ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ ජීවත්වන එමිලා බ්ලැන්ඩ් හය හැවිරිදි පුංචි දැරියකි. ඇයට වයස අවුරුදු දෙකේදී අසමාන මිතුරෙක් හමුවිය. ඒ රිසිය. රිසී උරන්උටං සතෙකි. ඒ මිතුදම පසුකලකදී අඹ යහළුවන්ගේ තත්ත්වය දක්වා වර්ධනය විය.
ඔවුන් එකට විනෝද ගමන් ගියහ. එකට කෑම ගත්හ. එකට තටාකයට බැස විනෝදයෙන් විහිළුතහළුවෙන් ජල ක්‍රීඩාවේ යෙදුනහ.
මේ අවුරුදු හතරක කාල පරාසය තුළ රිසි වේගයෙන් හැදෙන්නට පටන් ගත්තේය. එනිසාම දැන් රිසීට එමිලිගෙන් සමුගැනිමේ කාලය එළඹ ඇත.
සත්ත්ව ආරක්ෂකයන් පවසන්නේ රිසි කලහකාරී නොවුනත් පුංචි එමිලිව ඇසුරු කිරීම ඉදිරියට අවදානම් වියහැකි බවයි.
එමිලි එනිසාම රිසිට පරිගණක කියා දුන්නාය.
ඒ වෙඩ් කැමරා ඔස්සේ දෙදෙනා හමුවීමටය. එමිලිගේ බලාපොරොත්තුව ඉදිරියේදී වෙබ් කැමරාවකින් රිසිව අමුවීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසරේ පතාගෙන ආපු හැටි වෙන්න ඇති නොවෙයි.(නදී)
ලංකා, ඔයාගේ කතාව හරි වෙන්න පුළුවන්. නමුත් ෆ්ලොරිඩා , හවායි, වර්ජින් දූපත් වල වුණා නම් පිළිගන්න තිබුනා. අපේ ගෙදරත් කරපිංචා නම් තියෙනවා. පෝච්චියක දාලා. ශීත කාලේදී එකම කොළයක්වත් නැහැ. (නි)
මේ සතා ප්‍රමාණයෙන් ලොකු වුණත් අනතුරක් කරන්නේ නැහැ. සත්තු ළඟ සමහර මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියෙනවා. හැබැයි සමහර මිනිස්සු මේ දැරිවි ළඟ ඉන්න එක නම් ටිකක් අනතුරුදායක වෙන්න පුළුවන් (නි)
ලංකාදීපෙට හුගක් ස්තුතියි.(නදී)
මිනිසා වානරයාගෙන් පැවත එනවා කියලා කොහෙවත් තාම ඔප්පුකරල නැහැ. පරිණාම වාදය නිකන් පුස්සක් පමනයි. එම මනංකල්පිත වාදය ඇත්තනම් කිසිම මුලික ජීවින් කිසිවෙක් මේවනවිට එම ආකාරයටම ඉන්න විදියක් නැහැ.(නදී)
සමහර විට මීට කලින් ආත්මයක මේ දෙන්නගේ මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඇති. (ස)
අපේ රටේ මිනිසුන්ට අද අවශ්‍යව ඇත්තේ කරුණාව සහ මෛත්‍රියයි. එවිට හදවත්තුළ අනෙකාගේ දුක වේදනාව දැනෙන්න පටන්ගන්නවා. එවිට හදවත්තුළ අද අපි දකින කුරිරු මිනිසුන් පැන දුවනු ඇත.(නදී)
කුමාර්, එතකොට මිනිසා මුවාගේ දෙවියෝද?(නදී)
ඔය ගොල්ල මොනවා කිව්වත් අපි සියලු සතුන්ට මත්‍රී කරනවානම් හැම මනුස්සයෙක්ම හැම සතෙක්ම අපට ආදරය කරනවා. ඒක අපේ බුදු රජාණන් වහන්සේ පෙන්නලා දීල තියෙනවා. (ස)
සතුන්ගේ ලෝම සෞඛ්‍යයට අහිත කරයි නේද? ආරක්ෂාව ගැනත් සිතිය යුතුයි. (ස)
ඕක මෙහෙ වුනානන් ඕක ටීවී එකේ පෙන්නලා, ඕකව බලන්ඩ ලංකාවේ බාගයක්ම ගිහිල්ලා, ඕකට පිස්සු හද්දනවා. (නදී)
සමන් සහ පද්මිණි කියන දෙය හරියටම හරි..අපේ ගෙවල් බොහොමයක ඉදිරි පැත්ත හරිම ලස්සනයි... එත් කුස්සියට ගියාම නියමයි. අපිරිසිදුකම ගැන කියල වැඩක් නැහැ. හේතුව අපේ අයට උවමනාවක් නැති එක මිසක් වෙන දෙයක් නෙමෙයි.(ස)
කොතරම් සුන්දරද, ගහට කොළට සතා සිඋපාවට ආදරය කරන්නා සැබෑම මනුස්සයෙකි.(ස)
ඉගෙන ගන්නවනම් පොඩි දරුවෙක්ගෙන් උනත් අපිට ඉගෙන ගන්න දේවල් ඕන තරම් තියනවා.(නදී)
සතුන්ගේ ලොම් අහිතකරයි කියල ලංකාවේ අපේ සමහර ගෙවල් වල පුසේක්වත් හදන්නේ නැහැ. එවුනට බලන්ට ඕන කුස්සිය පැත්තට ගියාම අපිරිසිදු කම. ඇදන් යට, මේස යට දුවිලි පිරිලා. අධි රුධිර පීඩනය තියෙන අයට ගෙදර පුසෙක්, බල්ලෙක් ,ඉන්න එක සුවයක් බව ඔබ නොදන්නේද?(ස)
මිනිසා වානරයාගෙන් පැවත එනවා කියන්නේ. ඉතින් වානරයා සහ මිනිසාට එකට ඉන්න බැරි කමක් නැතුව ඇති. නමුත් දැන් කාලේ මිනිස් ගතිගුණ මේ වානරයන්ට ලැබෙන්න එපා කියා පතමි (නි)
කොච්චර ලස්සන බැදීමක්ද? පුදුම හුරතල් අහිංසකම අහිංසක ආදරයක් නොවැ මේ තියෙන්නේ. ලංකාදීපෙට හුගක් ස්තුතියි මෙවැනි දුර්ලභ හිත නිවෙන පුවත් පලකිරීම උදෙසා. (නි)
එමිල සහ රිසී දෙදෙනාම ලමා කාලයේ නිසා කමක් නැහැ.ඔරන් ඔටං මිනිසුන්ට වඩා ලෙන්ගතුකමක් ඇති බවත් පෙනෙනවා.මම දන්නා තරමින් ඔය සතා ටිකක් මනමාලකමටත් බරයි. (නි)
පද්මිණී හරියටම හරි. අපේ අති මහත් බහුතර ගෙවල් වල කුස්සි නිකන් අපාය වගේ. මගේ නෑදැයෝ,යාළුවොන්ගේ ගෙවල්වල සේරම වගේ මේ ප්‍රශ්නේ තියෙනවා. මන් හිතන්නේ අපිට පිරිසිදු කම කියන එක ඇඟේ නැහැ. අනිත් එක ගදත් ගහනවා.(නදී)
තිරිසනුන්ට වුණත් සංවේදී හදවත් තියෙනවා සමහර මිනිසුන් ලග නැති (නි)
අනේ මටත් මේ වගේ යාලුවෙක් හොයාගන්න පුලුවන් නම්... වයසට ගියාම උදව්වට වගේ. (නි)
පේනවනේ ඇමරිකාවේ සත්තුන්ට වුණත් තියෙන නිදහස... (නි)
සත්‍ය කතාවක් නම් ,අපුරු මිතු දමක ශ්‍රේෂ්ට පින්තුර සටහන්. මෙලොව මනුෂ්‍ය සංහතියටම අපුරු ආදර්ශයක්. විශේෂයෙන් ශ්‍රී ලාංකික අපට. ලංකාදීප පුවත් පතට ගොඩක් තුති, මේ වගේ ෆොටෝ අපට ලබා දුන්නාට (නි)
සහෝදරයෙක් ගානට එකට ඉඳලා අයින් කරපු ගමන් ප්‍රචණ්ඩකාරී වෙන්න පුළුවන්. නැත්නම් වෙන්වීමේ ශෝකය දරාගන්න බැරුව ලෙඩ වෙන්නත් පුළුවන් නේද ? පවු අහිංසක සතා (නි)
මැද පෙරදිග ඔවුන් දියුණු වෙලා තියෙන හින්දා නේන්නම් මෙහෙන් ශ්‍රමිකයෝ එහෙ වැඩට යන්නේ. ඒ වගේම එහෙ ආගමක් තියන හින්දා තමයි මෙහෙමවත් හොඳින් ඉන්නේ (නි)
මේ පින්තුර නම් ඇමෙරිකාවේ වෙන්න බැහැ. හොඳට පීදුණු කුඹුරකනේ දෙන්නා ඉන්නේ. කුඹුරට පස්සෙන් හොඳ පොල් වගාවකුත් පේනවා. (නි)
අපේ මෝඩයෝ දන්නේ නැහැ ඇමෙරිකාවේ ලංකාව වගේ තැන ගොඩක් තියෙනවා කියලා. කරපිංචා, පොල්, පැල වර්ග ඔක්කොම තියෙනවා. (නි)
රණවීර, එහෙනම් දෙහිවල සත්තු වත්තේ සිංහයෙක්ගේ කූඩුව ඇතුලට ගිහිල්ලා, දොර වහලා මෛත්‍රී භාවනා කරලා පෙන්නන්න පුලුවන්ද? මේක තමයි මේ රටේ අති මහත් බහුතරයගේ ප්‍රශ්නේ. හැමදේටම ආගම ගාවගන්නවා. ආගම තියෙන තැන "දියුණුව" නැහැ. දැන් බලන්න මැද පෙරදිග. තෙල් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මොකද ආගමක් ඉස්සරහට දාගෙන නිසා, "දියුණු" වෙන්ඩ බැහැ. (නි)