IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරු පල දෙන්න ගිහින් හිටපු කෝප්‍රල් පොලිස් කූඩුවේ

කපුවකුගේ වෙසින් ඉංගිරිය හඳපාංගොඩ දරු පල නැති කතුන් කෙළෙසීයැයි කියන යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයෙක් ඉංගිරිය පොලිසියෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු ගෙවල්වලට ගොස් දරුපල ඇති කිරීම සඳහා ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවනට අතවර කර ඇතැයි කියන පැමිණිලි ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

දරු පල දෙන්න ගිහින් හිටපු කෝප්‍රල් පොලිස් කූඩුවේ

ජුරම්පති Wednesday, 01 October 2014 04:58 AM

හලෝ වරුණ ගොඩක් කාලෙකින්. කොහොමද උරුලෑවා. දරු දුක තියනවා වගේ. ඉස්සෙල්ලම මිනිස්සුන්ට දෙන දුක නවත්වන්න. එතකොට දරු පල ලැබෙයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 September 2014 01:41 PM

දරුවන් නැති අම්මල 30% ඉන්නවලු එහෙම එකේ ඉතින් උදවුවක්නේ කරන්න හදල තියෙන්නේ , මදෙයි වඳින්න ගිය දේවාලේ ඔලුවටම කඩා වැටුන (දී)

:       0       0

මෝඩ ගොවියා Tuesday, 30 September 2014 01:49 PM

මාර කපුවෙක්නේ. උල තියන්න තියෙන්නේ... (දී)

:       0       0

වරුණ Tuesday, 30 September 2014 02:07 PM

දරු දුක වෙනුවෙන් නොයන තැනක් නැහැ මිනිස්සු (දී)

:       0       0

සඳුනි Tuesday, 30 September 2014 02:11 PM

21 වන සියවසේත් මෙබදු මෝඩ ගැහැණු තවම ඉන්නවනේ ගැහැණු සංහතියටම ලැජ්ජාවක්(දී)

:       0       0

සංජු Tuesday, 30 September 2014 02:17 PM

හනේ අපොයි කාට කාටත් පාඩම් මේවා (දී)

:       0       0

දමිත් Tuesday, 30 September 2014 02:29 PM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ (දී)

:       0       0

මාධව Wednesday, 01 October 2014 06:30 AM

මේ මිනිහ එච්චර දෙයක් කරනකන් මේ ගෑනු පොල්ගෑවද? (ස)

:       0       0

ජයා Tuesday, 30 September 2014 03:52 PM

ඕක තමයි කරන්න තියෙන එකම ශාන්ති කර්මය.(දී)

:       0       0

ජානක Tuesday, 30 September 2014 04:08 PM

කපුවා කපෝතියි (දී)

:       0       0

ධම්ම Tuesday, 30 September 2014 04:13 PM

කාන්තාවන්ට අතවර කිරීම වරදක්. ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවනට අතවර කිරීම බරපතල වරදක්. මේවා වැරදියයි නොදකින කියන සමාජයක අම්මා, අක්කා, නංගී ආරක්ෂිතද? (දී)

:       0       0

රෝහන Wednesday, 01 October 2014 08:31 AM

මාධව විතරයි මෙතන හරි දෙයක් කියල තියෙන්නේ. (ස)

:       0       0

රෝහන Wednesday, 01 October 2014 08:32 AM

මාධව විතරයි මෙතන හරි දෙයක් කියල තියෙන්නේ. (ස)

:       0       0

ඇන්ටන් Tuesday, 30 September 2014 07:13 PM

මේ පුද්ගලයට දොස් කියලා වැරදි පටවලා වැඩක් නැහැ .මෙවැනි දේවලට කාන්තාවන් යවන අයගේ ස්වාමි පුරුෂයන් මෙවැනි දේ වලට වගකිව යුතුයි. (නි)

:       0       0

සේනානායක Tuesday, 30 September 2014 07:22 PM

ශාන්තිකර්ම වලින් ඵලක් තිබේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 September 2014 07:30 PM

මේවා අපේ රජය සහ රජයේ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමට, ඒ වගේම අපරාධ වැඩිවී ඇති බව පෙන්වීමට සංවිධානාත්මකව සිදුකරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙසයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

උපාලි Tuesday, 30 September 2014 08:55 PM

අන්ධ විශ්වාසවල ගිලී ඉන්න අපි වගේ ජනතාවන් ඉන්න රටවල මෙවැනි දේ සුලබයි. (නි)

:       0       0

කොමා Wednesday, 01 October 2014 08:57 AM

නියම දේ කරලා තියෙන්නේ (අ)

