(ඩී.ජී.සුගතපාල)
බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බර පතල වැඩසහිත වසර දෙකක සිර දඩුවමක්ද රුපියල් දස දහසක දඩයක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිමට නියම කොට සිර දඩුවම් වසර දහයකට අත් හිටුවනු ලැබීය.
දඩ නොගෙවන්නේ නම් තවත් මාස හයක්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඩුවමක්ද විත්තිකරුට නියම විය.
හික්කඩුව පොලිස් වසමේදි 2013 මැයි 5 දින සිට මැය 14දක්වා කාලය තුළ අවරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හිටවපු දඬුවමකින් ඇති වැඩේ මොකක්ද?
කවුද මේ විත්තිකරු නම මොකක්ද? ගම කොහේද?