වරකාපොල මහේස්ත්‍රාත් ජේ මොරවක මහතා ඉදිරියේදී සඳුදා (26) නඩත්තු නඩු පනහකට අධික ප්‍රමාණයක් විභාගයට ගැනිණි. මෑත කාලීනව මෙම අධිකරණයේදී එකම දිනකදී මෙතරම් විශාල නඩත්තු නඩු ප්‍රමාණයක් විභාගයට ගැණුනු ප්‍රථම අවස්ථාව මෙය විය.
මෙහි විශේෂත්වය වූයේ මෙම නඩුවලින් විශාල ප්‍රමාණයක් තරුණ විවාහක ජීවිත දෙදරා යාම නිසා ඉදිරිපත් වූ නඩු වීමයි.
ඇතැම් බිරින්දෑවරුන් නඩත්තු මුදල් ලබා ගැනීමට පැමිණ සිටියේ මාසික වේතනයක් ලබා ගැනීමට එන අයුරිනි.
එමෙන්ම නෙතට කඳුලක් උපදවන දසුන වූයේ කුඩු දරුවන් සිය මව්වරුන්ට නොපෙනෙන ලෙස පියවරුන් දෙස බලා ආදරයෙන් සිනාසෙන ආකාරයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සංවේදී දුක්බර කතාවක්...මෙවැනි දෙමාපියන්ට යලි විවාහ වීමට ඇති ශුදවූ අයිතියත් , කොටින්ම ලිංගිකව හැසිරීමේ අඉතියත් නැති කල යුතුයි . බලන්න ලංකික දරුවන් යුරෝපීයන් ළඟ මොන තරම් සතුටින් ඒවගේම තම අහිමි ළමා දිවිය ගැන දුකකින් කතා කරනවද කියල (BBC- සිංහල) (දී)
නදුන් පිරිපුන් - හරියටම කිව්වා (නි)
දෙමුපියෝ වෙන් උනාට දරුවන්ට තාත්ත එක්ක කතා බහ කරන්න නීතියෙන් අවසර දෙනවා, අම්මල තමයි විරසක කම් කරන්නේ, එකෙන් දරුවෝ මානසිකව වැටෙනවා, ඕව හරි පව් දරුවන්ට තමුන්ගේ පියාවආශ්‍රය කරන්න දෙන්න, දරුවෝ අසරනයි
මෙය සියලූම මවු වරුනට හා පියවරුනට අගනා පාඞමකි ගැහැනියක් හෝ පිරිමියකු තම දරැවන් හරදමා අන් අය සමග යන්නේ බොහෝ දුරට ලිංගික සතුට මුල් කරගෙනය ඒසේ නොවන අවස්තාද ඇත එහෙත් එ දරුවාට සැමදා එම පියා පියාමයි මව මවමයි එය කියාදුන් මහගු අවස්ථාවකි මේ !!!!!!!(දී)
දරු සෙනහස දන්නේ නැති දෙමව්පියෝ මේ රටේ කොච්චර ඉන්නවද? මේක හරිම සංවේදී පුවතක්. (ස)
දෙමාපියන්ගේ වැරදි තීරණ නිසා කොතෙක් නම් දරුවෝ අද අසරණ වෙනවද (නි)
පවුල් ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ ,වැරැද්ද කාගේ උනත් කොතැනක උනත් පුංචි අසරණ ළමඊ දුක් විදිනවා. පියෙකුගේ සහ දරුවෙකුගේ බැදීම වෙන් කරන්න ලේසි නැහැ (දී)
මාර දරුවෝ නේ (දී)
දෙමුපියන් වෙන් වෙනවා කියන්නේ, දරුවන්ගේ අනාගතය......... හරිම සංවේදී පුවතක්. (දී)
