ගලේවෙල හිනුක්ගල මාපිය යුවළක් තම කුඩා දරුවන් හත් දෙනා ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ගෙන දුක් විඳිති. එම්. ආර් .වසන්ත කුමාර (32) මහතා සහ බිරිඳ රේණුකා රාජපක්ෂ (32)යුවළට ස්ථිර රැකියාවක් නැත. කුලී වැඩකර පන ගැට ගසා ගනිති.
දුලක්ෂ (15),ලක්ෂිත (13),ධනංජය (10),නෙත්මි (8),නෙහාරා (6),විෂම මාස 2,දෙනෙත් (3) දරුවන් හත් දෙනාට පාසල් උපකරණ, ඇදුම් ,ප්‍රමාණවත් නැත.
කෙතරම් දුප්පත් වුවත් තමන්ට දරුවන් වැඩි නැති බවත් කුමන හෝ දුකක් විඳ දරුවන් ජිවත් කරවන බවත් මේ දෙදෙනා කියති.
ඔවුන්ගේ ලිපිනය එම පි එස් වත්ත ,හිනුක්ගල දේවහුව ,දුරකථනය 0775232984 බැංකු ගිණුම ලංකා බැංකුව ගලේවෙල රේණුකා රාජපක්ෂ 75186105.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම දෙනා එකා වගේ එකතු වෙලා මේ අයටත්, මෙවැනි තවත් පවුල් ඉන්නවනම් ඒ අයටත් උදව් කරන්න ඕන. (ර)
මෙවැනි දුප්පත් දරු පැටවූ ගැන සජිත් ප්‍රමදාස මැතිදුන්ගේ නෙත ගැටේවා.! හැකි අය එකමුතුව උදවු කර දරුවන් වෙනුවෙන් යමක් කරමු. (ර)
සිංහල අපිට ආදර්ශයක් (නදී)
ලංකාදීප, ඔබලාගේ යුතුකමයි මේ ඉටු කරන්නේ. මේ පවුලට මමත් උදව් කරනවා . අපි හැමෝම ජාතිය බේරාගැනීමට කැප වෙමු.(දිල්)
මේ ගොල්ලන්ගේ ටෙලිෆෝන් නොම්මර ගන්න පුලුවන්ද ? අපිට ගෙයක් හදලා දෙන්න පුලුවන් (නදී)
අසෝකා, ඔබ මේ අය වෙනුවෙන් කරන ඕනෑම උපකාරයකට මමත් , මගේ පවුලේ අයත් උපරිම දායකත්වය දෙනවා (දැනට කරන මුල්‍ය අාධාරයට අමතරව)..ෆේස් බූක් හරහා ප්‍රසාද් පොතුපිටියට දන්වන්න (බ)
මේ අදහස් දාපු අපි හැමෝම රු.1000 ගානේ දාමුද ??(ශාන්ත හැර) මොකද කියන්නේ...වැඩි කතා ඕන නෑ රු. 30,000 ට වඩා ලැබෙනවා..සුළු ව්‍යාපාරයක් ඇරඹිය යකියි...(නැත්නම් වෙනත් ගනනක් යෝජනා කරන්න...) (නදී)
වැඩිමහලු දරුවා පොඩි දරුවාව වඩාගෙන ඉන්න පින්තුරය දැක්කම මට මගේ ලොකු අයියව මතක් වෙනවා. තාත්තා නැති උන දා ඉඳලා අපිට තාත්ත කෙනෙක් වුනේ එයා. අද මම මෙහෙම ඉන්නේ තමන්ගේ මුළු බාල තරුණ කාලයම පවුල වෙනුවෙන් කැප කල අපේ ලොකු අයියා නිසයි. ඔය විදියෙම පින්තුරයක් අපේ ගෙදරත් තිබෙනවා. (නදී)
අපි හැමෝම උදවු කරමු (නි)
අපි පුළුවන් විදියට උදවු කරන්නම්. ගිණුමට මුදල් දමන්නම් (නි)
මේ වත්තේ අල, බතල. මයියොක්කා ටිකක් වත් වවාගන්න (නදී)
පවුල් සැලසුම් ගැන බයිලා වැඩක් නැ. මේ ලමයි හත් දෙනාම ලොකු සම්පතක්. පුලුවන් එකා හදන්නේ දෙකයි නැත්නම් උපරිම තුනයි. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ පවුලට උදවු කරන්න. (බ)
ඔබට තව තවත් ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)
මේ වගේ ඒවට උදව් කරන්න ගියොත් සමහර අය මේක ව්‍යාපාරයක් විදිහට කරයි (නදී)
තෙරුවන් සරණයි! ඔබ පවුලේ සැමට අපි ඉදිරි කාලයේදී උදව් කරනවා. පුදුම සතුටක් දැනෙනවා දරුවෝ ටික ඉන්න නිදහස දැක්කහම (නදී)
