IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර

රෝෂන් තුෂාර

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(08) නියෝග කළාය.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පදිංචි මොහොමඩ්‍ සමීම් නැමැති පුද්ගලයකු මෙසේ පැය 72 ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය .

කුරුඳු වත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් සැකකරු පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

සැකකරු පැය 72 ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළාය.

 



අදහස් (1)

දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර

Dasun Friday, 09 May 2025 08:05 PM

අනිවාර්යයෙන්ම දින 90ක රැඳවුම් නියෝග ලබාදිය යුතුයි. විමරුශණ අවසන් වූ වහාම නීතිපති විසින් කෙළින්ම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site