ලද දෙඉන් සතුටු වන්නට හැකි නම් මේ ප්‍රශ්නය මේ තරමින් උග්‍ර නොවනු ඇත. හුඟක් සැමියන්ට තමන්ගේ ගෙතුළ සිටිනා තම දයාබර බිරින්දෑට වඩා නොපෙනෙන දහසක් වූ ගුණින් යුත් යාබද නිවසේ ස්ත්‍රිය තරම් කෙනෙකු මෙලොව නැත. අඩ දබර හටගන්නේ මෙතැනිනි. නඩත්තු ඉල්ලා උසාවි යාමට අවශ්‍යය නැත. අද එවැනි තත්වයක් ගැහැණියට උද්ගතවී ඇත්තේ සැමියන් වැඩි දෙනා පවුල් ආරවුලේදී තම දරුවන් සහමුලින් අමතක කර දැමීමයි. කෙසේ හෝ මෙයින් කර ඇර යාමට ඔවුන් යත්න දරයි. මේ තත්වය ඉතා ඛේදජනකයි. ඊටත් වඩා දුක්බර වන්නේ මේ බව නොදැන අහිංසක දරුවන් තවමත් පියා දෙස ආදරයෙන් බලා සිනාසීමයි. (ශ්‍රී ලංකා පවතින නීතිය යටතේ මවුපියන් වෙන්වුවත් දරුවන් බැලීමට හා අවශ්‍ය තාවයන් සැපීමට දෙපාර්ශවයටම අවසර ඇත.) (නි)
නිර්මාල්ට දරුවෝ සිය පියා සමග හිනාවෙන එකත් මාර දෙයක් . මේ වගේ ප්‍රශ්න වලදී අසරණ වෙන්නේ අහිංසක දරුවෝ බව කවුරුත් තේරුම් ගත්තොත් හොදයි (දී)
මෙහි යමක් මට තේරෙන්නේ නැහැ. (නි)
නිර්මාල් කියන්නේ පියෙක් සහ දරුවෙක් අතර තිබෙන සෙනෙහස නොදන්නා කෙනෙක් (නි)
තාත්තා මොකද එහෙනම් නඩත්තු ගෙවන්නේ නැත්තේ? ඒකනේ උසාවියට එන්න වුණේ. දරුවා නම් හරිම පව්. (නි)
එකට ඉන්න බැරි නම් බදින්නේ මොකටද? (නි)
මගේ සහෝදරයාගේ දුලා දෙන්නටත් මේ තත්වයම තමයි. මගේ සහෝදරයා ගොඩක් ඉවසුවා.අවසානෙදි මගේ සහෝදරයා දික්කසාද වුනා.දැන් දරුවෝ 15, 12 වයසේ.එයාලව අධිකරණයෙන් පෙන්නන්න කියලා තිබුණත් දරුවන්ව තාත්තා ලගට එවන්නේ නැහැ.අඩුපාඩු වලට විතරක් දරුවෝ කතා කරනවා ඒවා ඉල්ලන්න.දරුවෝ හිතන්නේ තාත්තා වැරදියි කියලා. දෙපැත්තකින් දරුවෝ මානසිකව තැලෙන නිසා මගේ සහෝදරයා ඒවා ගැන දරුවන් එක්ක හරි වැරැද්දවත් කතා කරන්නේ නැහැ. දරුවන්ව තාත්තලාගෙන් වෙන් කරන්න හොද නැහැ.ලංකාවේ තාත්තලා ගැන හරිම කණගාටුයි (නි)
තරුණ අයගේ අසහනය වැඩියි. කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අනිත් එක කව්රුත් පරාද වෙන්න ඒක නිසා මේ දික්කසාදවීම් වැඩියි. පව් අහිංසක දරුවෝ (නි)
ලංකාවේ අපි අනාගෙන ඉවරයි.සමහරු ලංකාවේ සංස්කෘතිය අතහැර වේගයෙන් බටහිරකරණය වෙන්නට ගිහින් දරුවන්ට සොසේජස්,මීට් බෝල්ස් ගිල්ලවමින් දරුවන් අනාගත ලෙඩුන් කර අවසන්.උසස් පාසල් හොයමින් නගරයට ඇදෙමින් ගමේ තිබුන සහෝදර,නෑදෑ සම්බන්ධකම් සියල්ල අතහැර දමා ඇත.රූපවාහිනී තිර මත දිගහැරෙන කුණුහරුප ටෙලි නාටක ආදර්ශයට ගනිමින් ලිංගිකත්වය පමණක් සොයා දුවමින් නිල් චිත්‍රපට අත්හදා බලමින් දුවන මේ රට මහා විනාශයක දොරටුව ළග බව නොවැටහීම කරුමයකි. (නි)
