කොළඹ පෞද්ගලික රෝහලක දී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක දෝෂයකින් මිය ගිය බුද්ධි කෞෂල්‍යා රත්නායක දැරියගේ මරණයට හේතුව කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රකාශයට පත් කළේය.
හෘද්ධය වස්තුව අක්‍රීය වී මොලයට ලේ සැපයීම ඇන හිටීම දැරියගේ මරණයට හේතුව බව මහේස්ත්‍රාත්ගේ නිගමනය විය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මරණ පරීක්ෂණයකදී අධිකරණ වෛද්‍ය නිලධරයාගේ සාක්කිය අනුව තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.
ඉංජිනේරුවකු වන දැරියගේ පියා තිලංක රත්නායක මහතා සහ මව චමිලා රත්නායක මක්හිද සාක්කි දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හැමදාම කියනවනේ.ලැජ්ජයි.. (නි)
ඇති යන්තම්(දී)
එතකොට මේ මොලය අක්‍රියා වීම නිසා ස්කෑන් යන්ත්‍රෙය් බට පුපුරා රෝහලාට හානි සිදුවී තියෙන්නේ. බොලව් මේක මෛත්‍රීපාලගේ පරීක්ෂනේ වගේනේ.(නදී)
මෙයාලා නඩුකාරයින්ව සල්ලි වලට ගනීවි (දී)
හොදයි හර්ද වස්තුව අක්ක්‍රීය වීම නිසා මොලයට ලේ ගමන් කලෙ..නෑ කියමුකෝ..මම මේ දන්නෙ නති නිසයි අහන්නේ...ලමයට හුස්ම ගන්න බරිඋන නිසාද අර මොකක්ද කසිකබල් මෑසිමේ බට පිපුරුවේ..කෑකිල්ලේ රජතුමා හිටියනම් කියාවි නේද ...බට පුපුරපු නිසා ලමයට හුස්ම ගන්න බෑරිඋනා ඒකනිසා හර්දය වස්තුව නවතුනා...මොලයට ලේ ගියේ නෑ කියලා...තාක්ෂනය දියුනු නිසා අර මහත්තයා හේතුව හරියටම හොයලා තියෙන පාටයි.(නදී)
මොන තීන්දුව දුන්නත් දරු දුක නැති වෙන්නේ නැහැ..(නදී)
මේ විදියට සල්ලි හම්බ කරන්නේ, ජීවත් වෙන්නේ, කවදාවත් නොමැරෙන මිනිස්සු වගේ. සල්ලි වල බලෙන් මොනවා වහගත්තත්, යටි හිත දන්නවා මොකද උනේ කියලා. හෘදය සාක්ෂියට විරුද්ධව වැඩ කලත් අන්තිමට විනිශ්චය වෙන වෙලාවට සේරම මතක් වෙලා නරකාදියේ ඉපදෙන්නත් හේතු වෙනවා. ලෝක පූජිත උනත්, යම් අයකු කරන ලද කර්මය (හොද හෝ නරක) ඒ පුද්ගලයා පස්සෙන් ම යනවා. (ස)
හර්දය වස්තුව අක්‍රිය වුනහම ඕනෑම සතෙක් මැරෙනවා. එකට අමුතු පරීක්ෂණ අවශ්‍ය නැහැ. හර්දය වස්තුව අක්‍රිය වෙන්න හේතුවයි සොයාගන්න ඕනෑ. (නදී)
ලංකාවේ අධිකරණ සාමාන්‍යයෙන් මෙවැනි මිනීමැරුම් නඩුවක තීන්දුවක් දෙන්න අවුරුදු 1 සිට 15 දක්වා කාලයක් ගත කරනවා. මේ තින්ධුව මාස 6 තුල ලැබී තිබෙනවා. මම හිතන විධියට ඩොන්ගාල පුපුරන්න අතේ දරුවට ඔක්සිජන් සපයන යන්ත්‍රයේ බැලුන් එක වෙන්න ඇති. ඔක්සිජන් නැති උනහම කොහොමත් හදය වස්තුව නවතිනවා. ලංකාවේ ලොකු බලවතුන් සහ කොම්පැනි එක්ක නඩු කියලා දිනන්න බැහැ. දෙමවුපියන්ට මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. (ස)
