අවුරුදු එකහමාරක දැරියක අඟුලාන මෝය කටට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ මව අසනීප වී නිවසේ සිටි බවත් අයියලා දෙන්නා කඩේ ගොස් සිටි බවත් දැනගන්නට ඇත.
අවුරුදු එකහමාරක දැරියක අඟුලාන මෝය කටට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ මව අසනීප වී නිවසේ සිටි බවත් අයියලා දෙන්නා කඩේ ගොස් සිටි බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවන බර කොහොමද නොසැළකිල්ලට හේතුවක් වෙන්නේ? ඔක්කොම පටලවාගෙන. (නි)
කොච්චර කිව්වත් වැඩක් නැහැ.නොසැළකිල්ල දැන් ජාතික ලක්ෂණයක් වෙලා. ජීවන බර නිසා ඇතිවන අධික මානසික පීඩනයත් පොදුවේ මේ නොසැළකිල්ලට හේතුවක් වෙන්න පුළුවන්. පව් පොඩි කෙල්ල. (නි)
පුංචි ළමයි ඉන්න දෙමාපියන් මීටවැඩිය සැළකිළිමත් වෙන්න ඕනෑ (නි)
ළමුන් පිලිබදව දෙමාපියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. (ස)
ඉතාම කණගාටුදායකයි (නි)
පහුගිය දිනවල කැළණි ගඟ දෙගොඩ තලා ගියා. ගං දෑලේ ගෙවල්වල හිටි පුංචි දරුවෝ වතුරත් එක්කම තමයි ජීවත් උනේ. නාරාහේන්පිට පැත්තේ රේල්පාර අයිනේ තියෙන ගෙවල්වල දරුවෝ කෝච්චිය යන වෙලාවට විතරයි පාරෙන් අයින් වෙන්නේ. මෝය කටේ ගෙවල්වල දරුවන්ගේ ජීවිතත් ඒ වගේමයි. චන්ද කාලෙට මෙහෙ එන අය ඊට පස්සේ නෑ. මෙවන් මරණ අවම කල හැක්කේ ඔවුන්ට පමණයි. චුටි දුවේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කර නිහඩ වෙන්න තරම් අප අසරණයි. (අ)
මිළ මුදල් ඇත නැති බොහෝ දුප්පත් සහ පහළ මධයම පන්තියේ බොහෝ දෙමාපියන් ගතකරන ජිවිත ඉතාම සංකීර්ණයි. හරිහම්බකරන්න බොහොම මහන්සි වෙනවා. දරුවන්ට කන්න බොන්න දෙන්න දරුවෝ අමතක කරලා වැඩට යනවා. බොහෝ නිවෙස්වල පොඩි දරුවෝ බලාගන්නේ ඊට ටිකක් වැඩිමල් පොඩි දරුවොමයි. ඉස්සර වගේ පවුල් සම්බන්දතා නැති නිසා අද නෑයින්ටත් තමන්ගේ හැර අනික් හැම ලම්යින්ම අනුන්ගේ වෙලා. සමාජයේ අපි කවුරුත් කාගේ උනත් පොඩි දරුවන්ට ආරක්ෂාව රැකවරණ ආදරය දක්වන්න පුරුදු වෙන්න ඕනෑ. දරුවන්ට විශේෂ සැලකිල්ලක් හැමවිටම හැමතැනම දක්වමු. (නදී)
අවුරුදු එකහමාරක දරුවෙක් කියන්නේ දෙමාපියන් ඇහැ වගේ බලාගන්න ඕනෑ නේද?පව්! දුවේ, නුඹට නිවන් සුව ලැබේවා! (නි)
දුවේ,ඔබට නිවන් සුව පතමි! (නි)
එතකොට මෝය තියෙන්නේ නිවස කිට්ටුවමද? (නි)
ඔබ හරි මේනක (නි)
අන්තිමට වුණේ රටට මල් කැකුලක් අහිමිවුණ එක විතරයි. (නි)
පුංචි ළමයි මල් වගේ. පවු. දෙමාපියන්ගේ නොසැළකිළිමත්කම නිසා පිපෙන්නට තිබුන මල් කැකුලක් අකාලයේ ජීවිතයෙන් සමු අරගෙන (නි)
ජීවන බර නොවේ, මේ තිබෙන නොසැළකිල්ළයි. මම දන්නවා ඔය හරිය. අවුරුදු 2,3 ළමයින් ඔය ගඟේ නානවා (නි)
ජීවන බර කියලා කාන්තා අපි නිකම් ඉඳලා හරියන්නේ නැහැ. (නි)
දරුවා කෙසේද මෝය කට අසළට ගියේ? දුක්බර පුවතක්. (නි)
දරුවන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, මුදල් වැය කරන්න බැරිනම් , ඔවුන්ව පෝෂණය කිරීමට තරම් තමන්ට වත්කමක් හැකියාවක් නැත්නම්, වහාම දරුවන් පාපතර සමාජයකට බිහිනොකර ඔවුන්ව අකාලයේ මරණයට පත්නොකර සිටින්න. (නි)
ඉසුරන්දි,මම මේ හරිය ගැන දන්නවා. වැල්ල අයිනේ අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් තියෙන්නේ.එක පැත්තකින් රේල් පාර.අනිත් පැත්තෙන් මහ මුහුද.ඒ මැද මෝයකට.හරිම භයානක පරිසරයක් ඒ අවට තියෙන්නේ. (නි)