක බාල වයස්කාර පිරිමි දරුවකුට අයුතු අවහිරයක් හා අපහරණයක් සිදු කර පහරදී, ළිඳක් උඩට උස්සා ගෙන ගොස් ලිඳ තුළට අතාරින බවට බිය කළ මවක සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පණ්ඩුකාභයපුර, මහවැව, පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මවක් සහ 16 හැවිරිදි ඇගේ පුත්‍රයා බව පොලීසිය කියයි.
තම ලොකු තාත්තාගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියදී, නිවස අසල පදිංචි සැකකාරිය සහ සැකකරු, තම නිවස ආසන්නයේ ඇති වත්තකට තමා බලහත්කාරයෙන් ඇද ගෙන ගොස් පිටට, මුහුණට හා කනට තදින් පහරදී උස්සා ගෙන ළිඳක් උඩට රැගෙන ගොස්, ඒ තුලට අත හරින බවට පවසා ඇති බව, එම දරුවාගේ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
මීට මාස හතරකට පෙර අදාළ සිසුවා සැකකරුට යතුරු පැදි සයිලන්සරයකට සවි කරන උපාංගයක් (බීට් එකක්) ලබාදී එය නැවත කිහිප වරක් ඉල්ලා සිටීම, මෙම පහරදීමට මුල් වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පලගෙ වැඩ පුතාල , තමන්ගෙ වැඩ නොකර, සයිලන්සර් බීට් තමයි අඩු.
තම ලමයව හිරේට දක්කන අම්මා
මෝඩකම... අපේ රටේ අවාසනාව, දැන් අපි පිළිගන්න ඕනේ අපි තමයි... ලෝකෙන්ම මෝඩ, පණ්ඩිත, ළිං මැඩියෝ... ඒකයි අපේ රට වැටුණේ...