ඇත්තටම ගොඩක් සතුටුයි ,,,මට පුළුවන් විදියට මා උදවූ කරනවා ලංකාවට අාවම. (ස)
මට තියන විදිහට මාස්පතා උදව්වක් කරන්න බලාපොරොත්තු වෙමි (නදී)
ජනක, ඔබ හරි (නි)
මෙතන සිංහල,මුස්ලිම්,දෙමළ බේද වැදගත් නැහැ (නි)
මට මේ අයට උදවු කරන්න කැමතියි (නි)
සේරම අය පවුල් සැලසුම් කියා දෙනවා එහෙම නෙමෙයි. පුලුවන් උදව්වක් කරන්න එකතු වෙලා (නදී)
ෂෙහාන්,ඔබත් යන්තම් අවුරුදු 16ක් වෙනකොට කෙල්ලෙක් එක්ක ගියාද ? (ස)
ප්‍රසාද්, මේ පවුල බැලුවම සුළු ව්‍යාපාරයක් තමයි. බන්දුල අමෙතිතුමා කිව්වා රුපියල් 2500/= ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් 30,000/= එකතුකරන්නේ ඔයත් අර ගම්මන්පිල වගේ වෙන්නද? (නදී)
මෙවන් මවුවරු රටකට වාසනාවන්! (නි)
අවශ්‍ය වෙන්නේ පවුල් සැළසුම් කිරීම ගැන දැනුවත් කිරීමයි. (නි)
මෙවන් පවුල් තවත් කොපමණ නම් ඇද්ද? (නි)
මේ වගේ දුප්පත් වුනත් වාසනාවන්ත පවුලකට පවුල් සැලසුම් ගැන කියන්නේ නැතුව, මේ තරම් ළමයි ඉන්න වාසනාවන්ත පවුලක් කියලා පුළුවන් හැටියට උදව්වක් කරන්නයි ඕනේ. මෙපමණ ළමයි ලබන්න ඒ දෙන්නා කොච්චර වාසනාවන්තද? දුප්පත් වෙලත් අම්ම තාත්ත ආදරේ කරන ඒ ළමයි කොච්චර වාසනාවන්තද? (නදි)
මට පුළුවන් උදව් කරන්න පොඩියට. මට පුළුවන් මහන මැසිමක් දෙන්න (නදී)
ප්‍රසාද් මම ඔබේ ෆේස් බුක් එකට පනිවිඩයක් එවා ඇති. එය ඔබගේ නම් පිළිතුරු ලියන්න. අපට මේ අය වෙනු වෙන් කල හැකි දේ එහි ගිය පසුව ඔබලාට දන්වන්නම්. (නදී)
මුදලින් උපකාර කරන්න කැමැතියි. මුදල් ගිණුමට දාන්නම්. මේ දරුවෝ රටේම සම්පතකි. ඔවුන්ට දළදා සමිඳු රැකවරණ ලැබේවා! (නි)
ඔය බල සේනාවට කිව්වා නම් (නදී)
පුළුවන් වියකට අපි සියලු දෙනා උදව් කරමු මේ අසරණ පවුලට (දිල්)
අැත්තටම මම මේ ප්‍රවෘත්තිය දැකලා සතුටුවුණා.මේ වීර දෙමාපියන් දෙපළට සෙත්පතන්න.අනික මට පුළුවන් විදිහට මේ දරුවන් හදාගන්න සෙනසුරාදාට ලැබෙන්න තෑගිබෝග ටිකකුත් යැව්වා.ඔබටත් මේ වීර දෙමාපියන්ට උපහාර දක්වන්න කියලා ඉල්ලනවා.දරුවන්ටත් මාපියන්ටත් තෙරුවන් සරණින් සෙත් වේවා ! (නි)
ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව විවාහවීමේ ආදීනව තේරෙන්නේ කල්ගතවූ පසුයි. (නි)
ඉන්න හිටින්න හරිහමන් ගෙයක් නැති, ආදායමක් රස්සාවක් නැති මේ වගේ දුප්පත් අයට පවුල් සැළසුම් ක්‍රම පිළිබඳව නිසි දැනුවත් කිරීමක් කළයුතුයි නේද? මේ වගේ තව උදවු අවශ්‍ය පවුල් කීයක් ලංකාවේ ඇද්ද? (නි)
සිංහල ජනගහනය වඳ වෙනවා කියා සිතන හැමෝටම කරන්න හොද වැඩක් මේ පවුලට උදව් කරන්න පුලුවන්නම්. අපි උදවු කරමු. (නදී)
මමත් කැමතියි උදවු කරන්න. ඔයාලා කරන දෙයක් මටත් කියන්න. මමත් උපරිම උදවුවක් කරනවා (නි)
දරුවන් කියන්නේ සම්පතක්. ප්‍රශ්ණයක් කරගන්න එපා. පුළුවන් අය උදව් කරන්න. (නදී)
එක එක්කෙනාට දොස් පවරන්නේ නැතිව හැකි හැම කෙනෙක්ම උදව් කරමු. (ත)
මේ වගේ අහිංසක දුප්පත් පවුලකට උදවු කළයුතුයි. ඒ වගේම වහාම පවුල් සැළසුම් ක්‍රමයක් මඟින් දැනුවත් කළයුතුයි. නැත්නම් දුක් විඳින්නේ අහිංසක ළමයි. (නි)
මම නම් ආසයි මේ පවුලට. හැකි උදව්වක් සද් භාවයෙන් කරන්නෙමි. කෙතරම් වාසනාවක්ද? (ර)
පවුල් සැළසුම් කතාවට මම විරුද්ධයි. ඒ අය කැමති නම් ළමයි හදන්න, එහෙම හදන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. අපිට පුළුවන් විදියට උදව්වක් කරන්න තමයි තියෙන්නේ. ලංකාදීප, ගොඩක් පින් ඔබට මෙවැනි පවුලක කතාව පළකිරීම පිළිබඳව. බලන්න මේ දරුවන් කොච්චර ලස්සනට සතුටින් ඉන්නවද කියලා (නි)
කාන්තාවන්ට අධ්‍යාපනයේ වටිනාකම කුඩා කලසිටම ඒත්තු ගැන්විය යුතුයි. පුතාලට වැඩිය දූවරු ඒ ගැන දැනුවත් කළයුත්තේ මෙවැනි තත්ත්ව වලින් වැඩියෙන්ම අමාරුවේ වැටෙන්නේ කාන්තාව නිසායි. අද කාලයේ තමන්ටම කියලා ආර්ථික ශක්තියක් නැතුව විවාහයකට යනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කපනවා වගේ වැඩක්. (නි)
හොඳ දෙමව්පියෝ ඔය වගේ ලංකාවේ හැමෝම ළමයි හදන්න ඕනෑ. පුළුවන් විදියට උදව් කරමු. (බ)
මමත් හෙට මුදල් එයාලගේ ගිණුමට දානවා (නි)
දරුවෝ හතක් රටට වාසනාවක්! (නි)
අනේ සමන්ති! (නි)
උදව්වක් කලා (නදී)
සිංහලයන් උදවු කරන්න ඕනෑ මේ වගේ සිංහල ජාතිය වැඩිකරන්න උනන්දුවන අම්මලාට. (නි)
දරුවන් ලබන්නත් පිනක් තිබෙන්න ඕනෑ. හැම දෙයක්ම තිබිලා දරු සම්පත් නැතිවුණාම දැනෙන දේ වචනයෙන් කියන්න අමාරුයි. (නි)
අසරණ මේ පවුලට පුළුවන් විදියෙන් උදව් කරනවා (නදී)
බොදු බලසේනාවට මෙන්න අවස්ථාවක්. ලෝකයට පෙන්වන්න වැඩ....! මගේ ජාතියට ජයවේවා! (නි)
මෙතැන් තිබෙන්නේ පවුල් සැළසුම් ප්‍රශ්නයකටත් වැඩිය තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගැනීමට මෙවැනි කාන්තාවන්ට දැනුමක් නොතිබීමයි. මැයට දැන් වයස 32 නම් පළවන දරුවා ලැබී තිබෙන්නේ වයස අවුරුදු 17 දී. එසේ නම් විවාහය අවුරුදු 16 දීවත් සිදුවෙන්න ඇති. පවුල් සැළසුම් තියා තමන්ගේ ජීවිතය ගැනවත් හරිහැටි සැළසුම් කරගන්න දැනුමක් වයසේ හැටියට නොතිබෙන්න ඇති. ඇතැම්විට දෙමාපිය වැඩිහිටි මඟපෙන්වීමේ අඩුපාඩුවක් නිසා හෝ වෙනත් ආර්ථික ප්‍රශ්න නිසා මේ තත්වයට වැටෙන්න ඇති. වුණ දේ වුණානේ. දැන් හැකි විදියට අනෙකුත් අයගෙන් උදව් ලැබෙනවා නම් හොඳයි. (නි)
සමහරු මෙතනටත් ජාතිය ඇදලා ගන්නවා. (නි)
නුගත්කම හරි මොනයම් වෙන හේතුවකට හරි මේ වගේ පවුල් දරුවෝ හදපු නිසා තමයි අපේ සිංහල බෞද්ධ රට තාම රැකිලා තියෙන්නේ. සල්ලි තියෙන මිනිස්සු විලාසිතාවට හදන්නේ ළමයි දෙන්නයි. (නි)
අපි පුලුවන් විදියට පිහිටවෙමු (නි)
කොහොමහරි හදාගත්තොත් වටින්නේ අනාගතයටයි (නි)
