හෙද සේවයේ නිරත ගර්භනී කාන්තාවනට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ගර්භනීභාවයට පත් හෙදියන්ට මුල් මාස හයේ සේවය කළ හැකි අතර ඔවුන් කොවිඩ් හා ඩෙංගු අවධානම අඩු ස්ථාවල සේවයට යොදවන බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව ගර්භනී හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් මිට ඉහත නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ද හේමන්ත හේරත් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙනගහනවා රජයේ ජොබ්...
අනෙකුත් රාජ්‍ය සේවක නෝනලාට අමුතු ජාතියේ දරුවො හම්බ වෙනවද? එහෙම නම් සියළු රාජ්‍ය නිලධාරිනියන්ට මේ අවස්ථාව දිය යුතුයි. ඒකට පාරට බහිමු!
අනුන්ගේ දරුවන් මෙලොවට බිහිවන විට එම දරුවන් අතට ගන්නේ හෙද මෑණිවරු... එම රැකියාව හැමෝටම කරන්න පුළුවන් කමක් නැහැ. ගරු කිරීමක් වශයෙන් එම නිවාඩුව ලබාදිය යුතුය. එමෙන්ම අනුන්ගේ දරුවන්ට ආදරයෙන් උගන්වලා යහමගට යවන ගුරු මෑණිවරුන්ටද මෙම නිවාඩුව ලබාදිය යුතුය...
රස්සාවට යන්න එන්න හරි හමන් ප්‍රවාහන පහසුකම්වත් සපයලා නෑ. තියෙන බස් ටිකේ පොල් පටවලා වගේ යන්නේ... නිරෝධායන නීතී මීටරේ දුර කටින් විතරයි. එහෙම තියාගෙන ලැජ්ජා නැතුව දැන් කියනවා ප්‍රසූතියට මාස 03ක් තියලා නිවාඩු දෙනවා කියලා. ඇමතියි ලේකම්තුමයි වෙන්න ඇති හොයා ගන්න ඇත්තේ ඒ වෙනකන් කොරෝනා අවධානමක් නෑ කියලා. ලැජ්ජා වෙයල්ලා නුඹලා මේ වෙලාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කරන කෙණෙහිලිකම් ගැන...