පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරිය දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දෙවැනි හදවත් සැත්කමටද සාර්ථකව මුහුණ දී මේ වනවිට සුවය ලබා ඇතැයි ඇගේ පියා වන එච්.ජී. නාලක සොයිසා මහතා පවසයි.
ලංකාදිප කාර්යාලයට පැමිණ පරිත්‍යාශීලිනට පිං දෙමින් ඔහු පැවසුවේ චෙන්නායි රෝහලේ සැත්කම සඳහා උදව් කළ සියලු දෙනාටම ස්තූතිය පළ කරන බවයි. lankadeepa.lk වෙබ් අඩවිය,ලංකාදීප පුවත්පත, අද සහ ඩේලිමීරර් පාඨකයන්ගෙන් රුපියල් හත් ලක්ෂයක් ලැබුණු බව ද ඔහු කියයි.
එංගලන්තයේ පදිංචි ලංකාදීප වෙබ් අඩවියේ පාඨක රූපවතී මහත්මිය රුපියල් ලක්ෂ තුන හමාරක ආධාර කළ බවත් පෞද්ගලිකවම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා උදව් කළ බවත් සොයිසා මහතා සඳහන් කරයි. ඇගේ දෙමාපියන්ට පිං පිණිස එම උපකාරය කර ඇතැයිද ඔහු කියයි.
නාලක සොයිසා මහතා (දැරියගේ පියා)
රූපවතී මහත්මිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්කාර්යට අත හිත දුන් සියලු දෙනාහට එම පින අනුමෝදන් වෙත්වා. (බ)
කතෘ මණ්ඩලේ සැමට පින් අසරණ දරු පැටියකුට උදව් කරන්න මට අවස්ථාව ලබා දුන්නාට..! ඒ පුණ්‍ය කර්මයේ පින් මා මෙලොවට දායාද කළ මගේ දෙමාපියන්ට අත්වේවා .!!!..ඒ වගේම ඒදරුවට උදව් කළ අපේ දයාබර සියලුම පාඨක මහත්ම මහත්මියන්ට ගොඩාක් පින් ඔබ සැවොම නිරෝගී වේවා ..!!! (බ)
රුපවති මහත්මිය ඔබටත් ඔබගේ දෙමාපියන්ටත් මේ කරගත්තාවු පින උතුම්වූ නිවන් දකින්න හේතු වේවා (බ)
ලංකාදීප පාඨක රූපවතී මහත්මිය ලස්සන කාන්තාවක් නොවැ (නි)
රූපවතී මහත්මියට අනේක ආත්මයක් පාසා පින්, ඒ වගේම ලංකාදීප කාර්ය මණ්ඩලයටත් බොහොමෝ පින් අපිටත් සුළුවෙන් හරි මේ සත්කාරයට දායක වෙන්න අවස්ථාව ලබාදුන්නට. (බ)
රුපවති මහත්මිය වගේ අය වාසනාවන් . පින් සිද්ද වෙනවා (බ)
රුපවති නෝනාට ගොඩක් පින්.... අපිත් ටික ටික සම්මාදන් වෙලා නිසා පින් ටිකක් ලැබේවි. රූපවතී නෝනා තරුණ කාලේ පින්තුරයක් වගේ.....මමත් මම ඉන්න රටේ මා සම්බන්ධවී ඉන්න සංගමයක් දැනුවත් කළා.එ්ත් ඒ අය මේ වගේ සිල්ලර වැඩ බාර ගන්නේ නෑ වගේ... මම ඉතින් තනියම සම්බන්ධ වෙලා ඒ අයටත් පින් දුන්න....කොහොම හරි දරුවා නිදුකින් නම් එච්චරයි. (බ)
ලංකාදීප ආයතනය මේ කළේ ලොකු පිනක්. මෙම ආයතනය ලාබය පමණක් නොවේ, මෙවැනි අසරණ අයට කරන මෙවැනි කටයුතු ඉතා අගය කළ යුතුයි. (බ)
රූපවතී මහත්මිය ඔබ උතුම් කාන්තාවක්... සල්ලි පොදි ගහගෙන මසුරු කමින් කපටි කමින් ජීවත් වෙන බොහොමයක් දෙනා ඉන්න රටක ඔබ තුමිය ඇතුළු අනෙකුත් ලංකාදීප පාඨකයන් දී ඇති ආදර්ශය ඉතා වටිනවා... අසරණ දරුවා සුවෙන් ඉන්නවා දැක්කම අපිටත් ගොඩක් සතුටුයි... රූපවතී මහත්මිය ඇතුළු හැමෝටම මගේ අවංක ආචාරය... ජයෙන් ජය ඔබ හැමට...!!! (ර)