දරුවන් වැඩියි කියලා කොහොම හිතන්නද? අපිට පිරිමි දරුවෝ දෙදෙනෙකුට පසුව දුවෙක් ලැබුනේ නැතිඑකට අදටත් දුක්වෙනවා. මේ අයගේ විස්තර තව ලැබුනොත් ආධාර කරන්න පුළුවන්. අපි උදව් කරන්න කැමතියි. (නි)
මට මේ පවුලට උදවු කරන්න අවශ්‍යයි (නි)
මේකේ අදහස් පළකරන අය කියනවා පවුල් සැළසුමක් ගැන. ඔය වසංගතය තමයි අපේ සිංහල ජාතිය නැතිකරන්නේ. ළමයි ගොඩක් සිටීම මුලදී ටිකක් කරදර තමයි. නමුත් හරියට හදාගත්තොත් ඉතින් රටම ගොඩ. ඔය අතරේ ඉතා දක්ෂ නිර්මාණශීලින් බිහිවෙනවා. (නි)
මේ පවුලට අත හිත දෙන්න ඕනේ.(හේ)
මොනවාහරි හොඳ දෙයක් කරමු. මෙතැනට අදහස් වැඩක් නැහැ. අපි මේ අයට ගැළපෙන වැඩපිළිවෙලක් හදමු. (නි)
රටකට මෙවැනි මවුවරුන් පියවරුන් වාසනාවක්. අපි ඔවුන්ට පුලුවන් විදියට උපකාරයක් කරමු. පවුල් සැළසුම නොව තවත් සිංහල දරුවන් රටට අවශ්‍යයි.මේ වාගේ මිනිසුන් නොදකින්නේ ඇයි දේශපාලකයින්? (නි)
කරුණාකර ආධාර කරමු (නි)
කොච්චර දුප්‍පත් වුණත් ඒ මිනිස්සු රත්තරන්! (නි)
මට හිතට එන අදහස හොඳින්ම සරසි පැහැදිලිකර තිබෙනවා. නමුත් දුක ලංකාවේ දේශප්‍රේමීන්ගේ අදහස් දැක්කහමයි. මේ වගේ දේවල් වලින් සිංහල ජාතිය නැඟී එනවා නම් ඒක විහිළුවක්. ප්‍රායෝගික සත්‍ය නම් නිසි අධ්‍යාපනයක් අවබෝධයක් නැතිකමින් තවත් අපරාධකරුවන් හෝ රටට බරක්වෙන මිනිසුන් ටිකක් බිහිවෙන එක පමණයි වෙන්නේ. (නි)
මේ ළමයින්ට නිසි අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනෑ. මොකද දෙමාපියන්ගේ දුප්පත්කම සහ නූගත්කම නිසා මෙයාලා අයාලේ යෑමට ඇති සම්භාවිතාවය වැඩියි. අනික දෙමාපියන්ට ලොකු ළමයාව ලැබෙනකොට වයස අවුරුදු 17 යි .ඉතින් පාසල් අධ්‍යාපනයක් දෙමාපියන්ට නිසිලෙස ලබාගන්න හැකියාවක් ලැබෙන්න නැතුව ඇති.මේ දරු සම්පත් රටට වැඩදායී ලෙස වැඩීමට අවශ්‍ය පරිසරය ලබාදීම අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්. (නි)
දිනේෂ් , ජාතිය ඔහේ නිකම් රැකිලා මදි. ඒක පිළිවෙලකට රැකෙන්න ඕනෑ. ආර්ථික ප්‍රශ්න නිසා හෝ පවුල් පරිසරයේ අඩුපාඩුකම් නිසා දරුවන් වැරදි මාර්ගයේ ගොසින් නන්නත්තාර වූ විට ඔය ජාතිය ගැළවීමේ මහත්වරු ඇවිල්ලා බේරාගන්නවද? (නි)
නිකන් මෝඩ කතා කියන්න එපා දිනේෂ්. තමන්ගේ ළමයින් සංඛ්‍යාව පිළිබඳ තීරණය පුද්ගලිකයි. කවුරුන් හෝ වේවා තමන්ගේ නෑදෑයන්ට සමාජයට සහ රටට බරක් නැති වෙන්න දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත්වෙන එකේ මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. (නි)
මට දෑනෙන විදියට නම් මෙවෑනි පවුල් වාසනාවන්තයි. මේ දරුවන් ප්‍රවේශමට හදාවඩා ගන්නා අතරතුර හොඳින් අධ්‍යාපනය ලබාදෙන්න රජයේත්, කරුණාබර හදවත් ඈති සෑමගෙත් උදවු ලබාදෙමු. මගේ පවුලෙත් මා ඈතුලුව සහෝදර සහෝදරියන් 7 දෙනෙක් ඉන්නවා. අඟහිඟකම් තිබුනත් ඔවුන් දෙදෙනා අපව ආදරයෙන් රෑකබලා ගත්තා (නි)
