(උපාලි ආනන්ද සහ තිසර සමල්)
එප්පාවල කිරලෝගම, ගැටදිවුල 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔහුට සැගවීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරා ජනවාරි මස 04 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තඹුත්තගෙම මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් ගත කළේ අසේල ප්‍රියන්ත ප්‍රනාන්දු නම් විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට එප්පාවල ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටිමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසේ හිමිකරු වන අමිල සම්පත් කමාර නානායක්කාර නම් 42 හැවිරිදි තිදරු පියෙකි. ෙ
පොලිස් භාරයට පත් වූ පැහැර ගැනීමට ලක් වූ දරුවා අද (24) පස්වරුවේ අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කළ අතර, එහිදී දරුවා තරමක අසනීප තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ 24 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර, දරුවා එහි නේවාසිකව ප්‍රථිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd