(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරයෙකුගේ නිවසේ 16 හැවරිදි මෙහෙකාර දැරියක අපයෝජනයට ලක්වීමෙන් පසු පිළිස්සී මිය යෑමේ සිද්ධිය ගැන දැඩි කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි .

බාලවයස්කාර දරුවන් මෙහෙකාර වෘත්තියේ යොදවා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් සංවාදයක් ඇති නොවීමද කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .

දරුවන් මෙහෙකාර වෘත්තීයේ යොදවා ගැනීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලකෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ සඳහා උපරිමයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ඇය ප්‍රකාශ කළාය .