ධර්මය හදාරන්න, ධර්මයේ හැසිරෙන්න, ඉන් ලැබෙන නිරවුල් මනසින් ලෝකය දෙස බලන්න, මෙවන් පුද්ගලයන් කවදාවත් මෙම පාපකාරී අවස්ථාවන්ට ගොදුරු නොවනු ඇත. (නි)
පවුල් ජීවිතේ අපි හිතන තරම් සාර්ථක වෙන්නේ නැති අවස්ථා අනන්තවත් තියෙනවා.මටත් පුංචි දුවෙක් ඉන්නවා. මාත් ගොඩක් ඉවසන්නේ දුව නිසා. නැත්නම් අන්තිමේට අපේ වැරදි නිසා අර අහිංසකිට දුක් විදින්න වෙන්නේ. (නි)
කවුද ඒ දරුවන්? (නි)
විශ්වාස කරන්න, අන්තිම වාක්‍යයට මගේ ඇස් දෙකට කදුළු ආවා. මට මතක් වුනේ මගේ දුව. ප්‍රශ්න නැති ජිවිතයක් කොහෙවත් නැහැ, දෙමව්පියෝ වුනාම දැනගන්න ඕනෑ කැපකිරීම් කරන්න, දැන් දික්කසාද කියන එක විලාසිතාවක් වෙලා (නි)
මේ සිද්ධියට ගොඩක් හේතුව වෙලා තියෙන්නේ අඩු වයසෙන් විවාහ කරගැනීම. අන්තිමට මේවගෙන් දුක් විදින්නේ අර අසරණ දරුවෝ. (නි)
ප්‍රමිතියකට නැති ටෙලි නාටක උදාකර දෙන විපත්. (නි)
නැවත කියන්න වෙන්නේ මේ සියල්ලටත් හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය.කොතරම් ඉහළට ඉගෙන ගත්තත් පවුලක් නඩත්තු කරන්න එයාලා ඉගනගෙන නැහැ.දුප්පත් පොහොසත් බේදයකින් තොරව දික්කසාද වෙන්නේ එනිසයි. තෙවන පන්තියේ සිටම ළමයව දක්කනවා අමතර පන්තියට. තමන්ගේ දෙමාපියන් පවුල කළමනාකරනය අයුරු ඔවුන් දකින්නේ නැහැ.එය පාසලෙන් ඉගෙනගන්න බැහැ. මා මම ගැනම කිවුවොත් මා සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ පියා සාමාන්‍ය ලිපිකරුවෙක්.මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. අපිට වත්තේ පිටියේ ආදායම් තිබුනෙත් නැහැ.මගේ තාත්තා ඉදලා හිටලා අඩියකුත් ගහනවා. එයාට අම්මගෙන් තමයි රුපියල් දෙකක් ඉල්ලන්නේ. හොද චිත්‍රපටයක් ආවොත් පවුලේ පස්දෙනාම ගිහින් එයත් බලනවා. වසරකට දෙවරක් වන්දනාවෙත් යනවා. ඒ කරලා නංගිලා දෙන්නා විවාහ වෙද්දී හොද දායාදයකුත් දුන්නා. අපේ අම්මා ඒ සියල්ල කරපු හැටි අපි දැක්කා. අවශ්‍යය තැනට වියදම් කළ අයුරු හා අනවශ්‍ය වියදම් බැහැර කළ අයුරු අපි හොදින් දැක්කා. එසේ නොවනන එයත් වෙන් වූ පවුලක් (නි)
90% දික්කසාද වෙන්නේ දෙමව්පියන්ගේ වැරදි නිසා. (දැන් ගොඩක් දෙමව්පියන් බලන්නේ පොඩි පොඩි ප්‍රශ්න වලට වුනත් දික්කසාද වෙන්න) (නි)
