මොරටු මවක් දරු මුණුබුරන්ද සමග රන් භාණ්ඩ සොරා ගත් සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය.
දඹුල්ලේ රන් අබරණ හලකින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා සොරකම් කරන ලද රන් වළල්ලක් සමග ඔවුහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සී.සී.ටී.වී කැමරාවක සටහන්වූ පින්තූර පෙළින් මේ පිරිස සොයාගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදාගන්නට බැරි නිසා දරුවන් වීසිකර දමන කාලයක මෙය දෙස මානුෂික ලෙස බැලිය යුතුය. (නි)
නැතිබැරිකම නිසානේ දෙයියනේ! (නි)
මොරටුවේ ඉඳන් දඹුල්ලටම ගියාද රත්තරන් හොරකම් කරන්න?(ම)
හොරකම කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කිරීම එයට අනුබලදීමක්. හොරකම මානව සමාජයෙන් තුරන් කිරීම අපහසු වුවත් එය අවම කරගැනීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමයි.(ම)
නැති බැරි කම කියන්නේ කාන්තාවට නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි. මේ බවලතිගේ මුණුපුරාත් මේ වෘත්තියම ගෙදර පුරුද්දට තෝරා ගත්තොත් ඒක හොඳ දෙයක්ද?දැන් දැන් අපේ සමාජයේ අනුකම්පාව කොච්චරද කියනවානම් , තමන්ට ජිවත් වෙන්න විදියක් නැහැ කියලා අන් සතු සැමියෙක් හොරකම් කරන ස්ත්‍රියත් අනුකම්පාවට භාජනය වෙනවා. (ස)
රකිත්, මොරටුවේ ඉඳලා දඹුල්ලට නෙමේ යාපනයටත් යන්න පුලුවන්. දැන් ඉතින් හැම ගෙදරකම වාහනයක් තියෙනවනේ. (ස)
නැති බැරි අය ඇති හැකි අය කරමු.(ම)
නෑති බැරි කමට ඔයාලාගේ ගේකින් බඩු ඉස්සුවානම් නිකන් ඉදිවි නේද වැරැද්ද වැරැද්දමයි හොරකම රස්සාව කරගත් උදවිය (බ)
මෙහෙම නොමනා වැඩ වලට නැති බැරි කම නිසා කියමින් අනුකම්පා කරන එක තවත් මේ වගේ සිවිල් නීතියට පටහැනි වැඩවලට අනුබල දීමක් . මේ කාන්තාව හොරකම් කළේ අනේ පව් කියන අයගේ මගුල් කර මාලය නම් ඔහොම අනුකම්පා කරන එකක් නැහැ. (බ)
අපිටත් කාන්තාවන් හැටියට අග හිඟ කාල වකවානු අනන්තවත් ඇවිල්ලා තිබෙනවා. නැති බැරිකම් කියලා මේ රටේ හැම කාන්තාවටම හොරකම් කරන්න හිතුනොත් මොකද වෙන්නේ. (බ)
ලංකාවේ කී දෙනෙක් ඉන්නවද ගෙදර වැඩට ගන්න කෙනෙක් නැතුව, ඔය නැති බැරි අයට හොරකම ඇර වෙන වැඩක් කරන්න කම්මැලි නිසානේ ඕක කරන්නේ (බ)
හොරකම වැඩිවන්නේ පවුල දුප්පත්වන විටය , (ස)
ලංකාවෙත් සියලු දිළිඳු පවුල් වලට රජයෙන් ජිවත් වීමට සරිලන දීමනාවක් දෙන්න ඕන . ලංකාවේ විස්තර අනුව. සල්ලි. නැති රටක් නෙවෙයි (බ)
මොකද දැන් මේ කාන්තාවන් පවුල් පිටින් හොරකමේ යන්නේ? මේ පසුගිය දවස් ටිකට කාන්තා හොරු ගැනමයි අහන්නට ලැබුනේ. කාන්තාව සතු ලැජ්ජා බය දෙක කෝ දැන්.....? (නි)
ලංකාවේ සමහර කාන්තාවන් ජිවත් වෙන්න නරකම මාර්ගයක් සොයා ගන්න කලින් අඩු ගානේ කුලියට ඇඳුම් මහන රස්සාවක්, ගෙවතු වගාවක්, කාර්යාල ගෙවල් පිරිසිදු කරන වගේ නම්බුකාර වැදගත් වැඩක් සොයාගන්න උවමනාවක් නැහැ. ලේසියෙන් සල්ලි ගොඩක් එකවර ලැබෙන මාර්ගයක් තමයි සොයන්නේ. මේ අයට අනේ පව් කියන එක මේ රටේ දාඩිය මහන්සියෙන් වැදගත් විදියට දුක් විඳලා පවුල් රකින කාන්තාවන්ට අපහාසයක් ! (ස)
නැතිබැරිකම නිසා මෙවැනි දේවල් වෙන්නේ. දරුවන්ට කාගේ පිහිටද? (නි)