තරිඳු ජයවර්ධන
උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ උපදෙස් පරිදි අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් දැරියගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
ලබන සතියේ එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු අධ්‍යාපන නිලධාරීන් කොළඹ කාර්යාලයට කැඳවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ වාර්තා සැලකිල්ලට ගෙන පැමිණිල්ලකින් තොරව පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගුරුවරුන්, විදුහල්පතිලා ප්‍රශ්න විසඳන විදියේ ලොකු අවුලක් තියනවා. ඒගොල්ලෝ දැන ගන්න ඕන ඕනෑම ළමයෙකුට ආත්ම ගරුත්වයක් තියන විත්තිය. ප්‍රශ්නයක් තිබ්බත් ඔය විදියට නෙවෙයි විසඳන්න ඕන .
මෙවන් මෝඩයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.
ජගත් මහත්තය ඇතටම ඇත්ත කතාව. දැන් ගුරුවරු කියන්නේ කවුද කියල හිතෙනවා. ඉස්සර ගුරුවරයෙක් කිවුවම ගෞරවනිය රස්සාවක් දැන් දකින දේවල් දැක්කම මෙයාල විශ්ව විද්‍යාලවල හරියට ඉන්න ඇති වගේ ( හැම ගුරුවරයෙක් ම නොවේ ). ළමයට හේතු සොයා බලා කටයුතු නොකර දොස්තොරලා වෙන්න ගියාම ඔහොම තමා..
ගුරුවරු වුනාම දරුවන් ගැන හිතල අදාල ගැටලුවලට උත්තර දිය යුතුය. මන්ද යත් දරුවන් තේරුම් ගැනීමට හා ඔවුන්ගේ ගැටළු අවබෝද කර ගැනීමට හැකි පිරිස වන්නේ ගුරුවරු නිසාවෙනි. ධනවාදී සමාජය සමග මුදල් මත යැපෙන සිත් නැති මිනිසුන් බිහිවීම ගුරු පරපුරත් යටවීම මහා ඛේදවාචකයක්. බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ දේශනා කල ගුරු ගෝල සම්බන්දතා කෝ..........
පරික්ෂනනම් පටන් ගන්නවා. ප්‍රතිපල ගැනනම් අහන්න ලැබෙන්නේ නෑ. සාරිය අල්ලන්න දාපු ළමයි ගැනත් පරීක්ෂණයක් පටන් ගත්ත නේද? කවදද වාර්තාව පිට කරන්න බලාපොරොත්තු වෙන්නේ?
දැන් කාලෙ අහන්න වෙන දේවල් එක්ක මෙහෙම දෙයක් වුනාම කලබල වෙන්න ඇති. ඒත් ඒ දරුවට ඒවගේ දෙයක් වෙලා නැත්නම් ඒ ළමයගේ ආත්ම ගරුත්වයට මෙයින් වෙච්ච හානිය කියල නිම කරන්න බෑ. මේවගේ මෝඩ ගුරුවරු හා විදුහල්පතිලගේ වැඩ තහනම් කරල ආයෙත් රස්සාවක් කරන්න බැරි තත්වයට ගේන්න ඕන. අපේ ළමයිනුත් උදේට නොකා ඉස්කෝලෙ දුවන්නේ රෑට කාපු බත්ටික විතරයි බඩේ. ඉන්ටවල් එකට කෑම කනකම් ඒ ළමයි හාමතේ ඒ අයට වමනේ යනව කියන එක අහන්න දෙයක් නෙමෙයි. අද ළමයින්ගෙන් 10%ට වැඩිය ගෑස්ට්‍රයිටීස්. මේ වගේ ගොන් තීරණ ගන්න කලින් පොඩ්ඩක් විචාරශීලිව බලන්න තිබුණා. හරිම අප්‍රසන්න හැසිරීමක් මේ පාසලෙන් වාර්තා වුනේ.
දැන් ගුරුවරුන්, විදුහල්පතිලා 8 පාස් දේශපාලඥයන්ට දෙවැනි නැත.
පාසල් සමයේ මේ විදුහල්පත්නියට වමනය ගියගමන් ගැබ්ගෙන ඇතිබව දැනගැනීමේ අත්දැකීමක් තියෙන්න ඇති
අර සාරි වැඩේ වගේ යට ගහන්න එපා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
සමහර පාසල්වල විදුහල් පතිනියන් පාසල්වල ඉගෙන ගන්න ළමුන්ගේ දෙමවුපියන් සහ ගුරු දෙගුරු සංගම් හරහා ප්‍රාදේශියව විශාල බලයක් ගොඩ නගාගෙන ඇත. මොවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමට ගියහොත් බොහෝවිට ජනතා උද්ගෝෂණ වැනි දේවලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙය බොහෝවිට බලපානුයේ අර්ධ නාගරික පාසල් වලය. මෙයට හොඳම විසදුම අවුරුදු 5 න් 5 ට විදුහල්පතිවරුන්ද අනිවාර්යයෙන් මාරු කිරීමය
ඒ අහිංසක දරුවට වද දී දවස් කියක් ගියාද තාම ඕකට හරි දඩුවමක් දුන්නේ නැද්ද. මොනවද ඔය පරික්ෂණ. වැඩ නැති මිනිස්සුන්ට වැඩ හදලා දෙන්න පරික්ෂණ නෙවෙයි. හරි වැරද්ද බලලා දඩුවම් දෙන්න
අපි කුඩා කාලයේ අපේ ගුරුවරු අපට සැලකුවේ තම දරුවන්ට වගේ අපිත් ඵ් අය ගැන සිතුවේ මිහිබට දෙවිවරු ලෙසයිි, ඵ්ත් දැන් සමහර ගුරුවරු(හැමෝම නෙවෙයි) යක්ෂ යක්ෂනියන් වගෙයි හැසිරෙන්නේ. මේවගේ ගුරුවරු පාසැල් වලින් පන්නන්න ඕන. මේ කාර්යට සම්බන්ද සියලුම දෙනා ගුරු වෘතියෙන් ඉවත්කර මී හරක් බලාගන්න හරක් ගාලකට යැවීම තමයි හොද.
මට මතක් වෙනවා බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඔයවගේ සිද්ධියක් ගැන, මෙහෙණියක් ගැබිනියක් කියල වෙච්ච සිදුවීමක්, බුදුහාමුදුරුවෝ විශාකාව වගේ අය ගෙන්වල පරීක්ෂණයක් කලා ඇත්ත හොයා ගන්න , ඔය කියන ඉස්කෝලේ ලොකුනොන මගේ හිතේ අවිවාහක කෙනෙක් වෙන්න ඇති , ඉස්සර අම්මල ගබිනියගේ උදරය දිහා බලල හරියටම කියනවා හම්බුවෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියල
මේ පින්තූරයේ අදහස කුමක්ද?