කොටදෙනියාව දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සිද්ධිය වූ සිකුරාදා රාත්‍රී නිවසේ සිටි බවත්, ඔහු එම ඝාතනයට සම්බන්ධ නැති බවත් සිසුවාගේ මව කියන්නීය.
පොලිසිය තම දරුවා අත්අඩංගුවට ගත් නිසා ප්‍රදේශවාසීන් තමන් දෙස බලන්නේ සතකු දෙස බලන ආකාරයට බවත් ඇය පවසන්නීය.
දැරියගේ ඝාතනය හෙළා දකින බවත්, ඝාතකයන් සෙවීමට උදව් කරන බවත් ඇය කියන්නීය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ මිය ගියේ ද කුඩා දරියක් සේම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ද පාසල් සිසුවකු නිසා ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීම වරදක් බවයි. පොලිසිය මීට වඩා වගකිව යුතුව කටයුතු කළ යුතුව තිබූ බවත්, ඇතැම් විට ඔහු නිදහස් වුවත් පොලිසිය ඔහුගේ අන්‍යතාවය හෙළි කළ නිසා අධ්‍යාපනය කඩා වැටී ඔහු අසරණ තත්ත්වයට වැටෙන බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මෙවැනි විමර්ශන වලදී පොලිසිය මීට වඩා සිතා බලා කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි. කෙනකු වරදකරුවකු බව ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂි පුද්ගලයකු බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් මේකටත් ගුණසේන මහත්මයා දේශපාලනේ ඇදල ගන්නවා. (අ)
නිල් චිත්‍රපටි කාම වෙළදාමේ ගොදුරක්ද (අ)
මේ ප්‍රශ්නය හිතා ගන්න බෑ දැන් මොකක්ද වෙන්නේ කියලා. මේ ළමයා වැරැදි නැති වුනොත් මේ ළමයාගේ අනාගතයම ඉවරයි.මේ සම්බන්ධයෙන් වැරැදි කරුවන් ඉතා ඉක්මනින් අල්ලා ගන්නවා නම් හොදයි. පරික්ෂණ විදිමත් කරන්න.(හේ)
වෙන්න පුළුවන්.(හේ)
පොලිසියේ ඇතැම් වැඩ ගොරකා දඩ මස් කිරීමටත් බලුමස් ගෝනමස් කිරීමටත් වඩා අන්තයි. අත්දැකීමෙන් කියන්නේ. (බ)
යමකුගේ පරිඝනකය අසභ්‍ය දර්ශන තිබූ පමණින් ඔහු මේ ඝාතනය කළයි නිශ්චිතවම කියන්නේ කෙසේද? ලිංගික දර්ශන සහිත වීඩියෝ විරලය. මෙම කුරිරු ඝාතකයන් සෙවිය යුතුම වේ. (අ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙමින් තිබුණා නම් සේයා අදටත් ජීවතුන් අතර වගේම මෙහෙම කරදර වෙන්න උවමනාවකුත් නැහැනේ. ඒ නිසා එල්ලුම් ගහ පළමුව ක්‍රියාත්මක කරලම අපරාධකාරයා අල්ලන වැඩේ ඉක්මනටම කරන්න. (නි)
මිනිස්සු ගාථකයා අල්ලන්න පොලිසියට බල කරන නිසා අහිංසක ළමයෙක්ව අල්ලලා පහරදීලා වරද පිළිගන්න බල කෙරුවාද? එහෙම නම් මිය ගිය ළමයා වගේම මෙයත් පාසල් යන ළමයෙක් නේද? හරියට පරීක්ෂණ කරලා වැරදි කාරයව අල්ල ගන්න. පාසල් සිසුවා වැරදි නම් නීතියට දඬුවම් කරන්න. ගහලා වද දෙන්න එපා. (අ)
මේ දරුවා කගේ හරි :බබී: කෙනෙක් නම් කොයි විදියට වෙන්න තිබුණාද? (අ)
