කන් නෑසෙන දැරියකට සැත්කමක් සඳහා දස මාසයක් තිස්සේ ටිකට් පොත් මුද්‍රණය කැර වෑන් රියකින් ගොස් සම්මාදම් කළ සිව් දෙනෙක් මහරගම පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
දැරියගේ පියා පොලිසියට පවසා ඇත්තේ තම දැරිය වෙනුවෙන් සම්මාදම් කිරීමට කිසිවකුටත් කියා නැති බවයි.
එහෙත් ඔහුගේ සමීප නෑයකු සම්මාදමට හවුල් වී ඇති බව පොලීසිය කියයි.වාහනයකින් තැනින් තැන ගොස් සම්මාදම් කළ මේ අය අතර ගැහැණු දෙන්නෙක් ද වුහ.
රුපියල් පනහේ ආධාර පත්‍ර හා රුපියල් 2780 ක්ද ඔවුන් පැමිණි වාහනය ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ රෝගීන් සොයාගෙන ගොස් ආධාර සපයා දීමේ සංවිධාන තියෙනවා. එම කණ්ඩායම්වල වාහන, ශබ්ද විකාශන යන්ත්‍ර සහ ටිකට් විකිණීමට යන ස්ථිර කණ්ඩායමක් ඉන්නවා. මේ ගොල්ලන් කරන්නේ රෝගියාගේ වාර්තා ලිපිගොනුවක් සකස් කරගෙන, රෝගියාගේ ෆොටෝ එකක් යොදා ටිකට් පත් මුද්‍රණය කරවා ගැනීමයි. ටිකට් විකුණන මුදලින් සේවක පඩි, කෑම හා නවාතැන් ගාස්තු, වාහන කුලී,ශබ්ද විකාශන යන්ත්‍රයේ ගාස්තුව මුද්‍රණ ගාස්තුව අඩුකොට ඉතිරි මුදල් වලින් කොටසක් සංවිධායකත් රඳවාගෙන පසුව ඉතිරි මුදල රෝගියාට භාර දීමයි කරන්නේ. . මෙය මම හොඳින්ම දන්නේ මගේ මුද්‍රනාලයකට මෙවැනි හොරු රැලක් පැමිණි නිසයි. මම ඔවුන්ගේ ටිකට් මුද්‍රණය ප්‍රතික්ෂේප කලත් වෙනත් තැනකින් මුද්‍රණය කර ගෙන තිබුනා. මෙම පිරිස ටිකට් මුද්‍රණය කරන්න මුද්‍රණාල 4-5 ක් යොදා ගැනීමත් එක උපක්‍රමයක්. මම කියන කට්ටිය, රණාල,නවගමුව සහ බියගම පැත්තේ පිරිසකුයි. මේගොල්ලන් අම්පාරේ පැත්තේ ගිහින් ගුටිකාලා ඔලු පලාගෙන අතපය වෙලාගෙනත් කාලයක් හිටියා. මම දැක්ක ලඟදි මේ කට්ටිය ආයිමත් වෑන් එකක බැනරයක් සවිකරගෙන ටිකට් විකුනන්න යනවා. මේත් එගොල්ලොද දන්නේ නැහැ. මෙම හොරු නිසා ඇත්ත රෝගියෙකුටවත් පිහිට වෙන්න කවුරුත් මැළි වෙනවා. (නදී)
මේකත් හොද ව්‍යාපාරයක්. මේවා නවත්වන්න පොලිසිය මොකද කරන්නේ ? (නදී)
මස 10 තිස්සේ එකතු කළ මුදලෙන් ළමයට මොකද කරලා තියෙන්නේ? (නදී)
මේවා නවත්වන්න ඕනෑ. හැමතැනම වෙන දේවල් මේවා (නි)