රුපවති මහත්මියනි ඔබ වැනි අය අපේ රටට ආඩම්බරයකි. ඔබගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා.! (ර)
රූපවති රත්නායක... අපේ පැරණි මිතුරිය. අක්කේ, ඔබට ගොඩක් පින්! හැකිනම් ස්කයිප් ඔස්සේ මා අමතන්න (නි)
රූපා, ඔයාගේ අදහස් එසැණ තීරුවෙන් දැනගෙන සිටියත් ඔයාගේ හදවත වගේම ඔයත් ගොඩක් ලස්සනයි කියලා අදනේ දුටුවේ. ඔයාගේ උතුම් කටයුත්ත වෙනුවෙන් ලංකාදීප පාඨකයෙක් වශයෙන් මමත් ගරු කරනවා. (නි)
අබේරත්න මහත්තයා, මගේ උදව්වට වඩා ඔයාලගේ සම්මාදම් මුදල තමයි ගොඩාක්ම ඉවහල් උනේ .. ශක්තියක් උනේ ..? ඉතින් මම ඒ දෙදෙමපියන්ට පවුද්ගලිකවත් උදව් කළා ..? අපි ලොකුවට කලත් සුළුවෙන් කලත් පින පිනමයි අනික අපිට වඩා සේවයක් කරනවා අපේ ලංකාදීපය අසරණයෝ හොයාගෙන ගිහින් ඒකත් අගයකල යුතුයි..? (ර)
රූපවතී මහත්මිය, තමන් හැදූවැඩූ දෙමව්පියන් බලු කූඩුවල දමන දරුවන් සිටින කාලයක ඔබතුමිය දෙමව්පියන් වෙනුවෙන් කළ මේ සත්කාරය අගයකොට සළකන අතරම මේ පුංචි දරු පැටවා බේරාගැනීමට දායක වූ සැමටත් ස්තුතිවන්ත වෙමි. එංගලන්තයේ වෙසෙන ඔබ ඇතුළු ඔබේ පවුලට නිදුක් නීරෝගී සුවය පතමි. සුවය ලැබූ චුටි දුවටත් සුබ අනාගතයකට සුබ පතමි. (නි)
ගෙදර අංකයේ එකතුව දහතුන වන තැන්වල අයට හුඟක් කරදර සිදුවන බව මම අසා මෙන්ම දැක තියෙනවා (මම කිවුවේ මට හිතුන දේ) (නි)
ඇයි පිටබැද්දර ජයා නිහඬ.? (ර)
රූපවතී මහත්මියගෙ රූපය වගේම හදවතත් ලස්‌සනයි. ඔබතුමියගේ දෙමාපියන් බුදුන් දැක නිවන් දකිත්වා! (නි)
රුපවති මහත්මිය ඔබතුමියට මේ කළ පින් කම හේතුවෙන් තව තවත් ලැබේවා. (බ)
රූපවති මහත්මිය . ඔබ කර ගෙන තියන්නේ මතු ආත්ම වලට ලොකු පිනක් . ඔබට වගේම ඔබේ දරුවන්ට නිරෝගී සුවය ජාති ජාතිත් ලැබෙනවා මේ පින් බලෙන් ! ඔබට සම්මා සම්බුදු සරණයි ! (ර)
රුපවති මහත්මිය ඇතුළු අනිකුත් උදවු කල සියලුම පින්වතුන්ට මේ කළාවූ වටිනා කාර්යයට ඔවුන් බලාපොරොත්තු වන සියලු දේවල් ඉෂ්ට සිද්ද වේවා . දරුවා සුව වුණ එක අහන්නට ලැබීම සතුටක් . (අ)
ඔයාල හැමොටම ස්තුතියි පහන් සොයුර මගේ ස්කයිප් එකේ ඉන්නවා මම කතා කරන්නම් නිවාඩුවක් ලද සැනින්. ඔයාල අපි මේ පාඨක තීරේ හැමෝම අසරණ මිනිසාගේ දුකට නොපැකිලව පිහිට වෙන රත්තරන් වැනි. හදවත් ඇති මිනිසුන් වග මට තේරුනේ ඔබ සැවොම අනන්තවත් අසරණයින්ට පිහිටවෙන බව මේ පුවත් පත මෙන් මමද දන්නා නිසාවෙනි. ඔබ සියලුදෙනාටම. පින්..නිරෝගිසුව ලැබේවා ..!!! (බ)
රුපවති මහත්මිය ඔබ තුමිය කරපු සත්කාරයට ගොඩක් පින් !(අ)
රූපවති මහත්මිය, ඔබතුමිය කළ සත්කාරයට ගොඩක් පින්! ඔබතුමිය බුදුන් දැක නිවන් දකිත්වා! (නි)