එහෙමනම් ජාන අංශු ඇවිදලා ගියාද? (ම)
හොරාගේ අම්මගෙන් පේණ අහලා වැඩක් නැහැ!! (ම)
ලංකාවේ අපරාධයක් වුනාම ඉස්සෙල්ලම එතනට යන්නේ ගමේ මිනිස්සු . එ්කෙන් වෙන්නේ අපරාධයක සාක්ෂි විනාශ වීම . පිට රටවල් වලනම් ඒ පළාතම මිනිස්සුන්ට තහනම් කරනවා පරීක්ෂණ ඉවර වෙනකම් (බ)
තාම සැකකරුවෙක් නිසා මොකුත් කියන්ඩ බැහැ ඒ වුණත් හොරාගේ අම්මාගෙන් පේන අහන කතාවත් .මතක් වෙනවා මේ වෙලාවේ.(ම)
වැරදි තීරනයක්නම් මේ වයස 17 පාසල් සිසුවාගේ මුළු අනාගතයම අදුරු වෙනවා,එකට වග කියන්නේ කව්ද?පොලිසිය එ් සදහා විදින දඩුවම මොකක්ද ?දෙමව්පියෝ අවරුදු 17ක් තිස්සේ දරුවෙක් හදන්න කොඉතරම් දුකක් වින්දද?සැකයක් නිසා ක්ෂණිකව එය විනාශ කර දැමීම මිනිමරනවට වඩා පාපයක්,එයටත් එල්ලුම් ගස් යැවිය යුතුයි (බ)
ලංකා පොලිසියට ඉගෙන ගත යුතු තව බොහෝ කරුණු තිබෙනවා. අපරාධයක් සිදුවුන තැනින් මාද්‍ය සහ සෙනඟ ඉවත් කළ යුතුයි (ම)
ස්ටාලින් මහතාගේ ප්‍රකාශය නිවැරදිය.(ම)
පොලිසිය තමන්ගේ නොහැකියාව වසා ගන්නට අහිංසකයන් අපරාධකරුවන් ලෙස හංවඩු ගසා උන්ගේ අනාගතය කෙලෙසා දමනවා.(ම)
මම සිතුවේ ග්‍රාමීය ප්‍රදේශ වල වෙසෙන මිනිසුන් මීට වඩා ගුණ දහම් වලින් පිරි අය විය යුතුය කියල. කෝ අපේ රටේ "ගැමියෝ" (ම)
පරීක්ෂකයන් සතු ඉහල ගුණාංගයක් සඳහන් කරමි සුක්ෂම බුද්ධිය නිතර ක්‍රියාකාරී විය යුතුය, එහෙත් භෞතික ව ක්‍රියාත්මක වීමට සුදුසුම මොහොත තෙක් ඉවසිය යුතුය. මෙම සිදුවීමේ සඳහන් සමහර ඒවා එකිනෙකට නොගැලපේ ............(ම)
ඕනෑම අම්ම කෙනෙක් එහෙම තමයි හැබැයි ඩිඑන්ඒ පරීක්ෂණයෙන් හැමදේම විසඳෙයි.(ම)
සදාචාරවත් සමාජයක්, සදාචාරවත් මාධ්‍ය, සදාචාරවත් පොලිසියක් මේ දවල් හින කවදා සබැ වේවිද? (ම)
ඇත්තෙන්ම පොලිසිය මිට වඩා හිතන්න තිබුණා. ඇමති කෙනෙක්ගේ දරුවකු වුණා නම් කියයිද? (ම)
වැඩිදුර ළමයා සම්බන්ධ සොයා බලන්න (ම)
පොලිසිවල ඉගෙන ගත්තු කට්ටිය නැද්ද? (ම)
යහපාලන ඇමතිගේ පුතා ළමයෙක් පැහැරගෙන ගියා , 100% ඔප්පුවෙලත් පරීක්ෂණත් නැහැ,අත්අඩංගුවට ගත්තෙත් නැහැ, ලැප්ටොප් බැලුවෙත් නැහැ ඔන්න ලංකාවේ නීතිය !!! (අ)
මරණ දඬුවම දෙන්න ඕන මිනී මරුවන්ට විතරක් නෙවේ, මේ රටට කුඩු සහ මත පෙති ගෙන්නලා අපේ පාසල් දරුවන් බිලි ගන්න කුඩු මුදලාලිලාට මෙතෙක් කළ දෙයක් නෑ.(ම)
මෙවැනි විමර්ශන වලදී පොලිසිය මීට වඩා සිතා බලා කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි. (ම)
ලැප්ටොප් පරිගණකයේ තිබෙන බව කියන අසැබි දර්ශන මේ සැකකාර දරුවාගේ මනස අවුල් කරන්නත් ඇති.කෙසේ වෙතත් පරීක්ෂණ නිම වනතුරු ඔහුගේ අම්මාට අපි ඉවසීමෙන් සවන් දෙමු.ජෝසප් මහතාගේ අදහස ඉතාම හොඳයි. (ම)