විවාහය කියන්නේ අන්නෝන්‍ය බැදීමක්. ඒ බැදීම නිසා ඉපදෙන දරුවන්ට දෙමාපිය සෙනෙහස අනිවාර්යෙන්ම ලැබිය යුතුය. පටු අදහස් ආත්මාර්කාමී අදහස් සැකය වගේ දේවල් නිසා පවුල් සංස්ථාව බිඳවැටීමෙන් දුක් විදින්නේ අහිංසක දරුවන්.(නදී)
සමස්ත සමාජය පුරාම ඔඩුදුවමින් පවතින ප්‍රශ්නයක් මේක (නි)
එකට ඉන්න බැරි නම් බැදලා තියෙන්නේ ඇයි? (නි)
නිර්මල ඔයා නම් මාර"අ"යෙක් තමයි. ඒ දරුවෝ නම් සුන්දරයි. (ස)
මම ඉන්නේ කැනඩාවේ. මෙහෙත් විවාහක අය නිතරම වෙන්වෙනවා. දෙන්නා තවදුරටත් එකට ඉන්න බැරි වුණාම. එහෙත් දරුවන් අම්මා තාත්ො දෙන්නම ළග වරින්වර ගතකරනවා. කතා බහ කරලා තීරණයකට එලබෙනවා දෙන්නම. අපේ අයටත් පුළුවන් දරුවන් ගැන මේ විදියට තීරණ ගන්න. (නි)
වර්තමාන ටෙලි නාට්‍ය කලාව හා එහි රගපාන නළු නිලියනේගේ සැබෑ ජීවිතයේ දික්කසාද රංගනය මේවට බොහෝ සාධක උදාහරණ සපයනවා.ඒවා වර්තමාන තාරුණ්‍ය බොහෝ ඉහලින් ආදර්ශයට ගන්නවා නේද කටා මාමේ..? (නි)
ඇත්තටම ඉතාමත් සංවේදී පුවතක්. දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත මොනතරම් සංවේදීද කියලා තිදරු පියෙක් හැටියට මටත් තේරෙනවා. ආර්ථික ප්‍රශ්න තමා පරිවර්තනය වන්නේ ගොඩක් අවස්ථා වලදී. සමහරු විවාහ වෙන්නේ තමන්ගේ තරමට වඩා ලොකු තැන්වලින්. ඊට පස්සේ ඇගේ වුවමනා පිරිමහන්න ඔහුට හැම දුකක්ම විදින්න සිදුවෙනවා. සියලු උත්සාහයන් අසාර්ථක වූ විට අවසානයේ මේ වගේ තීරණ ගන්න සිදුවෙනවා. කොහොම හරි හැමෝම කියනවා වගේ කිසිවක් නොදන්නා පුංචි දරුවෝ මවු සෙනෙහස පිය සෙනෙහස අහිමි වෙලා කාටත් කියන්නත් නොතේරෙන වයස නිසා මානසිකව වද විදිනවා. අපිටත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා දරුවෝ ගැන හිතලා තමා කාත් කවුරුත් නැති මේ කතරේ තනි වෙලා ඉන්නේ. "ස්කයිප්" එකෙන් විතරක් මුහුණ බලලා හැමදාම සුරතල් කරන්නේ ඔවුන්ගේ හෙට දිනය වෙනුවෙන් හිතලා. අපේ ආශාවන් වලට පයින් ගහලා බිරිඳ හා දරුවන් වෙනුවෙන් කරන මේ කැපවීමත් මට නම් විශාල ආත්ම තෘප්තියක් ලබා දෙනවා. අපේ වගකීම හරි හැටි ඉෂ්ට කිරීමට අපි හැමදාම වග බලා ගත යුතුයි කියන එක තමා මාගේත් අදහස. (නි)
