IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුර සේවා පෞද්ගලික බස් කොට උඩ

ඉල්ලීම් 11 ක් මුල් කරගනිමින් දුර සේවා පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරු වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් පර්යන්තයේ කිසිදු දුර සේවා බස් ගමනාගමනයක් සිදු නොකෙරේ.

පානදුරේ පොදු බස් නැවතුම්‍පොළෙන් පිටත්වන සියලු පෞද්ගලික බස් අද උදෑසන සිට නතර වී ඇත. 

බස් නතර කිරීමේ පහසුකම්,  වැසිකිලි පහසුකම් හා  මහජන පහසුකම් ඇතුළු ඉල්ලීම් 15 ක් මත බස් සේවකයෝ මෙම වර්ජනය ආරම්භ කර ඇත.

කොළඹ එන බස් නතර කිරීමට තැනක් නැතැයිද ඔවුහු  කියති.

පෞද්ගලික බස් රථ 215 ක පමණ සේවකයෝ මෙම වර්ජනයට එක්ව සිටියහ.

ලංගම බස් රථ පමණක් ධාවනය කරනු දක්නට ලැබිණි

 IMG_3423 IMG_3427 IMG_3429 IMG_3430 IMG_3431 IMG_3433

 



අදහස් (0)

දුර සේවා පෞද්ගලික බස් කොට උඩ

ඇසළ Monday, 02 March 2015 10:12 AM

චන්ද්‍රා හරියට හරි ,(හේ)

:       0       0

ලලිත් Monday, 02 March 2015 10:14 AM

දුර බස් තේ බොන්න නවත්වන කඩ දැක්කම අපිට අපි ගැනම දුක හිතෙනවා. බලධාරීන් මෙවැනි අපිරිසිදු තැන් තහනම් කළ යුතුයි.(හේ)

:       0       0

සමන්ති Monday, 02 March 2015 01:22 PM

බස් රථ තේ බොන්න නවත්තන්නේ නොමිලේ බඩ පුරවාගන්න. ඒ ගොල්ලන්ගේ තියෙන්නේ කොහොම හරි හැන්දෑවට ගාන කපාගන්න එක. බස් රථ සේවකයන්ට සේ .භා අරමුදල, සේ.අර් අරමුදල යන ඒවාට දායකකර බස් රථවල සේවකයන් ස්ථිර සේවකයන් කරමු. දැන් දුවන්නේ වෙලාසටහන්කරුගේ කොන්තරාත් ක්‍රමයට. අයිතිකරු කවුරුදැයි සේවකයන්ද සේවකයන් කවුරුදැයි අයිතිකරුද නොදනී. (නදී)

:       0       0

අශෝක Monday, 02 March 2015 03:19 AM

සාමාන්‍ය ජනතාව ඇපයට තබා කරන මේ වැඩ දැන්වත් නතර කළයුතුය. (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 07:18 AM

ඕකත් දින 100 වැඩක්ද.? (ර)

:       0       0

ග්‍රාම්‍යා Monday, 02 March 2015 08:27 AM

පුද්ගලික බස් රථ කාරයෝ මගීන්ට දෙන පහසුකම් ඉල්ලලා මගීන් සට්‍රයික් කරන්නේ කවදද? ඕකේ මොකක් හරි යටි අරමුණක් ඇති. ඔය යක්කු තේ බොන්න නවත්වන ආපන ශාලාවල තියෙන පහසුකම් දැක්කොත් පිට කොටුවේ තියෙන්නේ රජ සැප. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 02 March 2015 09:15 AM

පුද්ගලික බස් කස්ටිය යහපාලනයත් නටවන්නද හදන්නේ? බස් ගැමුණුට ඉල්ලීම් දුන් හැටි අමතක වෙලාද? (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 02 March 2015 09:23 AM

මෙපමණ කලක් ඔය ඉල්ලීම් ඉටු උනේ කෙලෙසද? යහපාලනය තුලින්වත් නැවතත් ලංගමය සාර්ථකව පිහිටුවාගන්න ලැබුනොත් මගියා ගොඩ. ජනපති ක්‍රමය, ඡන්ද ක්‍රමය, පලා බබා ක්‍රමය මෙන්ම පුද්ගලික බස් ක්‍රමයද නැති කළ යුතුමය. මේවා අප රටට නොගැලපේ (නදී)

:       0       0

ගැමුණු Monday, 02 March 2015 09:52 AM

නිදහස සහ වල් බූරු නිදහස. ඉස්සර මගියාව රැක්කා, බස් කාරයාට වර්ජන කරන්න බැරි විධියට. අපිට ඕන උනේ ඕක නෙමෙයි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site