‘දරුවකු අනතුරකට ලක් වූ විට වැඩිම ශෝකය ඇති වන්නේ දෙමාපියන්ට පමණකි.’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර ඇත. රාජපක්ෂ මහතාගේ මුහුණේ ශෝකාකූල බව දනවන පිංතූරයක්ද ඒ සමග පළ කර තිබේ.
තම දරුවන් වෙනුවෙන් මවුපියන් කොතරම් ආදරේ කරන්නේදැයි දන්නේ මවුපියන් පමණක් බව නාමල් රාජපක්ෂද සිය ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසියෙන් ලියා ඇත.
ප්‍රීතිමත් අවස්ථාවක් සමරමින් ඔහු යෝෂිතට කේක කවන පිංතූරයක්ද එහි පල කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෝ කොටි ගහල මැරෙන කොට ඒ දෙමව්පියන්ගේ කදුළු හේදුවේ දෙවියෝ අද වෙන කොට මේ හත්තයාගේ කදුළු හෝදන්න කවුද ඉන්නේ (ම)
දැන් කළ දේවල් ගැන පසු තැවිලා වැඩක් නැ එන දේට මුහුණ දෙන්න බලනවා මිසක් මහත්තයෝ (ම)
හොර බොරු නැතිව දරුවන් හොඳට හදනවනම් මේ දේවල් වෙන්නේ නැහැ හැම දෙයක්ම මුදල් වලට ගන්න ගියාම මේ වගේ දේවල් විදින්න වෙනවා නීතිය කටත් ඒකයි (ම)
ෆොන්සේකා ලාගේ පිය සෙනෙහස දන්නේද එම දරුවන් සහ ස්වාමි සෙනෙහස දන්නේද භාර්යව පමණි. (ම)
දැන්වත් තේරුනා නම් ඇති (නි)
දරුවකු අනතුරකට ලක් වූ විට වැඩිම ශෝකය ඇති වන්නේ දෙමාපියන්ට පමණකි.. මොකද්ද දැන් මෙතැන වෙලා තියෙන අනතුර ? එයාව කුදලා ගෙන ගියේ නැහැ. මේ වැඩේ වුණේ සිය ගණනක් මහජනතාව බලා සිටිද්දී නේ. (ම)
අද ඔබතුමාගේ දෑසට කඳුළු දුන් අය ගැන අපි ඉදිරියට බලාගන්නම් (නි)
චේතනාව කර්මයට මුලයි. ඔබ දැන් ඔබේ පුතා ගැන යම් සේ කනගාටු වේද එලෙසම රතුපස්වෙල මිනිසුන්ගේද අතුරුදහන් වූ පුදගලයින්ගේද දෙමාපියන් දරුවන් සාමාන්‍ය ජනතාව නොදැන මරු තුරුලට යැවූ පුද්ගලයින්ගේ දූ දරුවන්ද දෙමාපියන්ද දුක් වනවා කියලා ඔබ බලයේ සිටියදී මොහොතකටවත් සිතුවාද ? (ම)
ඔබතුමා ගැන කණගාටුයි (නි)
බණ්ඩා, ඉස්සර අසාධාරණයට විරුද්ධවුවන්ට වුණේ සුදු වෑන් වලින් අවසන් ගමන් ගොස් සමාදානයේ සැතපෙන්නයි. අද අපේ අයට ඒවා අමතක වුණාට අපිට අමතක වෙන්නේ නැහැ. (නි)
හරියට දරුවෝ හැදුවා නම් ඉවරයිනේ. එතකොට අර වැට් බදු වංචාවේ අයවත් ඒ කාලේ අත්අඩංගුවට ගත්තහම ඔවුන්ගේ දෙමව්පියන්ට කියන්න තිබුනේත් පළිගන්නවා කියලනේ. (නි)
