කොටදෙණියාවේ තුන්හැවිරිදි පිරිමි දරුවකු අතරුදන්ව ඇතැයි සිකුරාදා සවස විශාල කලබලයක් ඇතිවිය. දරුවා නැතැයි නිවැසියන් විසින් ව්‍යාපාරිකයකු විසින් පොලිසියට දැනුම් දිමත් සමග ගැමියන් සහ පොලිසිය එක්ව පැය දෙකකට වැඩි කාලයක් දරුවා සෙවිමට මහත් වෙහෙසක් ගන්නා ලදී. ප්‍රදේශය පුරා ඇති පාළු ස්ථාන, ලැගුම්හල් සහ සැකකටයුතු ස්ථාන රැසක් පරීක්ෂා කළ ද කිසිදු හෝඩුවාවක් නොවූයෙන් යළි නිවස ඇතුළත පරීක්ෂා කිරීමේ දී කාමරයක දැමූ කිළිටි රෙදි ගොඩක් යටට වී නිදා සිටි දරුවා පොලිස් නිලධාරියකු සොයා ගත්තේය. මෙහෙයුම එතැණින් අවසන් විය. දරුවන් ගැන දැඩි විමසිල්ලෙන් සිටින්නැයි පොලිසිය නිවැසියන්ට දැඩි සේ අවවාද කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් සැළකිලිමත් වෙන්න ඕනෑ. අවුරුදු 3 ළමයෙක් නැති වෙනතුරු දෙමාපියන් මොනවා කළාද? මටත් ඔය වයසෙ දරුවෙක් ඉන්න නිසයි හිතාගන්න බැරි. ඉතාම ආරක්ෂාකාරී වටපිටාවක ඉන්නවා වුණත් දෘෂ්ඨි මානයෙන් පිටත්ට දරුවා නොයන්න වගබලා ගන්න. (නි)
හොඳ වෙලාවට හමුවුණේ. නැත්නම් තව කීදෙනෙකුට කරදර වෙන්න වෙනවද? (නි)
දෙමවුපියන් පොලිසියට යන්නට පෙර ගේ ඇතුළේ හොඳින් බලන පුරුද්දක් නැද්ද? ළමයෙක් ගේ ඇතුළේ හැංගුනත් දැන් පොලිසියෙන්ද හොයන්න ඕනෑ? පුදුම දෙමවුපියෝ. අන්තිමට පොලිසියට බනිනවා. පස්සේ සමහරු පොලිසියෙන් වන්දි ඉල්ල ඉල්ලා උඩ පනිනවා. (නි)
දැන් කාලයේ අම්මලාට ළමයෙකු බලාගැනීම ලොකු ප්‍රශ්නයක්. අම්මා රූපවාහිනිය ඉස්සරහා. නැත්නම් රූපලාවන්‍ය වැඩ ! (නි)
කවුරුහරි මිනිහෙක් අල්ලලා එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)
කාන්ති,අතුල,නුවන්,ප්‍රදීප්, ඔබ හරි. මේ රටේ ඇති රූපවාහිණී නාලිකා විසින් ඉන්දියාවේ පිළිකනු වලින් රැගෙන එන රූපවාහිනී නාට්‍ය පෙන්වා ගෙවල් වල ඉන්න ගැහැණුන්ගේ ඔලු අවුල් කරවා සිටිනකොට, එහෙම නැත්නම් එෆ්.බී.වැනි සමාජ වෙබ් අඩවියකට ගොස් හෝ ජංගම දුරකථන සල්ලාපයක,ඕපාදුපයක යෙදීසිටියාම, තම වගකීම් බාරයේ ඉන්න අත දරුවන්, නොදරුවන් ගැන කොහේ බලන්නද? (නි)
රටේ තිබෙන රැල්ල නිසා මිනිස්සුන් බයවෙනවා. (නි)
අපේ ගෙවල් ළඟත් ඔය වගේ දෙයක් වුණා. පෙර දවසක උදේ ඉඳලා හොයපු දරුවා හවස 6 ට විතර දොර මුල්ලේ ඉන්නවා දැක්කා (නි)
මට නම් හිතෙන්නේ මේ පැත්තේ දෙමව්පියෝ ගැන වෙනම පරීක්ෂණයක් කරන්න වෙයි, තමන්ගේ දරුවන් බලාගන්නා ආකාරය කොහොමද කියලා (නි)