කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සේයා සඳෙව්මි බක්මීවැව දැරියගේ අවසන් කටයුතු මහා පිරිසකගේ සෝ සුසුම් මැද අද සිදු විය.
ප්‍රදේශයේ කඩසාප්පු ද වසා දමා තිබිණි.
කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සේයා සඳෙව්මි බක්මීවැව දැරියගේ අවසන් කටයුතු මහා පිරිසකගේ සෝ සුසුම් මැද අද සිදු විය.
ප්‍රදේශයේ කඩසාප්පු ද වසා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැරිය මරාදැමූවන් සොයා මරණ දඬුවම දෙන්න යැයි ජනපති හා අගමැතිගෙන් ඉල්ලා සිටිමි (නි)
ඉක්මණින් වැරදිකරු කොටුවේවා! (නි)
"සඳරාණි තනිවී නිල් අහසේ මිණිපහන නිවිලා අද නිවසේ" චූටි දෝණිට නිවන් සුව! (නි)
මෙහි යම්කිසි සැඟවුණු රහසක් තියෙන බව පෙනෙනවා.දෙමාපියන්ගේ මුහුණුවල සිතූ තරමේ දරාගත නොහැකි දුකක් නැහැ වගේ මට නම් පෙනෙන්නේ (නි)
කාවින්ද ,වැරදිකරු කොටුවෙලා විතරක් මදි.සමාජයට පාඩමක් ඉගෙනගන්න තරම් උචිත දඬුවම් ලැබේවා! එමඟින් මිනිස් වෙසින් සිටින, එනමුත් තිරිසනුන්ටත් වඩා නීචව හැසිරෙන කාමතුරයින්ට මරණීය දඬුවම් දීමෙන් පමණක් නොනැවතී මරා දැමේවා! එමඟින්, මතු සමාජය, විශේෂයෙන් මල් කැකුළු මෙන් සිටින ළමා ළපටීන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
මේ ඡායාරූප වලින් පවා මට සැකසහිත රුවක් දිස්වෙනවා (නි)
අපරාධකරු නීතියෙන් ගැළවී සිටියත් තමන්ගේ හෘද සාක්ෂියෙන් නම් ගැළවීමක් ලබන්නේ නැහැ (නි)
කලබල වෙන්න එපා. පොලිසිය සාධාරණයක් කරයි මේ අහිංසකීගේ ජීවිතයට කළදේට (නි)
කඳුලැලි මැදින් ගොනුකර දුක කවියකට... දියණියේ සුසුම් හෙලුවා මා නුඹෙ නමට..., බැරිවුණි බලන්නට නුඹෙ මළකඳ මෙමට..., සිතකුත් නැහැ දුවේ නිවන්සුව පතන්නට..!! චුටි දුවේ, නැවතත් නුඹේ දෙමාපියන් අතරට එන්න ලැබේවා! (නි)
ඡායාරූප වලින් නම් පවුලේ අය එතරම් දුක්වුණ පාටක් මටත් පෙනුනේ නැහැ.සාමාන්‍යයෙන් මේ වාගේ වෙලාවක අම්මා පොළවේ පස් කනවා නේද....? අපි ඉවසීමෙන් බලාගෙන ඉමු.ඉක්මනින්ම අපරාධකරුවා සොයාගැනීමට ලැබේවා! (නි)
නඩු වැඩිකල් අසන්න ඕනෑ නැහැ. කළ කෙනා කිවුවා නම් මමයි කළේ කියා හොඳටම ඇති. තවත් මොනවට බලාගෙන ඉන්නවද. මිනීමරපු කිසි කෙනෙකුට අවුරුදු ගණන් නඩු එපා. ෂරියා නීතිය තමා අපේ රටටත් ඕනෑ.දුවට නිවන් සැප ලැබේවා! (නි)
පවු අහිංසක මල් කැකුළ! (නි)