ඉංග්රීසියෙන් හොරකම් කරන්නේ ජනතාවට නොතේරෙන්නය. රාජ්‍ය බලය තිබියදී ජනතාවගෙන් වසන් කරන සත්‍යය කවදාක හෝ එළියට එන්නේය. ඉතිහාසය විසින් ඔප්පුකර ඇත්තේ එයයි. (නි)
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හතරවරම් ගැහිලි ගහන්න පුලුවන් නම් හිරේ ගියාම මොකද වෙන්නේ? මොකද මෙයාලට වෙනම නීතියක්ද? (නි)
හලාවත මිනිස් සංහාරයෙන්, රතුපස්වල මිනිස් සංහාරයෙන්, කටුනායක මිනිස් සංහාරයෙන්, විශ්වා විද්‍යාල දරුවන්ගේ ඝාතන වලින් මොනතරම් රටේ අසරණයන්ගේ තාත්තලා, පුතාලා අහිමිවෙන්න ඇද්ද? (නි)
මහින්ද මහත්තයාට දරු දුක තේරීම ලොකු දෙයක්. (නි)
සිය ගණනක් මව්වරු, පියවරු, දූ දරුවො අඬවපු අකුසලය පලදීලා.. (නි)
ඇයි ප්‍රගීත්ගෙ ළමයින්ගෙ, ලසන්තගෙ ළමයින්ගෙ, රතුපස්වල දෙමව්පියන්නෙ කදුළු, කදුළු නෙමෙයිද? (නි)
ඔය දුකම අනිත් දෙමාපියන්ටත් තිබුනා (නි)
හත් දෙයියනේ! මේ ඔක්කොම රත්තරන් හැංගුවා වගේ කතානේ. දන්නෝ දනිති (නි)
ඔබතුමා හරි (නි)
රටකට සාමය ගෙනත් දුන් ඔබ තුමාට මෙලස දුක් වීම ගැන අපේ බලවත් කණගාටුව අපි කෙලෙහෙ ගුණ නොදත් මිනිසුන් ඉන්න රටේ ජිවත් වීමත් දුක්කක් (ම)
දරු දුකට දුප්පත් පොහොසත් බේදයක් නොමැත (නි)
ඔබේ ෆේස්බුක් කතාවෙන් අනුකම්පාව ගන්න හදන්නේ යෝෂිත පුතා වෙනුවෙන් පමණක්ද? අනිත් අයගෙ පුත්තු ගැන ඔබට දුකක් නැද්ද? (නි)
කිසිම ප්‍රශනයක් නෑ මහින්ද මහත්තයත් ආර්යයාවත් දරුවන්ට ආදරේ ඇති ඒත් මහින්ද මහත්තයගේ ෆේස්බුක් කතාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවා නේද?රාජපක්ෂලා වෙනුවේනු නිකරුනේ හිරේ ගිය රොහාන් වැලිවිට, එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක නේද? ඔහු ගැනත් හිරේ ගිය අනෙත් තුන්දෙනාගේ මවුපියන්ටත් ඔය වගේම දුකක් ඇති නේද? ඔබේ ෆේස්බුක් කතාවෙන් අනුකම්පාව ගන්න හදන්නේ යොෂිත පුතා වෙනුවෙන් පමණක්ද? අනිත් අයගෙ පුත්තු ගැන ඔබට දුකක් නැද්ද? (කෞ)
රජකම් කළත් කළකම් පළ දේ කියලා පැරැන්නෝ කිවුවේ කට කහනවාටද? (නි)
සරත් ෆොන්සේකාට කළ අසාධාරණ වැඩේට දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා (නි)
තාජුඩීන්ගේ දෙමව්පියන්ටත් ඒක පොදු ඇති මගේ හිතේ (ම)
දැන්වත් තේරුනා ඇති (නි)
ඔහුගේ කාලයේදී විනාශ වී ගිය දරුවන්, සැමියන් ආදීන් වෙනුවෙන් දුක්, සෝ කඳුළු හෙලු පවුල් වල අය ගැන මොහොතක් සිතන්න (නි)
