පුත්තලම කල්අඩියේදී වන අලියෙකු පහරදීමෙන් ගැමියෙක් මිය ගියේය.
විදේශගතව සිටින සිය බිරිදට කතාකිරීම සදහා දුරකතනකාඩ් පතක් සහ පාසල් යන දරුවාට පොතක් රැගෙන ඒමට කඩයට ගොස් එමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක් වී ඇත.
වයස අවුරුදු තිහක් පමණ එන් නිමල් නැමැති මොහු දෙදරු පියෙකි. මේවන විට සිරුර පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවන්ට පිහිටවන්න. බුදු සරණයි! චුටි දුවගේ හිතට දරන්න බැරි දුකක් දැනිලා. මගේ දෑසත් කඳුලෙන් තෙමිලා. අපි ඔයාලව තනිකරන්නේ නැහැ (නි)
ඔවුන් ගැන හරිම දුකයි (නි)
මේ දරුවන්ට පිහිටවීමට හැකි ක්‍රමයක් කරුණාකර දක්වන්න (නි)
මේ ළමුන් 2 ට උදව් කරන්න කැමති (අ)
දවසින් දවස අසරණ ගැමියෝ වල් අලි ප්‍රහාරවලින් මිය යනවා. ඒවාට පිළියමක් යොදන්නේ කවදාද (දිල්)
මම මගේ දරුවන් වගේ ඒ දරුවන් දෙදෙනා බලාගන්න කැමතියි (නි)
අතිශයෙන්ම සෝචනීයයි (අ)
කරුණාකර සම්බන්ධ විය හැකි මාර්ගය මට දැනුම් දෙන්න (නි)
මේ පොඩි දෙන්නා දිහා බැලුවම හරිම දුකයි. එහෙත් මේ ප්‍රශ්න විසඳන්න අපේ දේශපාලුවන්ට උවමනාවක් නැනේ. අලි ප්‍රශ්නෙට ස්ථීර විසදුමක් දෙන්න මේ අයට ඕනෑ නැහැ. (නි)
කරුණාකර ලිපිනය ලබාදෙන්න (නි)
හැමදාම දැනගන්න ලැබෙන්නේ හිතට දුකක් දැනෙන පුවත්. (නි)
ඒක නම් ඇත්ත නෙළුම්. පව් අසරණ දරුවෝ මොනවා තේරෙනවද..? (නදී)
සම්බන්ද කරගත හැකි මාර්ගයක් දැනුම් දෙන්න. (නදී)
මට පුළුවන් උදව් කරන්න මේ ළමයින්ට. මට ලිපිනය ලබාදෙන්න (නි)
මට හරිම කණගාටුයි (නි)
අපේ දරුවෙකුට මෙහෙම වුණා නම්? (නි)
පවු. පුලුවන් කෙනෙක් පිහිටවීම තමයි මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳම දේ (නි)
මේ පවුලේ අය සම්බන්ධ කර දෙන්න (නදී)
චුටි දුවගේ හිතට දරන්න බැරි දුකක් දැනිලා. මගේ දෑසත් කඳුලෙන් තෙමිලා. අපි ඔයාලව තනි කරන්නේ නැහැ දරුවනේ. මේ අයගේ විස්තර දැනගන්න සලස්වන්න. (නදී)
මේ දරුවන්ට පිහිටවන්න බුදු සරණයි (නදී)
අනේ ! හරිම දුක්ඛදායක පුවතක් (නි)
අනේ! මේ දරු දෙන්නාගේ අම්මාට දැනුම් දෙන්න. දරුවන්ට අම්මා තාත්තා වගේ කවුරුත් බලන්නේ නැහැ (නි)
මේ දරුවන්ට පිහිටවීමට හැකි ක්‍රමයක් කරුණාකර දක්වන්න. (නි)
ගොඩක් කරුණාවන්ත අය උදව් කරන්න (නි)
චින්තක ඇතුලු අනුන්ගේ දුකේදී හදවත උණුවන සියලුම දෙනාට මගේ උපහාරය! (නි)
කරුණාකර ඔවුන්ගේ ලිපිනය හෝ බැංකු ගිණුම් අංකය ලබා දෙන්න. (නි)
අපි තව එකේ දකිනවා උදවු ගෙන රටේ දුප්පත් කම අඩුයි කියල.නමුත් ගමේ ගුණදසලට තව එකේ එහෙම උදවු ගෙන කතා කරන්න බෑ .ඡන්දෙ කාලෙට ගුණදාස හම්බ වෙන්න අය ගමට එනවා.මේවට කව්රු කව්රුත් වගකියන්න ඕනේ.(අ)