ඔය කියන්නේ උසාවියේ තීරණයද. ඉතින් හදිසි මරණ පරීක්ෂකත් කිවුවේ ඕකමනේ. එකම දේ දෙපාරක් කියවිලද මන්ද. (නදී)
ඒ දරුවා නැති කැක්කුම තියෙන්නේ ඒ දෙමව්පියන්ට. නමුත් ඔය වැරදි කරන කොයි කව්රුත් ඒවායේ වන්දිය දවසක තනියම විදවනවා. (නි)
එතකොට මිනිමැරුමකදී වරද තීරණය කරන්නේ කොහොමද කියන්නකෝ. (නි)
මේක පුදුම තීන්දුවක් (නි)
ඇයි මෙහෙම වුනේ?(නදී)
මරණයට හේතුව හෘදය වස්තුව අක්‍රිය වීම බව පිළිගත හැකියි. අපට කරුණාකරලා කියන්න හෘදය වස්තුව අක්‍රිය වීමට හේතුව ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීම නොවෙයිද කියලා (නි)
හෘදය වස්තුව අක්‍රිය වෙලා තියෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ සහ තව එක්කෙනෙකුගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
සාධාරනයද මේ? (නි)
මගේ දඩුවම නම් මිලියන 6700ක අයිතිකාරයගෙන් සහ කාර්මිකයන්ට එක්කෙනෙකුට කස පාර 420ක් බැගින් රු ලක්ස 10ක් සහ දොස්තරගේ වැඩ තහනම් කර ලක්ෂ 50ක් සහ රජය මේ උපකරණ පරීක්ෂා නොකෙරීම නිසා ඇමති වරයා ඉල්ලා අස්වීම කල යුතුයි. .(නදී)
හෘදය වස්තුව අක්‍රිය වුනහම ඕනෑම සතෙක් මැරෙනවා. එකට අමුතු පරීක්ෂණ අවශ්‍ය නැහැ. හෘදය වස්තුව අක්‍රිය වෙන්න හේතුවයි සොයාගන්න ඕනෑ. (නි)
වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තිබුනා උප පොලිස් පරීක්ෂකවරයෙක් බයිසිකල් හොරකමකට අත් අඩංගුවට ගත් අවු. 28 ක තරුණයෙකුට ගහලා ඔහු මරණයට පත් කළා කියලා. දොස්තර කිව්වා 'මියගිය තැනැත්තාට හෘද රෝගයක් තිබුනු බවත් එය අත් අඩංගුවේදී උත්සන්න වීමෙන්' ඔහු මියගිය බවත්. විනිසුරුතුමා කිව්වා 'වෙන්න පුළුවන් නමුත් ඒ තිබුණයි කියන හෘද රෝගය උත්සන්න වුනේ කොහොමද? ඒක වුනේ පොලිස් නිලධාරියා පහර දීම නිසා'' කියලා. එතුමා මෙය මිනීමැරුමක් හැටියට නිගමනය කරලා නඩුව ඉහළ උසාවියට යොමුකළා. මේක මං පුද්ගලිකව දන්නා දෙයක්. (නි)
නවලෝකෙට සමහරු බයයි වගේ (නි)
ද සිල්වා බෙර්ලින්, ඔබ බටහිර රටක ජීවත් වන නිසයි මෙය ඔබෙන් අහන්නේ.ඔබ කිසිදා අසා තිබෙනවාද එම රටේ පොලිසිය උසාවියට ඉදිරිපත් කළ [මිනිමරුවෙක් හෝ හොරෙක් ]සැකකරුවෙක් පෙරකදෝරුවන්ගේ [විත්ත්යේ] නීති තර්ක වලින් පසු නිදහස් වුනා කියලා?එය කිසිදා වෙන්නේ නැහැ.ඒ මන්ද පොලිසිය ආවාට ගියාට චෝදනා පත්‍රය උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ.එහි සිදුරු නැහැ.විත්තියේ නිතිඥයාට හෝ මැස්සෙකුටවත් එතනින් රිංගන්න බැහැ.අනිවාර්යෙන්ම සැකකරුවා වරද කරු වෙනවා. ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියකි (නි)