මරණ දඬුවම නියම කරන්න ඕනෑ මේ වගේ අපරාධකාරයන්ට (නි)
කේන්තිය වැඩිකමට මට ලියවෙන්නේ නැහැ. ඔයාට බුදු සරණයි දුවේ! ආයේ මේ තිරිසන් ලෝකෙට එන්න එපා (නි)
අසරණ දරුවා මරලා දමපු අපරාධකරුට මරණ දඬුවම දෙන්න කියලා මම නම් කියන්නේ (නි)
රහස් පොලිසියේ නොවුණත්,වැලිකතරේ කට්ට කෑ අපිට නම් මේ මිනීමරුවා කවුද කියලා ඡායාරූප දැක්කහම වුණත් කියන්න පුළුවන්. (නි)
අපිට තිබෙන දුකවත් මේ සමහරුන්ට නැහැනේ... (නි)
මේ මොහොතේ අපේ රටේ ජනතාව හා ආගමික නායකයන් සියලු දෙනා එක්ව හඬනැඟිය යුතුයි මරණීය දණ්ඩනය නැවත ගෙනඒමට සහ උසාවියේ නඩු විසඳීම වේගවත් කිරීමට.එමෙන්ම නීතිය දේශපාලනයෙන් තොරකර ගැනීමට. එසේ වුණොත් අපේ රටේ හෙට දින සුබ වේවි. (නි)
අපේ රටේ ආගම,දහම,හැදියාව,සභ්‍යත්වය පෑල දොරෙන් ඉගිල ගිහිල්ලා. (නි)
මේ අදහස් බොහොමයකට මම එකඟයි (නි)
චූටි දෝණිට නිවන් සුව! අපරාධකාරයා ගාලු මුවදොරට ගේන්න. මුල්ම ගල ගහන්නේ මම. (නි)
අතුල කියනදේට මමත් එකඟයි (නි)
මේ වගේ අපරාධයක් කොටදෙණියාවේ සදෙව්ම් පුංචි දුවට සිදු වුණා කියල දැනගත්තේ ඇයව මරල දමපු නිසා. මාධ්‍ය මගින් මේ සිදුවීම ප්‍රචාරය කළ නිසා. ඒ නිසා ආයෙමත් සංවේදී හැමෝගේම දෑස් වැඩියෙන් විවර වුණා. මේ වගේ ප්‍රසිද්ධ නොවුණ ළමා අපයෝජන කීයක් බුදුන් වැඩිය මේ පොළාව මත දවසකට සිදුවෙනව ඇත්ද? මේ වගේ සහාසිකයින් මෙි දේවල් කරන්නේ දැඩි නීති නැහැ කියල දන්න නිසා . එහෙනම් නීති සංශෝධනය කරන එක රට කරවන අයගෙ කඩිනම් කාර්යයක්. එහෙම නැතුව අනේ පව් කිය කිය කල් මරනකොට හෙට දවසේ පුංචි සදෙව්මිල දහස් ගණනක් මේ ඉරණමට ගොදුරු වෙන එක වලක්වන්න බැහැ. (බ)
මෙවන් දේ අයේ නොවේවා කියා ප්‍රර්ථනා කරමි.(හේ)
රත්තරන් දුවේ, ආයෙත් මේ වගේ පාපිෂ්ටයෝ අතර නොඉපදෙන්න ප්‍රාර්ථනා කරනවා (නි)
මේ වගේ පුංචි දැරියන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන් මොන හිතකින්ද?(හේ)
මේ ගෙදර වැඩිහිටියෝ 4ක් සිටියදී මේ ළමයාව ආරක්ෂා කරලා නැද්ද? මෙවැනි දේවල් වලදී වෙන රටවල මෙවැනි නොසැළකිලිමත්කම් වලට දෙමවුපියන්ට දඩුවම් ලැබෙනවා. (නි)
අඩුමතරමේ මේ අපරාධ කරන අයට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න එල්ලුම්ගහ නොගෙනාවත්. (නි)
සුදු දුවේ, ඔයාට මේ නිවසේ රැකවරණයක් ආරක්ෂාවක් නැති හින්ද ඔයාව සුරංගනාවියෝ එයාලගේ ලෝකෙට එක්කන් ගියානේද? ඔයාට සුබ ගමන් රත්තරන් පැටියෝ.(හේ)