අප රජුනි අපි කවදත් ඔබ සමගි (ම)
ඇත්තම ඇත්ත හැබැයි ඒ දරු දුක ජනාධිපති දෙමව්පියන්ට විතරක් නෙමෙයි දැනෙන්නේ . තමුන්ගේ පාලන කාලයේ තමුන්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව දරුවෝ ඝාතනය වුන , දරුවෝ අතුරුදහන් වුන දෙමව්පියෝ දෑස් තවමත් කඳුලින් පිරිලා . (ම)
ඔය මුහුණු පොතේ ලියපු ටික බලයේ ඉන්නකොට හිතේ තිබුනා නම් අද ගොඩක් අය ජීවතුන් අතර. දැන් තේරෙනවා නේද දරුදුක. (නි)
එතකොට මහත්තමයෝ රගර් ක්‍රීඩකයන්ගේ දෙමව්පියෝට දරු දුක නැතිද? ඒ අයටත් දරු දුක තියෙනවා (ම)
එදා ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ දරුවන් කදුළු සැලීය. එම මැතිනිය කදුළු සැලීය. මුළු රටම කදුළු සැලීය. නමුත් වෙන කළ හැකි දෙයක් නොවීය. (ම)
මේ දරුවා බලයෙන්, මුදලින්, බලහත්කාරයෙන් භුක්තිවින්දේ සාධාරණව උගත්, සාධාරණව පත්වීම් ලබා, රටට සේවය කළහැකි රටේ සාමාන්‍ය දරුවෙකුගේ අයිතියයි... (නි)
ජනපතිතුමනි ශක්තිමත්ව ඉදිරියට යන්න ඔබට අපි ගෞරව කරනවා (ම)
දෙමාපියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවො. ඒ වගේම දරුවොත් දෙමාපියන්ට ආදරෙයි. සරත් ෆොන්සේකා හිරේ දැමීම ගැන හිතන්න. එතුමාගේ දරුවෝ මොනතරම් හිත් වේදනා වින්දද? ඔබේ දරුවාව ඔය තත්වයට පත්කළේ ඔබ. (නි)
දරුවන් යහමඟට යොමුකිරීම දෙමාපියන්ගේ යුතුකමයි. නැත්නම් මෙවැනි දුක් දැරීමට සිදුවේ. මෙය අප කාටත් සිත් දනවයි. නමුත් දිට්ට ධම්ම වේදනීය කර්ම පලදෙනු ලැබේ. (නි)
ඔබට විරුද්ධව මගේ ඡන්දය පාවිච්චි කිරීම නිසා මම අද හිතින් දුක් විඳිනවා. සමාවෙන්න (නි)
මහින්ද කල්පනා කරනවා ඇත්තේ හරි විදියට ළමයින් හැදුවා නම් ඔහොම වෙන්නේ නැත කියන තර්කය අනුවයි. (නි)
ඔබට දරුවන් ඔබේ දරුවන් පමණි. ඔබට මෙය ලැබිය යුතුමය. එය ඔබ සිහිනෙන්වත් නොසිතන්නට ඇත. (නි)
තජුඩීන්ගේ අම්මාට එයාගේ පුතා මියගිය වෙලාවේ කොච්චර දුක හිතෙන්න ඇද්ද නේද දයාබර අප්පච්චි? (නි)
තාජුඩීන්ගේ මවුපියොත් ඔය ටිකම කියාවි නේද??? (නි)
ඇත්ත, සරත් පොන්සේකා, ප්‍රගීත්, ශිරාණි බණ්ඩාරනායක යන අයගේ පවුල්වල අයටත් මෙහෙම වෙලා ඇතිනේ...!!! (නි)
මට හිතෙනවා ඔය දරු දුකම තජුදින්ගේ දෙමව්පියන්ට නොදන්නෙන ඇතිද කියන එක (කෞ)
