ඉල්ලීම් 11 ක් මුල් කරගනිමින් දුර සේවා පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරු වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් පර්යන්තයේ කිසිදු දුර සේවා බස් ගමනාගමනයක් සිදු නොකෙරේ.
පානදුරේ පොදු බස් නැවතුම්‍පොළෙන් පිටත්වන සියලු පෞද්ගලික බස් අද උදෑසන සිට නතර වී ඇත.
බස් නතර කිරීමේ පහසුකම්, වැසිකිලි පහසුකම් හා මහජන පහසුකම් ඇතුළු ඉල්ලීම් 15 ක් මත බස් සේවකයෝ මෙම වර්ජනය ආරම්භ කර ඇත.
කොළඹ එන බස් නතර කිරීමට තැනක් නැතැයිද ඔවුහු කියති.
පෞද්ගලික බස් රථ 215 ක පමණ සේවකයෝ මෙම වර්ජනයට එක්ව සිටියහ.
ලංගම බස් රථ පමණක් ධාවනය කරනු දක්නට ලැබිණි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා හරියට හරි ,(හේ)
දුර බස් තේ බොන්න නවත්වන කඩ දැක්කම අපිට අපි ගැනම දුක හිතෙනවා. බලධාරීන් මෙවැනි අපිරිසිදු තැන් තහනම් කළ යුතුයි.(හේ)
බස් රථ තේ බොන්න නවත්තන්නේ නොමිලේ බඩ පුරවාගන්න. ඒ ගොල්ලන්ගේ තියෙන්නේ කොහොම හරි හැන්දෑවට ගාන කපාගන්න එක. බස් රථ සේවකයන්ට සේ .භා අරමුදල, සේ.අර් අරමුදල යන ඒවාට දායකකර බස් රථවල සේවකයන් ස්ථිර සේවකයන් කරමු. දැන් දුවන්නේ වෙලාසටහන්කරුගේ කොන්තරාත් ක්‍රමයට. අයිතිකරු කවුරුදැයි සේවකයන්ද සේවකයන් කවුරුදැයි අයිතිකරුද නොදනී. (නදී)
සාමාන්‍ය ජනතාව ඇපයට තබා කරන මේ වැඩ දැන්වත් නතර කළයුතුය. (නි)
ඕකත් දින 100 වැඩක්ද.? (ර)
පුද්ගලික බස් රථ කාරයෝ මගීන්ට දෙන පහසුකම් ඉල්ලලා මගීන් සට්‍රයික් කරන්නේ කවදද? ඕකේ මොකක් හරි යටි අරමුණක් ඇති. ඔය යක්කු තේ බොන්න නවත්වන ආපන ශාලාවල තියෙන පහසුකම් දැක්කොත් පිට කොටුවේ තියෙන්නේ රජ සැප. (නදී)
පුද්ගලික බස් කස්ටිය යහපාලනයත් නටවන්නද හදන්නේ? බස් ගැමුණුට ඉල්ලීම් දුන් හැටි අමතක වෙලාද? (නදී)
මෙපමණ කලක් ඔය ඉල්ලීම් ඉටු උනේ කෙලෙසද? යහපාලනය තුලින්වත් නැවතත් ලංගමය සාර්ථකව පිහිටුවාගන්න ලැබුනොත් මගියා ගොඩ. ජනපති ක්‍රමය, ඡන්ද ක්‍රමය, පලා බබා ක්‍රමය මෙන්ම පුද්ගලික බස් ක්‍රමයද නැති කළ යුතුමය. මේවා අප රටට නොගැලපේ (නදී)
නිදහස සහ වල් බූරු නිදහස. ඉස්සර මගියාව රැක්කා, බස් කාරයාට වර්ජන කරන්න බැරි විධියට. අපිට ඕන උනේ ඕක නෙමෙයි(නදී)