මේ කුඩා දැරියට කළ අපරාධයට ඒ අපරාධ කරයන්ට හෙණ ගහන්න ඕනේ.(හේ)
මේ වගේ දෙයක් ආයේ නොවේවා.(හේ)
චූටි දෝණිට නිවන් සුව.(හේ)
"සඳරාණි තනිවී නිල් අහසේ මිණිපහන නිවිලා අද නිවසේ" (හේ)
"සඳරාණි තනිවී නිල් අහසේ මිණිපහන නිවිලා අද නිවසේ" චූටි දෝණිට නිවන් සුව!(හේ)
හරිම දුකයි දුවේ මේ වුන දේ ගැන.(හේ)
කලුකෝට්කාරයෝ වැඩ පෙන්නලා කොහොමහරි අවසානයේ වරදකාරයින් නිදහස් කරගනීවි. (නි)
කෙසේ නමුත් අපරාධකරු ළඟම ඉන්නවා වගේ දැනෙනවා මට. දුවට නිවන් සුව! (නි)
චුටි දුවට බුදු සරණයි! (නි)
පුංචි දියණියකට සමාජය මේ වගේ නම් අපේ මුළු කාන්තා පරපුරත් කුඩා දරුවනුත් සියලු දෙනාම ලොකු අනතුරක. පියකරු මුහුණ බලාගෙන මේ අපරාධය කළේ? "මනුස්සයෙක්ද"? පුංචි සුරංගනාවියේ, ඔබට නිවන් සුව ! (නි)
මේ වගේ නරුමයන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ. නැත්නම් තරුණ අපිට වගේම අහිංසක පොඩි නංගිලාගේ ජීවිත වලට කවුද වගකියන්නේ? (නි)
දුවේ, ඔබට නිවන් සුව ලැබේවා! වරදකරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනෑ. (නි)
ඉක්මණට ඝාතකයින් කොටුවේවා! (නි)
පද්මිණි, දරුවා සුරංගනාවියෝ අරගෙන ගියාට ගිය විදිය තමයි අපිට දරාගන්න බැරි. මැණිකේ, ඔයාට නිවන් සැප පැටියෝ! (නි)
අනේ පවු අහිංසක පැටියා! (නි)
දුවේ ඔබට නිවන් සුව ලැබේවා ! (ම)
දෙවියනේ, මේ අපරාධකරුවන්ට හොඳක් නම් වෙන්න එපා (නි)
මට නම් අවිස්වාසි අම්මා තාත්තා මොකද එයාලගේ කදුලක්වත් නැහැනේ (ම)
කාටවත් වරදක් නොකළ අහිංසක චුටි මැණික, ඔයාට නිවන් සුව ලැබේවා !!!මතු කිසිම ආත්ම භවයකදී මේ වගේ දුක්ඛදායක මරණයක් අත් නොවේවා! අමාමහ නිවනම අත්වේවා !!! (නි)
ජනාධිපතිතුමනි ,අගමැතිතුමනි,රන්ජන් රාමනායක මැතිතුමනි ,ඉතාමත් කාරුණිකව යටහත්ව ඉල්ලා සිටින්නේ මින්මතු මේ වගේ අහස පොළව නුහුලන අපරාධ කරන්න ඉඩතියන්න එපා.ඔබලාට පින් අත්වෙනවා.මේක අවසාන සිදුවීම වීමට වගබලා ගන්න.මේ වගේ අපරාධ තවත් නම් අපිට උහුලන්න බැහැ. අනිවාර්යයෙන්ම මේ වගේ අපරාධකාරයන්ට එල්ලුම්ගහ ගේන්නම ඕනෑ.බලන්න නැද්ද කියලා සතිය යනකොට මේ වගේ අපරාධ නැවතෙනවා. මුළු රටේම මිනිසුන් බලාගෙන ඉන්නේ (නි)
ඔබට නිවන් සුව සේයා දුවේ ඔබගේ අභීරහස එළි කරනවා අපි ඝාතකයාව සොයා ගෙන එල්ලුම් ගහට ගෙනවා (ම)