:       0       0

පෙරොස් Thursday, 02 October 2014 10:50 AM

එකක් අහුවෙන්ඩ ඕන අනිත් ඒවා එළි දකින්ඩ.මාධව ඔබ හරි .අන්තිමට අතවරයට ලක්වෙච්ච කෙනත් නොකර සද්දේ හිටියනම් අරයා ඔය සෙල්ලම දිගටම කරගෙන යාවි.(අ)

:       0       0

කාංචන Tuesday, 30 September 2014 09:37 PM

මේ බවලතුන්ගේ මෝඩකම තමා. නමුත් අපි මෙතන නොදකින පැත්තක් තිබෙනවා. මගේ මිතුරියක් සහ ඥාති කෙනෙක් යන දෙන්නෙක්ම ඉන්නවා දරුවන් නැති. මම දැකලා තිබෙනවා ඔවුන්ට ඇති මානසික පීඩාව. පළමුව ඔවුන් වෛද්‍යවරුන් හමුවෙන්න ගිහින් ඒ ප්‍රතිකාර වලින් ප්‍රතිඵල නැති වුණාම ආගම පැත්තෙන් භාර හාර වලට යොමු වෙනවා. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ සමාජයේ වෙන දේවල් ගැන නොදන්නා කාන්තාවක් නම් මේ වගේ ශාන්ති ක්‍රම වලට තමයි ඊළඟට යොමු වෙන්නේ. දරුවන් නැති උදවිය හරිම මානසික පීඩාවකින් ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනෑ. (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 30 September 2014 10:23 PM

ප්‍රේමකුමාර,පිටබැද්දර ජයා, ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය මට මෙතන සඳහන් කළ නොහැක (නි)

:       0       0

සමන් කුමාර Tuesday, 30 September 2014 11:32 PM

ඒ කාන්තාව සහ පවුලේ අය මන්දබුද්ධිකද කියලා හිතෙනවා මට (නි)

:       0       0

රාජුන් Wednesday, 01 October 2014 01:12 AM

ප්‍රේමකුමාරට මේ මිනිහගේ වැරද්දක් පෙනෙන්නේ නැතිලු! ප්‍රේමකුමාරත් හරිම ප්‍රේම කුමාර කෙනෙක් වගේ මට පෙනෙන්නේ! (නදී)

:       0       0

කිත්සිරි Wednesday, 01 October 2014 01:35 AM

මෙය දරු පල ලබාදෙන සාර්ථක ක්‍රමවේදයක්. කාන්තාවන් කැමැත්තෙන් නේ ගෙන්නාගෙන තියෙන්නේ. ඔය ශාන්ති කර්ම බොරු කියල නොදන්නා බබාලා නෙමෙයි, ලොකු අය නේ. (නදී)

:       0       0

කුමාර Wednesday, 01 October 2014 03:02 AM

මේකේ වැරැද්ද තියෙන්නේ දරු පල අහිමි කාන්තාවන්ගේ මිනිස්සු. සමාජය මගින් එල්ල කරන පීඩනයට එම කාන්තාවන් තමන්ට දරුපල අහිමි නැ කියල ඔප්පු කරනවා. (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 01 October 2014 03:55 AM

සඳුනි, මෝඩ ගැහැණු තවම ඉන්නවා කියන්න එපා. ඔයාටත් තේරෙයි වැඩේ උනහම එහි ඇති අගය (නදී)

:       0       0

පද්මේන් Wednesday, 01 October 2014 03:56 AM

සඳුනි තුවාලය තියෙන මිනිහ තමයි වේදනාව දන්නේ. (නදී)

:       0       0

සමීම් උබාරක් Wednesday, 01 October 2014 03:56 AM

මෙච්චර දියුණු වෙච්ච ලෝකයත් එක්ක තවමත් අපේ ගොඩක් මිනිස්සු මේ වගේ මිත්‍යා විශ්වාසයන් මත්තේ එල්බගෙන ඉන්න එක තමයි වැරැද්ද. ලංකාවේ තරම් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා යැයි කියන අය ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. පුවත් පතක් වෙබ් පිටුවක් බැලුවොත් තියෙන්නේ මේ වගේ දැන්වීම් ඒ මදිවට ස්කයිප් හරහාත් ගුරුකම් කරනවලු (නදී)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 30 September 2014 01:12 PM

මොහුගේ වරදක් මම දකින්නේ නැහැ (දී)

:       0       0

පැතුම් Wednesday, 01 October 2014 04:25 AM

දඩුවම් දිය යුතුමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site