ඔහුගේ පණ ගිය නිශා මරණයට පත්වී ඇත.දරුවා විසින් රෝහලට දඩ මුදලක් ගෙවිය යුතු නැද්ද? (නි)
ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වන නිර්සත්වයෝ ටෙලි නාට්‍යය මේ හැමෝටම හොඳ උදාහරණයක්. මොකද අද කාලේ වෛද්‍යවරු සහ වෛද්‍ය මධ්‍යස්ථාන රෝගීන් නොමරා මරනවා .... (නි)
සමහරු සල්ලි වලට අම්මවවත් විකුණාගෙන කයි (නි)
සමන් කුමාර කිව්වා වගේ ඕනේ මැට්ටෙක් දන්නවා හුස්ම ගන්න බැරි උනාම, මොලේ අක්‍රිය වුනාම නැත්නම් හෘදය නැවතුනාම ඕනෑම සතෙක් මැරෙනවා. ඕක කියන්නත් දෙයක්ද . මාස ගානක් ගිහිල්ල තටමල තටමල මාර කියමනක් කිව්වේ. මෙහෙම වෙන්න හේතුවයි අවශ්‍ය වන්නේ දොස්තර මහත්තයෝ (නදී)
පුද්ගලික රෝහලක් නිසා ක්‍රම සහ විදි දන්නවානේ. තීන්දුව දෙන්න කලින් ක්‍රියාත්මක වෙන්න ඇති.(නදී)
අනේ අප්පේ! දැන් මොනවා කිවුවත් ජීවිතයක් අහිමි වුණානේ දෙයියනේ (නි)
අජිත් මල්ලි, ඔයා හරි. ඒ හෘදයේ ශබ්දය තමා (නි)
හෘදය වස්තුව නතර වුණේ කොහොමද? පුළුවන් නම් කියමු බලන්න (නි)
මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
'අමු කැවිලා' කියලා මම කියන්නේ මෙන්න මෙහෙම වෙලාවට තමයි (නි)
දැරියගේ හෘදය වස්තුව අක්‍රීය වී මොලයට ලේ සැපයීම ඇණ හිටීම නිසා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බට පුපුරා රෝහලට හානි සිදුවී ඇති බව නිගමනය වුණා නම් කොහොම වෙයිද? (නි)
හැම තීන්දුවක්ම දෙන්න කල් ගන්න එක තමයි ඒ තරම් හොද නැත්තේ.ඒ දැරියගේ දෙමව්පියොත් ඒ තරම් බලපුලුවන්කාරයෝ නොවෙන්නත් ඇති. කාටද කියන්නේ මේවා. මේ දෙය දියුණු රටකදී සිදු වුණා නම් දොස්තරත් ඉවරයි, රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඉවරයි. හිරේ තමයි තපින්න වෙන්නේ කට්ටියටම. (නි)
ස්කෑන් යන්ත්‍රයේ බ්ටේ පිපුරුවේ කොහොමද ? (නි)
මේ පුවත දැක්කම හරිම දුකක් හිතෙන්නේ. ඒ දෙමාපියන්ට මියගිය දරුවට වුණ අසාධාරණය ගැන. මොන තීන්දුව දුන්නත් ඇත්ත වෙනස් වෙන්නේ නැහැ. (නි)
මෙහෙම තීන්දු වලට තමයි යූ.එස්.ඒ. වලින් ලෙඩ දාන්නේ. (නි)
නැවත පරීක්ෂණයක් කළ යුතුයි. (නි)
