යාපනය නවීකරණය කරන ලද ඇල්ෆර්ඩ් දුරෙයි අප්පා ක්‍රිඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (18) උදෑසන විවෘත කෙරිණ.
ඊට සමගාමීව පාසල් සිසුන් 11000ක් පමණ සහභාගී වූ යෝග වැඩ සටහනක් පැවැත්විණ.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම වැඩසටහන සජීවීව නරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාව අරඹමින් සඳහන් කළේය.
නවීකරණය කරන ලද ක්‍රීඩාංගණය යළි විවෘත කිරීමට ලැබීම භාග්‍යයක් බවත් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය වැඩි කරන තවත් එක් අවස්ථාවක් බව ජනපති මෙහිදි කීවේය.
ජනපතිගේ කතාවෙන් පසු ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝද ඉන්දියාවේ සිට සජීවිව උත්සව සභාව ඇමැතීය.
ඉන්දියා රජය සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සහෝදරත්වයෙන් සිටින බව මෝදී කීවේය.
ඉන්දියා රජයේ ආධාර මත මෙම ක්‍රීඩාංගණය නවීකරණය කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෝදි අපේ රටේ දේවල් වලට මැදිහත් වෙන්නේ? තිලක් සහෝදරයා කිව්වා වගේ ඇත්තටම අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? නැත්නම් එයාලගේ ප්‍රාන්තයක් කරගන්න යනවද? මෝදිට මෙච්චර ලංකාව ගැන තියන කැක්කුම මොකක්ද? රටක් විදියට බලන්න පාට කණ්ණාඩි ගළවලා (නි)
මීටවැඩිය හොඳයි මේ රට පවරා දුන්නා නම් ඉන්දියාවට (නි)
රාමන්, බුදු දහම ඇවිල්ලා තියෙන්නේත් ඉන්දියාවෙන් (නි)
මිලාන්, ඔච්චර කුහක වෙන්න එපා. යුද්දෙන් නිදහස් කරපු නිසා තමා කට්ටියට මෙහෙ ඉඳන් ගිහින් එහෙ මේවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ... (ර)
මොකටද මගේ කට! (නි)
රාමන්, ඔබට මාගේ ප්‍රණාමය! ඔබ වැනි දමිළ ජනයා රටට වාසනාවන්! (නි)
දැන්වත් ජනතාවට විහිලු සපයන්නේ නැතුව රජය කටයුතු කරනවා නම් හොඳයැයි සිතමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ සියලු දෙනා මේ රටේ පරමාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩත්වය සුරැකීමට බැඳී සිටී. (නි)
වෙනස තේරෙනවද..ටික ටික අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වේගෙන යන්නේ.ඉන්දියාවත් උදවු කරන්නේ උතුරු නැගෙනහිරට විතරයි.අනිත් පළාත්වල ඉන්නේ මිනිස්සු නෙමෙයිද.වතුකරයේ කොච්චර දුක් විඳින ජනතාවක් ජිවත්වෙනවද? ඔවුන් දිහා කවුරුත් ඇස ඇරලා බලන්නේ නැහැ.(හේ)
අපි මොනවටද ඉන්දියාවට යටත් වෙන්නේ ,පුරුදුකර කර ගත්තම කාටද වුන දේ තමයි එන්නේ, (හේ)
අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් ද? (හේ)
ඉන්දියානු නායකයන්ට වුනත් ඕනෑවට වැඩිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේවල් වලට ඇගිලි ගහන්න දෙන්න නරකයි.. (හේ)
අනේ මන්දා මේවට උත්තර දෙන්නෙ කොහොමද කියලා (නි)
කට්ටියම කැසකවන්නේ, "දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන්න වගෙයි". මේ උතුම් පොසොන් පෝය දවසේ මීටවැඩි දෙයක් නැද්ද ජනතාවට දෙන්න? (නි)
උතුරේ ජනතාවට (දෙමළ පක්ෂවලට නොවේ) සාධාරණ දුක් ගැනවිලි නැහැ කියලා හිතන තාක් කල් ජාතික ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. ඒ අතින් ගිනි තැබූ පුස්තකාලය යලි තනා දීමත් දොරයප්පා ක්‍රීඩාංගනය සකස්කර දීමත් ඉතා වටිනා දේවල්. දෙමළ ජනතාව මුලා කරන්නට දෙමළ පක්ෂවල මන්තීන් ගෙනයන ප්‍රචාරක ව්‍යාපාරවලට පිළිතුරු දිය යුත්තේ මේ ආකාරයටයි. කවුරු මොනවා කිව්වත් උතුර මේ රටේ කොටසක් වෙනවා වගේම ඒ මිනිස්සුත් මේ රටේ පුරවැසියෝ.(හේ)