නීතියෙන් වරදකරුවෙක් කරනතුරු ඕනෑම කෙනෙක් නිර්දෝෂී පුද්ගලයෙක්.ඒ මෙම සිදුවීම තුල ඇසින් දුටු සාක්ෂියක් නොමැති නිසා.එහෙව් අවස්ථාවක කෙනෙකු වරදකරුවෙකු වීමට පෙර වරදරකරුවෙක් සේ හංවඩු ගැසීම එම පුද්ගලයාගේ මානසික ආතතියට විශාල ලෙස බලපෑමක් විය හැක.(ම)
අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්දනාගාර ගත වී පසුව සාක්ෂි නොමැතිව නිදහස් වන අය අපමණයි. මහේස්ත්‍රාත් අධිකරණයකට ගිහිල්ල බැලුවොත් පෙනෙයි දවසකට කී දෙනෙකුට එහෙම වෙලා තියෙනවද කියලා. මේ තත්වය පාලනය කිරීම මුළුමනින්ම පොලිසිය සතු වගකීමක්. 75% කවත් විනිශ්චයක් නැතුව කෙනෙක් අත්අඩංගුවට ගන්න නරකයි. එකෙන් වෙන්නේ සමාජයට වෛර කරන පිරිසක් බිහි වෙන එක. නිකරුනේ රක්ෂිත බන්දනාගාර ගත වෙච්ච කෙනෙක් ඊට පසුව සමාජයට අහිතකර කෙනෙක් වෙන්න පුළුවන්. (අ)
ඩීඑන්.ඒ වාර්තාව තවම ඇවිල්ලා නෑ...මේ පාසැල් සිසුවාව පොලීසියට ගෙනැවිත් වරද පිලිගන්නා ලෙස බලකරමින් දරුණු විදිහට පහරදීලා තියෙනවාලු (ම)
අපේ පොලිසියට හා මාධ්‍ය වලට තව ඉගෙනෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා . විශේෂයෙන්ම ආචාර ධර්ම. දුෂණය වුණු ලපටියන්ව නැවත වරක් දුෂණය කරනව. (අ)
පද්ම පිය, ඔය කොහොමද කියන්නේ ජාන ගැලපෙනවා කියල, තාම රිපෝර්ට් එක ඇවිල්ලත් නැහැ.මේ දරුවාගේ පරිඝනකයේ නිල් චිත්‍රපටි තිබුණ කියල කොහොමද මේක කලේ මෙය කියන්නේ.
සීමාව ඉක්මවා වැරදි කරන ළමයි පාසල්වල සිටින්න පුලුවන්. නමුත් ළමයා ළමයකු බැවින් ඔහුට එල්ලවන බරපතල වැරදී පිළිබදව කරන පරීක්ෂණ අවසාන වෙනතුරු ඔහුගේ අනන්‍යතාව හෙළි නොකළ යුතුයි. (අ)
මේ ළමය මතට ඇබ්බැහි වුවෙකු නම් ඔහුට මත්ද්‍රව්‍ය ලබාදුන් මහා මුදලාලි සොයා මුලින්ම එල්ල මරන්න දෙවනුව මොහුට දඩුවම් කරන්න (අ)
අද කාලේ 100 ගත්තොත් 99 ක ගේම පරිගණකවල අසැබි දර්ශන තියනවා. ඒවා තිබු පමණින්ම අහිංසකයෙක් අපරාදකාරයෙක් කරන්න බෑ. හරි අපරාදකාරය හොයාගන්න පොලිසිය දක්ෂ විය යුතුයි. පොලිසිය තමාගේ නොහැකියාව වහගන්න අහිංසකයන්ට පහරදී ඔවුන් අපරදකරුවන් බවට පත් කිරීමට යත්න දැරීම සහගහන අපරාදයක් . පොලිසියේ සාමාන්‍ය සිරිත මේකයි. මහජනතාව බුද්ධිමත් විය යුතුයි. ගෝත්‍රික ජනතාවක් වගේ නොහැසිරිය යුතුයි. ඉවසීම ප්‍රගුණ කළයුතුයි. (අ)
ග්‍රාමීය ප්‍රදේශ වල තමා ගොඩක් දුරට මෙවැනි සිදුවීම් වෙන්නේ.අනේ මන්ද. හැම අම්මම තමන්ගේ දරුවට ආදරෙයි.ඉතින් මේ අම්මා ඇත්ත කියන්නේ කියල විශ්වාස කරන්න අමාරුයි. (අ)
ආණ්ඩුව වෙනස් නොවුනා නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න තිබුණා. (අ)