හිමා,මෙවැනි නඩුවල ශක්තිමත් අඩිතාලම විය යුත්තේ මුලික මරණ පරීක්ෂණ වාර්තාවයි. එය මේ විදියට දෙපසට වැනිය හැකි ශාක්කියක් වුනොත් නඩුවේදී අගතියට පත් පාර්ශවයට හානියක් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. තේරුනාද? (නි)
"අනේ මගේ කට.." (නි)
මේ වෙලාවට තමයි මහදැනමුත්තා වටින්නේ (නි)
ස්කෑනරය තිබෙන කාමරය පැත්තෙන් "ඩෝග්" ගාලා ශද්දයක් ආවා කියලා එදා කෙනෙක් සාක්කි දුන්නා මතකයි. එතකොට එම සද්දේ දරුවාගේ හදවත අක්‍රීය වෙනකොට ආපු සද්දයක්ද? ටියුබ් එක පිපිරුණා කියලත් තිබුනා. ඒක මොන ටියුබ් එකද? අනේ මට තේරෙන්නේ නැහැ. (නි)
අපි කොන්ඩෙ බැදපු චීනුන්ද?(නදී)
මරන පරික්‍ෂන තීරණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව කොමෙන්ට් කරන්න එපා. බට පුපුරල මැරුන එක ගැන තීරණය එන්නේ නඩු විභාගයකින්. ප්‍රසිද්ධියේ වෙඩි තියලා දෙනෝ දාහක් බලන් ඉන් දැද්දි පවා මැරුන විට මරනයට හේතුව දෙන්නේ මේ විදියට. යි. ඒ වෙඩි තැබීම කළ අය ගැන තීන්දුව අධිකරනයක නඩු විභාගය මතයි මේ තීරණය අනුව එකී රෝහල "නිවරදි කරු" බවට පත් වී නෑ වගේම වැරදි කරු බවට තීරනය කරලත් නෑ. ඒක වෙනම නඩුවක තීරනයක්. (නදී)
මාරම මාරයි, හරි පුදුමයි.(නදී)
හෘදය වස්තුව අක්‍රීය වී මොලයට විතරද ලේ සැපයීම ඇණ හිටීයේ අනිත් අවයව වලට ලේ වැඩ කරන්න ඇති. දොස්තරලා තමන්ගේ වාසියට සියල්ලම රෝගීන් පිට දමා බේරෙනවා. (ස)
හෘදය වස්තුව අක්‍රිය උනේ ළමයා ස්කෑන් මැෂිමට ඇතුල් කරාට පසුව ඒ කියන්නේ ස්කෑන් මැෂින් එකේ වරද ? (නදී)
මෙම පරීක්ෂණයේදී රෝගියාගේ ශරීරයේ ලෝහ වර්ගයක් තිබීම (කරාබුවක් වැනි) හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව මා අසා තිබෙනවා. සමහරවිට නුපුහුණු සේවකයෙකු මේ පරීක්ෂණයට සම්බන්ධ වුවාද යන්න සැක සහිතයි. ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය ගැන මහා ඉහලින් කතා කලාට පෞද්ගලික රෝහල් මාෆියාව ගැන කතාකරන්න නම් කවුරුත් නැහැ. රෝහල් නෙමේ ඕවා "කළු කඩ". නමුත් ලෙඩකට හරිහැටි බෙහෙත් කර ගන්න නම් ඒවාට යාම අනිවාර්ය වී තිබෙනවා. දරුවා ගැන වගේම මව් පියන් ගැනත් ගොඩක් කණගාටුයි.(නදී)
අනේ දුවේ පුලුවන්නම් ආයේ ඉපදිලා වෙච්ච දේ කියන්න. නඩුව ඉවර වෙනකම් හැම වැරදි කාරයාම සැකකරු කියලනේ කියන්නේ. (නදී)
දරුදුක දන්නා හැමට මහා වේදනාවක්. නැවත මේවා අහන්න සිද්ධ නොවේවා! (නි)
පව් අසරණ දරුවා.(නදී)
මාස හයක් ගියාද පරිෂණ කරන්න ?(නදී)
දරුවාගේ දෙමව්පියන්ට රෝහලට වන්දි ගෙවන්ඩ වේවිද මන්දා(නදී)