තාජුඩීන්ගේ මව පියා සහ තවත් බොහෝ දෙමාපියන් තම දරුවන් අතුරුදහන් කර නොඑන ගමන් ගිහින් කියලා දැනගත්තම කොච්චර දුක්වෙන්න ඇද්ද? මේ පුතා නම් ළඟදීම වලව්වට එයි. (නි)
එසේ නම් තාජුදින් වැනි වේදනා වින්ද මියගිය පුතුන් දකින මව්පියන් ගැන කවර කතාද? නිරපරාදේ ළමා දුෂණයකට පොලිසියට ඇද ගිය කොටදෙනියාව පාසල් සිසුවාගේ මව ගැන කවර කතාද? ඔවුන් කිසිම දේශපාලන බලයක් නැති සාමාන්‍ය මිනිස්සුය . (ම)
ජනපති කම් කළත් කළකම් පළසෙන බව ඔබතුමා ඔය යන එන පන්සල් වල හාමුදුරුවරුවත් කියන්නේ නැද්ද? නිතරම යන එන අභයාරාමේ අපේ හෙදියන්ගේ වෘත්තීය සමිති නායක හාමුදුරුවොවත් කියන්නේ නැද්ද ඔබතුමාගේ මතකය අලුත් කරන්නම්.එහෙම කරන්නේ දරු දුක ගැන ඔබතුමා කියූ දේට තවත් නිදසුන් කීපයක් දීමට පමණයි.ලසන්ත වික්රනමතුංග පත්තර කතෘ මරා දැමුවේ ඔබතුමාගේ කාලේ නේද? ඒ ගැන පරීක්ෂන කලාද? ලක්බිම පත්තරේ හිටපු ශ්රී ලාල් ප්රිේයන්ත පණ පිටින් ගෝණියක ගැට ගසා මරා දාන්න ගියෙත් ඔබතුමාගේ කැලයේ නේද? ඊ නිවුස් ප්රේගීත් එක්නැලිගොඩ අතුරුදන් කළෙත් ඔබතුමාගේ කාලේනේද? මෑතකිත් ඔබතුමා ඔහු ප්‍රංශෙද කොහෙද ඉන්නවා කීවේ හිතට එකඟවද? ඒ අයගේ අම්මලා තාත්තලාට ඔබට වගේ දරු දුකක් නැද්ද? ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා යැයි කියන කියමන ඔබතුමා දන්නවාද? (කෞ)
දරුවන් හොරුන් වෙන්නේ තාත්තලා හොරුනම් පමණි. සුනාමි සල්ලි හොරකම්කර දරුවන්ට ආදර්ශයක් දුන්නේ' තාත්තා කළ දේ නොකරන පුතා නොට්ටිගෙ පුතා කියන්නේ ඕකට (කෞ)
තාජුදීන්ගේ දෙමවුපියන්ටත් මීට වැඩිය දුකක් දැනෙන්න ඇති කියල දැන්වත් හිතෙනවා නම් ලොකු දෙයක්. ස්වභාවධර්මයට විධායක බලයත් යටයි අප්පච්චි. (ම)
ජාතියක කඳුලු පිස දැමූ ඔබ අවස්ථාවාදීන්, මැරයන්, පාදඩයන්, හොරුන්, ඉවත්කර ගමන ගියා නම් අවස්ථාවාදීන්ට ඔබ එලවන්න ලැබෙන් නේ නැහැ. එහෙනම් ඔබේ ඇස් වල කඳුලු නැගෙන්න ජාතිය ඉඩ නොදෙන්න තිබුණා (කෞ)
දරුවන්ට හොරකම් කරන්න අනුබලදෙන්නේ මෙවැනි පියවරු පමණි (කෞ)
මීට පෙර කිසිම දරුවෙක් අත් අඩංගුවට පත් වී නොමැතිද? දිනකට දරුවන් කී දෙනෙක් අත් අඩංගුවට පත්ව ගුටි කනවද? හිතන්න ! (ම)
බසුර ඔබහරි . තමන්ට වෙනකොට තමඊ ඕක තේරෙන්නේ . කොච්චාර දෙමව්පියෝ දුක් වෙන්න ඇතිද ? (ම)