අදහස් නම් බොහොමයි. උදවු කරන අය තමයි අඩු (නි)
දිනේෂ්, ඔයා දේශපාලකයෙක්ද? (නි)
මම දන්නා පවුලක දරුවන් 8 දෙනෙක්. දෙමාපියන් අකාලයේ මියගියවිට ඒ පවුලේ වැඩිමල් සහෝදරය සහ සහෝදරිය තමයි ඉතා දුක සේ පවුල රැකබලා ගත්තේ. අන්තිමට පවුලේ බාලයන් ගොඩගියා. හැබැයි වැඩිමල් සහෝදරියට විවාහ වෙන්නවත් බැරිවුණා. පවුලේ ලොකු අයියා කල්ගතවී විවාහ වුණත් දරු සම්පත් අහිමියි. අනෙකුත් බාල සහෝදරයන්ට දෙමාපියන් නැති තමන්ට පිහිටට හිටි මේ දෙන්නා ගැන වගක් නැහැ. ඒ නිසා නිසි පිහිටක් නොලැබුනොත් මේ පවුලේ වැඩිමහල් ළමයින්ටත් ඔය මම කියපු දේ වෙන්න හොඳටම ඉඩ තිබෙනවා. (නි)
පුළුවන් උදව් කරන්න. අපි එනවා බලන්න (නි)
අපිට දරුවෝ දෙන්නයි ඉන්නේ.මේ වගේ දරුවෝ ගොඩක් ඉන්න පවුලක් දැක්කම හරිම ආසයි.මෙවැනි අයට පවුල් සැළසුම් ගැන කියලා දෙන්න නෙමෙයි, හැමෝම එකතුවෙලා උදව් කරන්නයි අවශ්‍ය. (නි)
මෙවන් දෙමාපියන් රටට සම්පතකි (නි)
සිංහලයිනි, එක්වෙවු! අපේ ජාතියට ලැබී තිබෙන සම්පත් රැකගනිවු! (නි)
අනේ පවු කියලා හිතුනා (නි)
මෙහි මුලික වරද නම් නුගත්කමයි. දැන්වත් සියලුම ළමයින්ට සාමාන්‍ය පෙළට පෙනීසිටීම දක්වා ඉගෙනීම අනිවාර්ය කිරීම සුදුසයි. (නි)
දරුවන් කියන්නේ සම්පතක්. හැබැයි තමන් වගකීමක් ඇතුව මව් පිය පදවියට සූදානම් නොවුණොත් ඒ සම්පත් වල වටිනාකම අඩුවෙන්න ඉඩ තිබෙනවා. ඉස්සර සමාජයට වඩා දැන් සමාජය බොහෝ විෂම නිසා දෙමාපියන්ගේ නුගත්කම සහ ආර්ථික අහේනිය , හැදෙන දරුවන් තලා පෙළා දැමීමට තිබෙන ඉඩකඩ වැඩියි. (නි)
මේක ආණ්ඩුවක ප්‍රශ්නයක්වත්, ළමයි හැදීම සම්බන්ධ ප්‍රශ්නයක්වත් නෙමෙයි. අද කාලේ සල්ලි තියෙන අය එක ළමයා හදන්නෙත් බොහොම අකමැත්තෙන්. ඒ සමාජයට මුහුණ දෙන්න ඕනෑ නිසා. එහෙම බැලුවහම මේ දෙමාපියන්ගේ ධෛර්යය ගැන ආඩම්බර වෙන්න ඕනෑ. ඇත්තටම උදවු කරන්න වටිනවා. (නි)
සෑම ළමයකුටම අධ්‍යාපනය ලබාදීම දෙමාපියන්ගේ යුතුකමක්. රජය ඒ සඳහා පරිසරය නිර්මාණය කළයුතුයි. (නි)
කෙහෙම්මල් පවුල් සැලසුම නිසා තමා අද අපේ ජාතියට හෙන ගහලා තියෙන්නේ. ඒක නිසා අපි මේ අය අගය කර උපකාර කරමු හැකි පමනින් (නදී)
අනේ දැන් ඉතින් එක එක ආගමික සංවිදාන උදව් කරන මුවාවෙන් එයි. ඊට කලින් අපේ බෞද්ධයෝ ටික එකතුවෙලා උදව් කරන්න. ලොකු පිනක් (නදි)
මම ජුනි මාසේ ලංකාවට යනවා. එතකොට කොහොමත් මේ අයව බලන්න ගිහින් උදව්වක් කරන්න හිතාගත්තා. ප්‍රසාද් ඔයා වගේ හිතන තවත් අය මෙතන ඉන්නවා; නමුත් ප්‍රශ්නය අපි එකිනෙක ගැන හරිහැටි නොදැන කොහොමද උදව් කරන්නේ කියන එක. (හේ)
තර්ක විශ්ලේෂණ වලින් වැඩක් නෑ. දැන් මේ අයට පුළුවන් උදව්වක් කරන්න බලමු. මොනවා උනත් දරුවන් කියන්නේ සම්පතක්. (නදී)
අර 20000 දීමනාව අවැසි මෙවැනි පවුලක දරුවන්ට. වයස 13 වෙනකම් එක වතාවක් දෙමුද රෝසි ඇමති තුමියනි (නදී)
