
(සුමිත් පොතුපිටිය)
පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82 ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක බව පොලිසිය කීය.
අද අළුයම රාත්‍රි අමුත්තන්ගේ රාත්‍රිය නමින් සිදුකල විශේෂ මෙහෙයුමකදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක්ප්‍රිය මහතා ඇතුළු නිළධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතර තුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.
සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් , ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන 82ක් පානදුර නිවසකින් සොයාගනී