සිංහලයට සියලුම දේවල් සතියකින් අමතක වෙනවා කියලා ප්‍රභාකරන් කිවුවේ නිකන් නෙමෙයි. මහින්ද නොහිටින්න තාමත් අපේ රටේ බෝම්බ පිපිරෙනවා. කළගුණ දන්නා ජාතියක් නෙමෙයි සිංහලයා (නි)
හිටපු අග විනිසුරු හිටියනම් තාත්තා වගේ නිදහස් වෙයි. ඒ දවස් වලම නඩුවක් දමාගෙන නිදහස් නොකරගත්ත නිසා ඇඬෙනවා නේද(කෞ)
මොලය වෙනුවට බලයෙන් ළමුන් උන්මත්තක කලාම දෙමාපියන්ට ඔහොම වෙනවා. මේ පුතුන් නිසා අදටත් ගිනි උහුලන දෙමාපියන් කොච්චර ඉන්නවද? බලයට තියෙන කෑදර කමක මහත තමන්ගේ දරුවන්ගෙනුත් ගන්න හදන්නේ දේශපාලන වාසි. අප්පටම හරියන පුතා නාමල්.(කෞ)
සරත් ෆොන්සේකාගේ බිරිඳට, දරු දෙදෙනාට, ඒ වගේම එක්නැළිගොඩගේ බිරිඳට, දරු දෙදෙනාට දුක කියන දෙය දැනෙන්න නැතුව ඇති (නි)
යෝෂිත ජාතික වීරයෙක්. මෙතන අදහස් දාන ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ. (නි)
එක ඇත්ත දරු දුක තේරෙන්නේ දෙමවුපියන්ට පමණයි.එක ඔබතුමාත් ඒ දවස් වල තේරුම් ගත්තා නම් අද ඔය දුක උරුම වෙන් නැහැ. (ම)
අර රගර් ක්‍රීඩකයාගේ පවුලේ උදවියටත් කොහොම දුකක් දැනෙන්න ඇද්ද? (ම)
හිටපු ජනපතිතුමනි, කතාව ඇත්ත. නමුත් ඔබට නම් මේ පිළිබඳව කියන්න අය හරි ඉන්නවා. එහෙමවත් නැති අම්මලා තාත්තලා මේ රටේ කොයිතරම් නම් ඉන්නවද? (නි)
වැරදි කරලා බේරිලා ඉන්න බැහැ කවදාවත්. (නි)
ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත, සම්පත්, ලක්මාල්, ආදී තවත් දහසක් මළවුන්ගේ දෙමුපියන් මීට වඩා අඬනවා ඇති. දුප්පත් රටවැසියන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කළොත් කාටත් මේ දුක විඳින්න වෙනවා කවදාහරි (නි)
එතකොට සරත් ෆොන්සේකලාගේ ළමයිනට දුන් දුක? ශිරාණි බණ්ඩාරනායකගේ ළමයින්ට දුන් දුක? අතුරුදහන් වූ දෙනෝදාහකගේ ළමයින්ට දුන් දුක? (නි)
1936 කොහෙද දේශපාලනය කළේ? මම දන්නා විදියට දේශපාලනය ආවේ 1948 නිදහසෙන් පස්සේ නේද? නමුත් දරුවන් ගැන දෙමාපියන් කාටත් දුකයි. එය කාටත් පොදු ධර්මතාවයක් (නි)
මේ රටේ ළමයි යහමින් කුඩු බිව්වේ ඔබතුමාගේ කාලේ. ඒත් ළමයි නේද? දැන් ඒවා කල්පනා කරලා හිත හදාගෙන, අනාගතේදිවත් වැරදි හදාගන්න. (නි)
දරු දුක මෙලොව වෙසෙන සියල්ලන්ටම පොදුය (නි)