මේ බැංකු ගිණුම් අංකය හරි ඇති නේද, මේකට සල්ලි දැම්මොත් මෙයාලා ගනියි නේද?(හේ)
මෙම පවුල සමෘද්ධිලාභී පවුලක් නෙමෙයිද? ඔවුන්ට පෝෂණ මල්ලක්වත් ලැබෙන්නේ නැද්ද? (නදි)
බහු බූත කතා කරන්නේ නැතුව ඔය කට්ටියට උදව්වක් කරන්න බලන්න. මම හරි ආඩම්බරයි (නදි)
මම මේ මවට කතාකරලා ලංකා බැංකු ගිණුමට මුදල් ආධාරයක් දුන්නා ගියසතියේ... (නි)
මේ අයට ගෙවත්තේ වගාකටයුතු කරගත්තොත් අඩුගානේ දරුවන්ට මස් මාළු කෙසේවෙතත් පෝෂ්‍යදායී එළවලු ටිකක් හරි කන්න දෙන්න ලැබේවි. අපිට නැහැ බැහැ කියාගෙනම හිටියොත් මොකුත් හරියන්නේ නැහැ. (නි)
ඒක ඒ දෙමාපියන්ට ප්‍රශ්නයක් නැත්නම් මෙතන ඉන්න අයට මොකද? (නි)
අපි උදවු කරනවා (නදී)
පවුල් සැළසුම් ගැන කතාකරන අයටයි මේ කියන්නේ. තමන්ගේ වැඩක් බලාගෙන හිටියොත් හොඳයි. (නි)
මේ පැටවු ඉපදිලා ඉවරනේ... දැන් තියෙන්නේ හදාගන්න උදව් කරන විදිහක් ගැන හිතන එක නෙමෙයිද? මට උදව් කිරීමට පුළුවන්... (නි)
මේවට අනුන් පලි නැහැ. හොදට අත පය තියනවා වැඩක් කරොත් නරකද (බ)
කෝ ඔය අර සේනාව.මේවා පේන්නේ නැද්ද ? (බ)
අපේ පවුලෙත් මාත් සමඟ දරුවෝ අටදෙනෙක් ඉන්නවා.රටට හොඳ පුරවැසියන් ලෙස දෙමාපියන් අප බිහිකළා. මේ දරුපවුලත් රටට යහපතක් කරාවි. වාදකරන එක නතරකර,අපි හැමෝම මේ අයට උදවු කරමු (නි)
දරුවෝ නැතිකරන, මහමඟ, කුණු කාණුවල දමා යන අම්මලාට හොඳ ආදර්ශයක්. මෙවැනි දෙමාපියන්ට රජයෙන් උදවු කළයුතුයි. (නි)
දරුවෝ වැදුවට විතරක් මදි, දරුවො රකින්නත් පුලුවන් වෙන්න ඕනෑ. තමන්ට රකින්න බැරි තරම් දරුවො හදන්නේ ඇයි? (නි)
කොහොමහරි උදවු කරමු (නි)
මේ පවුල වාසනාවන්ත පවුලක්. මෙවන් මවුවරු රටකට වාසනාවන්! නිලන්ත, ශාන්ත හෝමාගම, වගේ මෝඩයන්ට මෙවැනි දරුවන් ඉන්න පවුල් ගැන අගයක් නැහැ. ළමයි ටික දකිනකොට ඇස්වහක් කටවහක් නැතුව බඩ පිරෙනවා. අපි මේ රජයත් සම්බන්ධ කරගෙන මේ පවුල් නඟාසිටුවන්න ක්‍රමයක් හදන්න ඕනෑ. (නි)
පණ්ඩිත කතා එපා. දරුවන් ලැබීමත් වාසනාවක්. ඔවුන්ට කරන්න පුළුවන් උපකාරයක් කරන්න. (නි)
මේ අය ළමයි කොපමණ හැදුවත් ප්‍රශ්නයක් නැහැ, සල්ලි තිබෙනවා නම්. ඔතන වෙන්නේ ළමයි දුක්විඳින එක. ඔය ලොකුවට අදහස් දාන අයත් හදාගන්නකෝ ජාතිය වැඩි කරගන්න කියලා. (නි)
අහිංසක සිංහල පවුලට කරන්න පුළුවන් උදව්වක් නොකර පණ්ඩිත කතා කියවනවා සමහරු (නි)
අපිට පුළුවන් තරමින් ඔබට උදව් කරනවා ... ඔබ ජාතියට සම්පතක් (අ)
මේ දෙන්නා විවාහවෙලා තියෙන්නේ 17 හෝ 16 දී. ඉතින් ජීවිතේ පිළිබඳ මොන අවබෝධයක්ද? අහිංසකයෝ අපි උදව් කරන්න ඕනෑ වගේම මේ වගේ දේවල් වළක්වාගන්න සමාජයේ වැඩපිළිවෙලක් ඕනෑ (නි)
ලගදිම ඔබලා හමු වීමට මා බලාපොරොත්තු වෙනවා (නදී)
මේ ලෝකයේ හැමදෙයක්ම මිනිසුන්ගේ ජීවිත වලට ලැබෙන්නේ තාවකාලික දේවල් හැටියට. එහෙත් දරු සම්පත සදාකාලිකයි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මවුපියන් ඇපකැප වී වැඩකරනවා. ඇත්තටම මෙවැනි පවුල් වලට උදව් කළයුතුයි (නි)
