තිඹිරිගස්යාය සිරිපා පෙදෙසේ ගෙවත්තකින් දුර්ලභ පක්ෂියෙකු හමු වූ බව පරිසරවේදීහු පවසති. මැලේයානු රෑ කොකා (Malayan Night Heron) නමින් හඳුන්වන මෙම පක්ෂියා ගිණිකොණ දිග ආසියාවේ සිට ලංකාවට සංක්‍රමණය වන සංචාරක පක්ෂියෙකි. විශේෂයෙන් රාත්‍රි කාලයේ දී ක්‍රියාශීලී වන බැවින් රෑ කොකා ලෙස හඳුන්වයි.
කිලෝමීටර දහස් ගණනක් මග ගෙවා පියාසර කිරීමෙන් වෙහෙසට පත් වීම නිසා හෙම්බත් වී සිටි පක්ෂියා ප්‍රතිකාර කිරීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය මගින් රැගෙන යන ලදී. ප්‍රතිකාර කිරීමෙන් පසු කොළඹ ආශ්රිත තෙත් බිමක දී මුදා හරින බව ඔවුහු කියති.
මෙම කාලවකවානුවේ ශ්‍රී ලංකාවට බොහෝ සංචාරක කුරුල්ලන්ගේ පැමිණීම සිදුවන අතර මෙසේ හෙම්බත් වුනු කුරුල්ලන් බේරා ගැනීම පිළිබද අවධානයෙන් සිටින ලෙස ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. හෙම්බත් වුනු අවිච්චියන් කිහිපදෙනකු ද පසුගිය දිනවල වාර්තා වී තිබිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. අනේ ඒ සතාට යන්න දෙන්න. උගේ නිදහස් ජීවිතේ කැලේ පියඹලා ගහක වහලා ගෙඩියක් කඩාගෙන කාලා ජීවත්වෙන ස්වභාවික ජීවිතයයි. අපි ඒ ජීවිතේ වෙනස් කරනවා කියන්නේ ඒ සතාගේ ජීවිතේ පැවැත්ම සදහටම නැති කරනවා කියන එකයි (නි)
පරිසරවේදීන්ට සුභ පැතුම්. (නි)
රූපවති නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ. තක්කු මුක්කු වෙලා, මුලින්ම යමක් සාවධානව සැනසිල්ලේ කියවලා තේරුම් අරගෙන අදහස් දාන්න ඉගෙනගන්න. කොක්කු ගස් වල ගෙඩි කන්නෙත් නැහැ, අනිත් එක ඌව හිරකරගන්න කරන වැඩක් නොවෙයි මේක, බෙහෙත් කරලා තෙත් බිමකට අතහරිනවා කියලා නේද තියෙන්නේ? (නි)
කුරුළු උණත් එන්න පුළුවන් මේ සත්තුත් එක්ක. බලාගෙන. (නි)