උතුරුමැද මහ ඇමැතිගේ අනුරාධපුර නිල නිවාසයක් පිහිටි වත්තක ළිඳක තිබී පැරණි මළකඩ කෑ පතුරොම් තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි.
කඩ පනහට නුදුරින් පිහිටි මෙම නිල නිවසේ දැන් පදිංචිව සිටිනුයේ නව මහ ඇමැති පේෂල ජයරත්න මහතාය.
ළිඳ ඉහිද්දී ටී පනස් හය පතුරොම් 256ක් හා තවත් පතුරොම් 15ක් සොයා ගත් බවත්, දිරා ගිය මෙම පතුරොම් පාවිච්චියට ගත නොහැකි බවත්, වසර ගණනාවකට පෙර ළිඳට දමන්නට ඇති බවත් පොලිසිය කියයි.
පිටස්තර පුද්ගලයකුට වුවද වැව පැත්තෙන් පැමිණ ළිඳට පතුරොම් දැමීමේ ඉඩ කඩ ඇතැයි ද පොලිසිය පවසයි.
උතුරු මැද පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ජී ඩී මහින්දසෝම හා ඉන් පසු පත් වූ පී බී දිසානායක මහත්වරු මෙම නිල නිවාසයේ නොසිටයහ. බර්ටි ප්‍රේමලාල් දිසානායක සහ එස් එම් රංජිත් මහත්වරු එහි සිටියහ.
වරින් වර මහ ඇමැති ආරක්ෂාවට පොලිසියේ හා හමුදාවේ පිරිස් යොදවනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉස්සර ත්‍රස්ත කාලේ පාවිච්චියට ගත් ඒවා වෙන්නත් පුලුවන් (නි)
මේවා කාගේ බඩු වෙන්න පුළුවන්ද? (නි)
ඒගමන හැමතැනින්ම දිගට හරහට අවිආයුධ මතුවෙනවා (නි)
කවුරුහරි ගෙනත් දාන්න ඇති නේද? (නි)
සමහරවිට කාක්කෙක් ගෙනවිත් දාන්න ඇති (නි)