IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දර්ගා නගරයේ ගෑස් පෝලීම උණුසුම් වෙයි

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම දර්ගා නගරයේ  ගෑස් පෝලීම්  වල රැදී සිටි පිරිස ,පොලීසිය සහ ගෑස් අලෙවි නියෝතයා සමඟ  අද (21) උණුසුම් තත්ත්වයක් ඇති විය.

නගරයේ  පොලිස් මුරපොල, ප්‍රාදේශීය සභා උපකාර්යාල  සහ තැපැල් කාර්යාලය  ආසන්නයේ  වටරවුමක්  ආකාරයෙන් දිගුගෑස්  පෝලිමේ සිටි ජනතාවගෙන් පුද්ගලයන්  තුන්සියයකට පමණ ගෑස් නොමැති බව පැවසීමත් සමඟ  මෙම තත්වය  ඇති ව තිබේ.

අලුයම  සිට  රැකියා වලින් නිවාඩු දමා පෝලිමේ සිට හිස් අතින්  ආපසු නිවෙස්  වෙත යාමට සිදු වූ  එම ජනතාව  පවසා සිටියේ   පෝලිමේ සිටින පුද්ගලයන්ට කිසියම් ටෝකන් පතක්   ගෑස් තිබෙන ප්‍රමාණයට ලබා දෙන්නේ නම්  තමන් මෙයාකාරයෙන් දින ගණන් රස්තියාදු නොවන බවයි .

පාන්දර හතරේ සිට  ගෑස් ලොරිය පැමිණෙන  තෙක්   පෝලිමේ සිටියත්  ගෑස්   ලබාදීමට හැකි වී ඇත්තේ   පුද්ගලයන් 250කට පමණ බව   එම  ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් කීහ .

බොහෝ ප්‍රදේශවලින් පැමිණි පිරිස්  කූඨ උපක්‍රම යොදා  මුදලට පෝලිමේ පුද්ගලයන්ව තබා ගෑස්  ටැංකි හය හත  මිලදී ගන්නා ආකාරයත්  දැකගත හැකි විය .

ගැබිනි මව්වක්ද   සිය බිළිඳු දරුවා සමග  පෝලිමේ සිට ටැංකියක් මිලදී ගත් බව  කීහ . 



අදහස් (0)

දර්ගා නගරයේ ගෑස් පෝලීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site