ඉදියාවේ සල්ලි වලින්ද මේක හැදුවේ. එහෙම නැත්තන් යාපනය ඉන්දියාවේ කෑල්ලක්ද. ඇයි මේකට ඉන්දියාව පටලවන් තියෙන්නේ. (හේ)
යාපනයට යන්න පුළුවන් වුණේ නරේන්ද්‍ර මහත්තයා නිසාද. මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ (නි)
ශ්‍රී ලංකාවේ 60% මෝඩ මිනිසුන් සිටිනතුරු ශ්‍රී ලාංකිකයන් පරගැතියන් බිහිකරනු ඇත (නි)
බොහොම හොඳයි. ජයවේවා! (නි)
ඉන්දියාව මොකටද මේවා බලන්නේ? (නි)
යුද්ධ කරලා දිනන්න බැරි වුණාට, දැන් දේශපාලනයෙන් සමහරු දිනලායි තියෙන්නේ (නි)
අපේ රට මෙච්චරම නිවට වෙලාද කියලා හිතෙනවා. රට නිදහස් කරලා දුන්නේ එක්කෙනෙක්. හැබැයි උත්සව අමතන්නේ තව කෙනෙක්. (නි)
නරේන්ද්‍ර මෝදිලා කරන ඒවත් අපි එතකොට සජීවීව නරඹනවාද? (නි)
මිලාන් වගේ අය ඉන්නකම් ලාංකිකයන් හැමදාමත් පරගැත්තන් තමයි (නි)
කොච්චර ආඩම්බරද? තව තව මේ වගේ පින්වත් නායකයන් බිහිවෙනවා නම් අපි මොකද කරන්නේ කියලාත් ඉක්මණටම තීරණය කරනවා (නි)
ඔව්, උඩින් පරිප්පු දානකොට මිලාන් කොහෙද දන්නෙ නැහැ හිටියේ. ඉට්කා දෙන්නෙත් රිමෝට් එකෙන්. බලා ඉන්නකෝ (නි)
අතීතය, සත්‍ය දන්නා අපිට නම් ඕවා විහිළු වැඩ. (නි)
ඉෂාඩ්, නරේන්ද්‍ර මෝඩි කැමතිවෙයි අපි එයාලගේ ඒවාත් සජීවීව නරඹනවා නම්. අපි කොහොමත් සජීවීව සහ අජීවීව රූපවාහිනියේ නරම්ඹන්නෙම එයාලගේ දේවල්නේ. හැබැයි අපේ රාජ්‍ය නායකයෙකුට එයාලගේ උත්සවය අමතන්න අවස්ථාවක් නම් ලැබෙන එකක් නැහැ එයා ඔය කළ විදිහට. අනේ මගේ ලක්මවට කරන අගෞරවයක්! (නි)
වෙනවනම් හොද දෙයක් ඒක උතුරේත් දකුණේත් කමක් නැහැ. එත් අපි නිවහල් රටක් නේද කියන එක අමතක කරන්න එපා. (ර)
උපා, මම ඔයාගේ මධ්‍යස්ථ කතාව ඉහළින් අගයමි (නි)
අනේ මන්දා මේවට කොහෙන්ද හිනාවෙන්න ඕනෑ කියලා (නි)
ඇයි මේ යාපනය ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? මේවා තමා ඉන්දියාව යාලු කරගන්න දීපු පොරොන්දු. අනේ මෙහෙමත් රටක්? (නි)
දුරෙයි අප්පා ක්‍රීඩාංගණයේ මෝඩිලා ක්‍රිකට් ගසති! අපි අත්පුඩි ගහමු. (නි)
ලංකාවේ ජනාධිපතිතුමා ඇයි ඉන්දියාවට මේවා පෙන්වන්නේ? (නි)
මියගිය සෝමවංශ අමරසිංහ මහතා වරක් කිව්වා රටක් වශයෙන් අපේ අභිමානය අප රැකගත යුතුයි කියලා. මට හිතෙන්නේ අප රටේ අභිමානය දැන් අභියෝගයට ලක්වෙලා වගේ. (නි)
මෙම ක්‍රීඩාංගනය නවීකරණය කළේ කාගේ සල්ලි වලින්ද කියලා කවුරුත් දන්නවාද? (නි)
දැන් හැමදේම වෙන්නේ අල්ලපු ගෙදරට ඕනෑ විදිහටද? අනේ නැවතත් රටේ සමගිය නැතිකරන්න නම් දෙන්න එපා. (නි)
රාමන්, ඔයා දෙමළ වුණත් ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතන එකත් අපිට ආඩම්බරයක්. අපි හැදුනේ වැඩුනේ, ඉස්කෝලේ ගියේ සෙල්ලම් කළේ ඕගොල්ලොත් එක්ක. අපේ හිතේ වෙනසක් කවදත් නැහැ. (නි)
එතකොට අපේ රටටත් ඉහළින් ඉන්දියාවද ඉන්නේ? (නි)
මේකෙ ඉන්දියන් කතා නැහ. ශ්‍රී.ල.නි.ප.ය නැවතත් උතුරේ ක්‍රියාත්මක කිරීම තමා මේ ආරම්භ කරලා තියෙන්නේ. (නි)
අපි ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තේ වෙන එක අපිට කොච්චර ආඩම්බරයක්ද! ඇයි ඒ වෙනසට ඊර්ෂ්‍යා කරන්නේ? ඇයි ඒ වෙනසට අකමැති? ඒ වෙනස නේද ඉල්ලුවේ? (නි)