අපිට රිදුනාට මේ දෙමාපියන්ටවත් ,දරු පැටවුන්ටවත් රිදිලා නැහැ. ඒ බව ඔවුන්ගේ මුහුණු වලින් පේනවා. පුළුවන් විදියට උදව් කරමු. දුරකථන අංක තියෙනවනේ. (නි)
පුළුවන් අය උදව් කරන්න. රටට සම්පතක්. (නි)
අහන්නනත් ආසයි. අපි උදවු කරනවා . අනිත් අයත් සිංහල බෞද්ධයොත් මේකෙන් දහිරයක් ගනී. (ම)
හොඳ ආදර්ශයක් සිංහල අපිට (නි)
මම 5000 දුන්නා ඩිපොසිට් කළා (බ)
අපි මේ වගේ අයට උදවු කරමු (නි)
මේ අය මේ ළමයි 7 ක්ම හදලා තියෙන්නේ ළමයි ඕනෑවටම නෙමෙයිනේ. මෙවැනි දුප්පත් පවුල් වලට නිසි පවුල් සැළසුම් ක්‍රම ගැන හරියට කියලා දෙන්න ඕනෑ. එතනයි පළවෙනි වැරැද්ද. ළමයි සම්පතක් තමයි. එහෙමයි කියලා හදන්නන් වාලේ හදලා වැඩක් නැහැ. එහෙම වුණාම තමයි රටට සමාජයට බරක් වෙන්නේ. (නි)
දිනේෂ්, ඉෂාන්, අසෝකා, රොෂානි, නතාෂා සහ අනෙකුත් හදවත් ඇත්තන් ගැන ලාංකිකයෙක් හැටියට ආඩම්බරයි., මමත් හෙට (13) උදෙන්න්ම මගේ දායකත්වය ඒ කියල තියෙන ගිණුමට දානවා. (ර)
ශාන්ත, සමන්ති, ඔච්චර නුගත් විදිහට හිතන්න එපා. මට ඔබලා ගැන පුදුම කණගාටුවක් ඇතිවෙන්නේ. උදවු කරන්න පුලුවන් නම් කරන්න. උගත්යැයි කියා පෙන්වීමට උත්සාහගෙන නුගත් කතා කියන්න එපා. (නි)
මේ කාන්තාවට ස්වයං රැකියාවකට යොමුවෙන්න පුළුවන් නේද? එවැනි උපදෙස් සහ මුල්‍යාධාර දෙන ආයතන තිබෙනවා. අපි නම් නගරබද වුණත් ගෙවත්තේ ඉඩ තිබෙන හැටියට එළවලු පලා වවාගෙන ඉන්නේ. නැහැ බැහැ යනුවෙන් නොසිතා එවැනි දෙයට උනන්දු වියයුතුයි. ලොකු දරුවන්ගෙන් උදව් ලැබේවි. (නි)
මේකේ සමහරුන්ගේ ප්‍රතිචාර දැක්කහම කළකිරෙනවා. අපේ දෙමාපියන්ගේ කාලෙත් පවුල්වල සහෝදරයෝ 7,8 හිටියා. (නි)
අපි පුළුවන් විදියට උදවු කරමු (නි)
හරි දුකයි ළමයින්ගේ මුණු දකින කොට, එත් ඉතින් දුකයි කියලා මොනවා කරන්නද. තමන්ගේ ආර්ථිකයට ඔරොත්තු දෙන විදියට ළමයි හදන්න ඕනි නේද.(හේ)
මේ පවුලට උදව් කරන්න.(හේ)
එළවලු පලා වවාගෙන ඉන්න කෝ වෙලාවක්? (නි)
මෙන්න දෙමව්පියෝ.... දරුවෝ කියන්නේ සම්පතක් ... ඔන්න අවස්ථාව උදව් කරන අයට. ලංකාදීපයට ගොඩාක් පින්..(හේ)
පව් අහිංසක ළමයි. (නි)
රුපියල් දහදාහක් ඔවුන්ගේ ගිණුමට බැරකලෙමි රේණුකා හට දැනුම් දුන්නෙමි. (ර)
කිරි කැටියන්ගේ සිනහ පොඩි වාසනාවන් ... දෙවි පිහිටි (අ)
කුණුගොඩවල් වලට නම් ප්‍රතාචාර ගොඩක් දානවා ,එත් මේ වගේ දේවල් දැක්කම නම් කට්ටියට වගක් වත් නැහැ,ගොඩක් ජාතිය ගැන කියන අපේ හාමුදුරු වරුන්ට මේ වගේ පවුල් වලට උදව්වක් කළොත් හොද නැද්ද (අ)
පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු (නි)
