විල්පත්තු වනාන්තරයේ උත්තුමඩු ආරු ඔය ආසන්නයේ පිහිටි ඇති අලි ගස හෙවත් බැඔබැබ් ගස ඔයට බිලිවීම වැඩි ඈතක නොවන බව පරිසරවේදීහු පවසති.
වියළි කාලයේ පැවැත්ම සඳහා විශාල වශයෙන් ජලය රැස් කර ගැනිමේ හැකියාව ඇති බැඔබැබ් ගසට ස්වභාව ධර්මයෙන් එම හැකියාව ලබා දී ඇත්තේ ඉඩෝරයට මුහුණ දිම සඳහාය. අලියා ඇතුළු වන සත්තු මේ ගසේ පොත්ත කෑමට බොහෝ කැමැත්තක් දක්වති. මෙම ගස පිහිටි පෙදෙස රක්ෂිතයක් බවට පත් කර ඇත. ගසේ උස මීටර් 7.5 ක් වට ප්‍රමාණය මීටර් 19.51 ක් ද වේ. මෙම ගස බැදීමට අඩු ගණනේ මිනිසුන් දාහතර දෙනෙකුවත් අවශ්‍ය වේ.
කුඹුරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගස දකුණු අප්‍රිකාවේ , මැඩගස්කරය වැනි රට වල විශාල වශයෙන් දක්නට ලැබෙන බවත් වසර 1000 කට වඩා පැරණි මෙය ඉතිහාසයේ වෙළද ගනුදෙනු වලදී මෙම ප්‍රදේශයට පැමිණි විදෙස් වෙළදුන් මෙම ගස රෝපණය කරන්නට ඇතැයි ජනතාව විශ්වාස කරයි.
කඩොලාන ශාක ආසන්නයේ ඇති මෙම ශාඛය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ රැසක් එති. මන්නාරම් නගරයේ ද බැඔබැබ් ගස් ඇත.
විල්පත්තු වනාන්තරයේ ඇති බැඔබැබ් ශාකය
යාපනයේ ඇති බැඔබැබ් ශාකය
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුර්ලභ අලි ගහක් අනතුරේ
ප්‍රදීප් Monday, 01 February 2016 11:16 PM
එක පැත්තක පස් සේදීමෙන් සිදුවන විනාශය වළක්වාගන්නට ලොකු කළුගල් කීපයක් පේළියට, ගහට මීටර් 2ක් පමණ ඈතින් දමා පස් පිරවීමෙන් මෙය ආරක්ෂා කරගත හැකියි. මේ ගමේ මිනිස්සු එකතු වුණොත් මෙය කරගන්න පුළුවන් එක දවසෙන්. මුහුදු ඛාදනය තරම් මෙය අමාරු නැහැ, වේගවත් රැල්ලක් නැති නිසා. (නි)
ඇන්ටනී Monday, 01 February 2016 08:13 AM
සියල්ල අනිත්‍ය බව, තාම ඉගෙනගෙන නැති මිනිස්සු. (ම)