පිටිගල මිලානෝ, ධර්මය හදාරන්න, ධර්මයේ හැසිරෙන්න, ඉන් ලැබෙන නිරවුල් මනසින් ලෝකය දෙස බලන්න.... අද ලංකාවේ ධර්මයේ හැසිරෙන්න ගියොත් හැමදාම හිගා කකා තමා ජීවත් වෙන්න වෙන්නේ. (නි)
මුස්ලිම් නොවන රටවැසියන් සඳහා යුරෝපීයන් හඳුන්වාදුන් සාමාන්‍යය ක්‍රිස්තියානි විවාහ නීතිය යටතේ ලංකාවේ බහුභාර්යා විවාහ කරගැනීම තහනම් නිසා අපි පාරම්පරිකව අනුගමනය කළ ජීවන ක්‍රමය කඩාවැටීම පවුල් අර්බුද වලට මූලික හේතුවයි. ඒ නිසා දුකට පත්වන්නේ දරුවන්. (නි)
දෙමාපියන් අතරේ මොන ප්‍රශ්නය ඇති වුනත් ඒක දරුවන්ට නොපෙන්නා ඉන්න දෙමාපියන් දැනගන්න ඕනෑ.ඒවායින් අසරණ වෙන්නේ දරුවන්. සමහරවිට දරුවෝ නොමග ගිහින් අනාගතය අඳුරේ දාගන්නත් මේවා හේතු වෙනවා, හොඳම දේ පිටිගල මිලානෝ කිව්වා වගේ ධර්මයේ හැසිරෙන්න ,ධර්මය හදාරන්න,ධර්මය තුලින් ලෝකය බලන්න.ඒක තමයි හරි. ඒක තමයි හරි මග.අම්මා තාත්තා එක්ක තරහ වුනාට දරුවෝ තාත්තට ආදරෙයි. මේක හරිම සංවේදී අවස්ථාවක්. මට නම් හරිම දුකයි ඒ දරුවෝ ගැන .. (නි)
දෙමාපියන් මොනවා කලත් අසරණ වෙන්නේ දරුවෝ (දී)
දරුමන් කොච්චර අසරණ වෙනවද? (දී)
මොවුන් තව දුරටත් මව් පියන් නොවෙයි.(නදී)
කාන්තාව කාන්තාවක් විදිහට නොහිඳ පිරිමියෙක් වෙන්න හදන එකෙනුත්, කාන්තාව දරුවන් හරහා ස්වාමියාව නම්මා ගන්න වෑයම් කිරීමත් නිසා දික්කසාද වැඩි වෙයි. (අ)
ෆස්රුල් ගපූර් - කටාර් ඔබේ කොමෙන්ට් එක හරි මට හිතෙන්නේ මගේ කොමෙන්ට් එක ඔබ ලියලා වගේ.(අ).
90% සුමුදු කියන විදිහට දික්කසාද වෙන්නේ දෙමුපියන්ගේ වැරදි නිසාලු එතකොට එතුරු 10% දික්කසදවෙන්නේ ළමයි හින්දද ඇත්තටම සුමුදු ඔය කොහෙන්න්ද හරියටම ඔය සංඛය ලේඛන ගත්තේ .ඔය වැඩ කරන්නේ පෞල් සැලසුම් හා දික්කසාද දෙපර්තුමෙන්තුවේද (අ)
සංස්කෘතියක් සදාචාරයක් මත හැදුන වැඩුන යහපත් පවූල් වල දරුවෝ දික්කසාද වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. තමන්ට අයත් නොවන සංස්කෘතියක් බදා ගත්තහමත් ඔහොම වෙනවා.මනස විකෘති උනහම තමන් කරන්නේ මොකක්ද කියල නිවැරදි නිගමනයකට එන්න අමාරු වෙනවා. අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ. විශේෂයෙන්ම නාගරික සංස්කෘතිය දැන් ලොකු හෝද පාලුවකට හසු වෙලා . මේ තත්වය පිටිසරටත් ටික ටික කාන්දු වේගෙන යන බව තමයි පෙන්නේ. මේ ප්‍රවනතාවය අපේ රටට සුභදායක නැති බව තමයි කියන්න වෙන්නේ. (දී)