මෙතන තවත් පැත්තක් තිබෙනවා. මම මේ කියන්නේ දරුවන් සංඛ්‍යාව ගැන හිතල නෙවෙයි. මෙහෙම තත්වයකදී පවුලේ වැඩිමහලු දරුවන්ට තමයි වැඩියෙන්ම පීඩනයක් ඇති වෙන්නේ. ඇතැම් විට පාසල් ගමන අතරමග දමල කුලී වැඩට නැති නම් බැල මෙහෙවරට යන්න ඔවුන්ට සිදු වෙනවා. ගැහැණු ළමයෙකු නම් මව වැඩට ගියොත් වයසේ තරමට ඔරොත්තු නොදෙන පවුලේ බාල දරුවන් බලා ගැනීම් , ඉවිලි පිහිලි ආදියට යෙදවෙනවා. ඒ නිසා මේ වැඩිමහලු දරුවන්ගේ අධ්‍යාපනය ගැන විශේෂයෙන් යම් කිසි ආයතනයක් හෝ මැදිහත්වී සොයා බලනවා නම් හොඳයි. (නදී)
කෝ මේ අර පරණ ආණ්ඩුවේ කෙරුවාව කියන අය. ඔය සල්ලි යහමින් තියෙන අය උදවුවක් කලානම් . (අ)
දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා ඔබ සැමට ජේසු පිහිටයි (නදී)
දිනේෂ් , අපේ පවුලේත් 8 දෙනෙක්. අපේ අම්මා ඉස්සර ඉඳන්ම ගෙදර එලවලු පලා වැව්වා. අපි හැමෝටම ඊට සාත්තු කරන්න දවස් බෙදල දීල තිබුනා. එතකොට කාගේවත් පාසල් වැඩ අතපසු වෙන්නේ නැති නිසා. සමහර දවස් වල අපේ අම්ම බාලම නංගිව පිටේ රෙද්දක දවටා බැඳගෙන කොටුවේ වැඩ . බැහැ කිව්වොත් ඉතින් බැරිම තමයි. (නදී)
මොවුන්ට හැකි පමණින් උදව් (දිල්)
මම මගේ පුංචි ගෙවත්තේ වැඩ කරන්නේ පුර්ණකාලීන රැකියාවක් කරමින්. මගේ පවුලත් බලාගෙන සැමියාගේත් මගෙත් දෙමාපියන්ගේත් වැඩ කටයුතු කරන ගමන්. අද මේ වාර්ෂික නිවාඩුවක් ලබුනහමයි සංවාදයට එක්වුණේ. වෙලාවක් නැහැ කියලා හිතන්නවත් වෙලාවක් නැහැ. (නි)
මොනවා වුණත් ගඟේ මූහුදේ දාන්නේ නැතුව වේලක් හරි කන්න දීලා හදාවඩා ගන්න එකම හොඳයි නේද? (නි)
මාසයක කෑම බිල විතරක් හිටපු ජනාධිපති වරයාගේ රුපියල් මිලියන 200 කට වඩා කියා අපි දැක්කා . එහෙත් මෙම ලිපිය කිව්වාම පින්තුර දුටු විට මට ඇතිවූ අදහස් ලියා නිම කරන්න නොහෙකියි , ජනතා ඡන්දයෙන් පත්වන අයට මේවා නොපෙනීම පුදුමයක් (ද්ල්)
අපි විනෝද චාරිකාවක් යනවට වඩා මේ වගේ පවුලක් මුණගැහිලා දුක සැප විමසලා හැකි උදව්වක් කරන එක මොන තරම් සතුටක්ද? (බ)
මේ අයට ලැබෙන්න මුදලක් එවන්න ඕනෑ (නි)
වටිනාම දෙය කියවීම නොව වැඩ කිරිමයි. අපි හැමෝම උදව් කරමු (නදී)
මම උදව්වක් කරනම්. (නදී)
ප්‍රසාද්, මේ අයට මුදලින් අාදාර අවශ්‍යයි. නමුත් මම හිතන්නේ ඔවුන් හමුවී ඔවුන්ට දෙපයින් නැගී සිටින්න පුළුවන් විදියේ යමක් කරන්න පුලුවන්ද කියල එහෙම උදව්වක් කරන්න. මොකද මුදලින් හැමදාම උදවු කරන්න අපටත් බැහැ ඔවුන්ටත් දෙපයින් නැගී සිටින්න පුළුවන් නම් එ්ක අනිත් අයට බරක් වෙන්නෙත් නැහැ. ඒ නිසා. (නදී)
කොයි ආණ්ඩුව ආවත් සිංහල බෞද්ධයෝ බඩගින්නේ. අපි වත් උදවු කරමු මේ අසරණ පවුලට.(නදී)
අහිංසක ළමයින්ට දුක් දෙන් නැතුව ඕන දෙයක්. (නදී)
මේ වගේ පවුල් කීයක් ලංකාවේ ඇද්ද ? මේ හැමෝටම පිහිට වෙන්ට පොදු වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. (ර)
මේ පවුල ගැන රෝසි සේනානායක ඇමතිතුමියගේ අවධානයට යොමු වේවා. ඔන්න ඔබ තුමියට විෂය කාර්ය වලටම ගැලපෙන කටයුත්තක්.(නදී)