දරුවන්ට දෙමාපිය සෙනෙහස අත්‍යවශ්‍යමයි (දී)
හරිම සංවේදී පුවතක් (දී)
සමහර අයට මේවා තේරෙන්නේ නැහැ, උන්ට පවුල් ජීවිතේ වටිනාකම තේරුම්ගන්ඩ ශක්තියක් නැහැ එකයි (දී)
මමත් පියෙකි නුබ වැනි දරුවෙකුගේ, හරිම වේදනා ගෙන දෙන පුවතක්. මමත් ආදරේ වෙනුවෙන් සටන්කර දෙමාපියන් පවා ආදරය වෙනුවෙන් නැති කරගත්තා ඒ අපි දෙන්නගේ ආදර බැදිම හේතුවෙන්. අදටත් ඒ බැදීම විශ්වාසයි. මේකට හේතුව අද සමාජේ දන්නේ නෑ පවුල් ජිවිතයේ වටිනාකම හා ලස්සන සහ වටිනාකම.(නදී)
දික්කසාද වෙන්නේ මිනිහා සහ ගැහැනියයි. දෙමාපිය දෙන්නට කව දාවත් දරුවන්ගේන් දික්කසාද වීය නොහැක.(නදී)
විශ්වාස කරන්න ඇත්තම අන්තිම ටික කියා වනකොට කදුළු එනවා නිකන්ම. ඇත්තටම අද කලේ ඉන්න තරුණ ය හිතන්නේ නැ තමන්ගේ ළමින්ගේ මානසිකත්වය ගැන. බලන්න ඒ ය කොච්චර අසරණ වෙනවද කියල මේ විදිද්යට දික්කසාද වෙන්න ගියාම (අ)
රට යන්නේ කොයි පාරේ?
දරුවන් වෙනුවෙන් දෙමාපියන් කැපවීම ආනිසංස දෙන පුණ්‍ය ක්‍රියාවක් වේවි (දී)
මගේ ඇස් වලට කඳුළු අවා, නිර්මලට තියෙන්නේ පුදුම අමාරුවක්; ඕක හොඳ කල හැක (අ)
දරුවෝ තම ලෝකේ ලොකුම සම්පත.ඊට වඩා දෙයක් දෙමාපියන්ට නැත. මගේ පුතා වෙනුවෙන් මට හැමදේම දරා ගන්න මම උත්සහ ගන්නවා.අපි කා අතරත් වැරදි තියෙනවා. අම්මි අප්පචි පුතා ළඟට වෙලා සතුටින් ඉන්න තරම් තවත් ත්‍යාගයක් දරුවට නැත.බුදු දහම අපි හැමෝමව රකිනවා. (ස)
දැන් ගෑනුන්න්ට ඉවසීම නැහැ. කලබල වැඩියි ඒක නිසා අසරණ වෙන්නේ අසරණ දරුවෝ. ගැණු පිරිමි බදින්නේ නදත්තුබලගෙන (අ)
නඳුන් පිරිපුන් 2013-08-28 16:28:34 පුතෙකුගෙ පලවෙනි වීරයා තාත්තා. දුවෙකුගෙ පලවෙනි ප්‍රේමය තාත්තා. ඔබගේ අදහසට මමත් එකගයි.(නදී)
ෆස්රුල් ගෆූර් -කටාර් !!ඔයාගේ අදහසම තමයි මගෙත් අදහස ! මමත් ගැහැනියක් වුනාට වැලි කතරේ තනිවෙලා මේ දුක් වි විඳින්නේ දරුවන් සමඟ අම්මා, තාත්තා දෙන්නම සිටිය යුතු නිසයි..,මගේ දරු දෙන්න නොසිටියා නම් දික්කසාද ලේබලය මටත් ගහලා ගොඩක් කල් ..., මම කැමතියි හැම ගැහැනියකට කියන්න!!!! ගොඩාක් ඉවසන්න ,දරුවන් නිසා හරි ඉවසලා තමන්ගේ පවුල රැකගන්න මොකද ..?අපි විඳපු දුක් අපේ දරුවන් විඳිය යුතු නැහැ (ඔය මගේ අදහස) හරිද මන්දා. (ස)
ඉතාමත් සංවේදියි.අම්මට හොරේන් දරුවන් තාත්තා දිහා බලලා හිනාවෙනවා කිව්වම හිත වාව ගන්න අමාරුයි. කිසිවක් ලියාගන්නත් බෑ. (ස)
ඇත්තටම
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳින් නුඹේ ලෝකය එලිය උනි,රජ කුමට පුතුනි දිවියේ දුක් ගැහැට වින්දී--- පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී
දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය වගේම මග පෙන්වීමත් අත්‍යවශ්‍යයි. ඒ හින්දා මොන තරම් නොගැලපීම් තිබුණත්, හිත් අමනාපකම් තිබුණත්, ඒවා යටපත්කරගෙන අපි එක පවුලක් හැටියට ඉන්නවා. ඛේධජනකයි. එත් ඒ අපේ ලැබීම වෙන්න ඇති. (අ)
විවාහ නීති වගන්ති වෙනස් කල යුතුයි. විවාහය කටුගාගත්තට නඩත්තු ඉල්ලන්නේ හරියට පිරිමියා සහසුද්දෙන්ම නයකාරයෙක් ගානට (අ)
මවකට මුවා වී නුඹ හට දිවි දුන්නේ--- මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ --- පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ--- අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ (අ)
වෙලාවකට මට හිතෙනවා මේක හරිම පවුකාර ලෝකයක් කියලා (නි)
දරුවන්ගෙ ජිවිතය ඒ අයගෙ දෙමව්පියෝ.ඒක සදාකාලයටම ඒහෙමයි.ඒත් හැම දෙමාපියෙක්ම දරුවෝ තමන්ගෙ ජිවිතය කියලා හිතනවද ? (නි)
බුද්ධ ධර්මයේ එන සිඟාලෝවාද සුත්‍රය සහ පරාභව සුත්‍රය හොඳ සිහියෙන් දෙතුන් විටක් භාව සන්න සමගින් කියවලා බලන්න. ගිහි ජීවිතය සැපවත් සහ අර්ථවත් වේවි. අනිවාර්යයෙන්ම. (අ)
පවුල් ජීවිතය හරිම සුන්දර දෙයක් දෙන්නට දෙන්න හොදින් තේරුම් අරන් ජීවත්උනොත්. එත් ළමයෙක් නැතිවනම් ඒ සුන්දරත්වයෙන් ඇති පලක් නැහැ. (අ)
පුතෙකුගෙ පලවෙනි වීරයා තාත්ති, දුවෙකුගෙ පලවෙනි ප්‍රේමය තාත්ති. (ස)
අද සමාජය කිසිම සාරධර්ම වලට තැනක් දෙන සමාජයක් නොවෙයි. විවාහය කියන්නේ නිකම් ඇදුම් මාරු කරනවා වගේ දෙයක් වෙලා. ඔවුන් බටහිර විලාසිතාවලට ඇබ්බැහිවෙලා. අම්මා කෙනෙකු වෙන්නේ නිකම් විහිලුවට. මේ සෑම සෙල්ලමකින්ම දුක් විඳින්නේ අසරණ දරුවන්. මෙම අයවලුන්ට නිසි දඞුවම් දීලා එහි අඳිනවා උගන්න වෙනවා. නැත්නම් මේ සෑම දෙයකින්ම සමාජය පිරිහෙනවා. (ස)
බැතිබර හැඟුම් හඟවන නුඹගේ මුහුණ...... අත දරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ ........ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස......... නොහැඟෙයි ළඟින් ඉඳ මගේ හිස සිඹින කළ....... (ස)
තාත්ත වුනත් මා බත සරිකරන. අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින. (ස)
ජපානේ දික්කසාද ,සියදිවි නසා ගැනීම් ,අවිවාහක ප්‍රතිශතය ඉතාම ඉහළයි. .පිලිපීනෙ දික්කසාදය තහනම් ඒත් එකේ අනිටු ප්‍රතිඵල එමටයි (ඔවුන් දැන් නීතියෙන් විවාහ නොවී දරුවන් හදනවා )ඊශ්‍රායල් වල 10 බදිනකොට 7 දික්කසාද වෙනවා .සිංගප්පුරුවෙත් එහෙමයි .ඒ අතින් බලනකොට අපේ රට හොඳයි. (වසර 17 විදේශ අත්දැකීමෙන් ලිව්වේ ) (ස)
බිරිඳ දෙමාපියන්ගේ සහ සහෝදරයින්ගේ කීමට කටයුතු කිරිම තුළින් මෙලෙස විවාහ දෙදරා යනවා. නමුත් ඉන් අසරණ වෙන්නේ අහිංසක කුඩා දරුවන්. (නි)
මගේ නෝනත් කටගහගෙන එනවා.දවසක් මම තද වෙලා ඕනෑ මඟුලක් කියලා ගියා.මගේ දුව අවුරුදු 5 ක් 6 ක් ඇති. කෝල් කරලා අහනවා තාත්ති ඔයා අම්මත් එක්ක තරහට මාව තියලා ගියේ ඇයි පිස්සු නැතිව එන්න කියලා. කෙල්ල ලොකුවෙනකම් ඉඳලා යනවා කියලා කොහොම හරි හිටියා. ඒ අතර තව පොඩි එකෙක් හම්බවුනා.දැන් ඉතින් අපි හතර දෙනා අවුරුදු 12ක් තිස්සේ හොඳින් ඉන්නවා.මේ ප්‍රවෘත්තියේ දරුවෝ ගැනනම් ලොකු දුකක් ඇතිවෙනවා.රණ්ඩු වෙවී ඉන්නවට වැඩිය හොඳම දේ නම් වෙන්වෙන එක.දරුවෝ ඉස්සරහා රණ්ඩු වෙන එක දරුවන්ටත් හොඳ නැහැ.නමුත් දරුවෝ වෙනුවෙන් ඉවසලා සමාදානයෙන් ප්‍රශ්න විසදගන්නවා නම් කාටත් හොඳයි. (නි)
වතුර වලට වඩා ලේ බැදීම වැඩියි. කිරි එරෙනවා නම් කිරිත් දෙන පියවරු ඉන්නවා. මතු බුදු වන පියවරු ගැන කතා කෙරෙනවා අඩු යි. කෙසේවෙතත් දරුවන්ගේ ලෝකේ වෙනුවෙන් එකට ජිවත් වෙන්න උත්සාහ ගන්න ඕනෑ. (නි)
සංවේදී පුවතක් (දී)
මගේ සියා අපේ ආච්චිව එක්කගෙන ඇවිත් තියෙන්නේ ගෙදරට ගිහින් දෙමාපියන්ගෙන් අහලා"උඹ එනවද මාත් එක්ක යන්න කියලා" අපේ තාත්තා කියනවා ඒ දවස්වල එහෙමලු. හැබැයි කවදාවත් උඹ නොදකින් කියාගෙන නැහැ. රටටම ආඩම්බර දරුවෝ 8 දෙනෙක් හදලා තියෙනවා.මෙහෙම දේවල් ගැන හිතනකොට අපිට වැරදිලා තියෙන්නේ කොතනද කියලා හිතාගන්න බැහැ. (නි)
අතීතයේ අපේ රටේ ලස්සන වීවාහ බැදීමක් තිබුන .වර්තමානයේ සෑම පවුලකම් මුදල් පසුපස හබයාම නිසා පිඩා විදින්නේ පොඩිඋන් බව දන්නේ පුංචි හදවත් පමණයි. (දී)
හරිම දුකයි.ඒත් දැන් ඒක සාමාන්‍යය දෙයක් වෙලා. දරුවෝ මතක් වෙනකොට ඇස්වලට කදුළු එනවා. මට ඒවා බලන්න හරිම අමාරුයි. (ස)