මහින්ද මහත්තයෝ, යෝෂිත ඔබතුමාගේ බලය අතට අරගෙන හැසිරෙනවා අපි නේවි රගර් මැච් වලදී දැකලා තියෙනවා. යුද්ධය දිනාදුන් එකේ ගුණය අපිට තිබුණ නිසා 2010 ඔබතුමාට මම ඡන්දෙ දුන්නා. ඔබතුමා මහජන මතයට පයින් ගහලා හොරකම් කළා. රජකම් කළත් කළකම් පලදෙනවා මහින්ද මහත්තයෝ. (නි)
තමන් සහ ජනතාව වින්දිතයන් වනවිටත්, හොරා හෝ චූදිතයා වෙනුවෙන් වැළපෙන අය දැක්කහම ඇඬෙනවා තනි ඇහැට (නි)
අපි මොනවා කරන්නද මහත්තයෝ? (නි)
රොෂේන් චානක, රතුපස්වල අය, ලසන්තගේ දරු දෙන්නා, එක්නැලිගොඩගේ දරු දෙන්නා, රගර් ක්‍රීඩකගේ දෙමවුපියන්ගේ දුක... දැන් දැනෙනවා ඇති නේද? (නි)
පොඩි පිළිතුරක්.... සරත් ෆොන්සේකා හිරේ යනකොට ඕවා තේරුනේ නැද්ද? (නි)
ඔබතුමා මේ පත්ව ඇති තත්ත්වයට අපිත් වගකියන්න ඕනෑ (නි)
අර තාජුඩීන්ගේ මරණය සම්බන්ධව මොකක්ද මෙතුමාට කියන්න තියෙන්නේ? (නි)
රජකම් කළ කාලේ පුතුන්ට රාජ ඌෂ්ණය ගහලා කළ දේවල්නේ (නි)
එතකොට තාජුඩීන්ගේ දෙමව්පියෝ? (නි)
ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නෝනටත් දරුවන්ටත් මීටවැඩිය දුකක් දැනෙන්න ඇති (නි)
දරු දුක මොවුන්ට විතරද? අනිත් දෙමාපියන්ට හිටියේ දරුවො නෙමෙයිද? (නි)
අනුන්ට දැනෙන වේදනාව දැනෙන්නේ තමාට සිදුවුවිට පමණි (නි)
නුඹ නාඬන් - නුඹ නාඬන් , නුඹට ඕවා හොඳ පාඩම් කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
එතකොට ඔය දරු දුක සරත් ෆොන්සේකා මහතාට, ලසන්ත වික්‍රමසිංහට, එක්නැලිගොඩට, තවත් මෙකී නොකී කී දෙනෙකුට තිබෙන්න ඇද්ද? එදා අනික් අයගේ දරු දුක ගැන සිතුවා නම් අද මෙසේ සිදුවන්නේ නැහැ (නි)
දරුදුක තේරෙන්නේ ඔබට පමණක් නොවේ (නි)
එයාලගේ දුක තමයි දරු දුක. අනිත් අයගේ ඒවා දරු දුක නෙමෙයි. තාජුඩීන්ලා සම්බන්ධයෙන් දරු දුක බලපාන්නේ නැද්ද? (නි)
අනේ මගේ කට! (නි)
දරු දුක දැනෙන්නේ ඔබතුමාට පමණක් නෙමෙයිනේ (නි)
ආරියදාස, අපි වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කැපවුණ, එනිසාම දුකට පත්වුණා වූ පළිගැනීම් වලට ලක්වුණා වූ කිසිම කෙනෙක් අමතක කරන්න තරම් මම කුහකයෙක් නොවන බව මතක තියාගන්න. එහෙම නොකළ නිසා තමා මේ හැමදේම (නි)
එතකොට පිය සෙනෙහස දන්නේ එක්නැලිගොඩගේ, ලසන්ත වික්‍රමතුංගලාගේ දරුවෝ පමණද? (නි)
ඒ වගේ තමයි අනෙක් දරුවන්ගේ අම්මලා තාත්තලා. කළකම් පළදෙනවා කියන්නේ ඕක තමයි (නි)
රටේ නීතිය පටන් ගන්න තිබුනේ ගෙදරින්. එදා ඉඳලා රටේ නීතිය අමු අමුවේ කාදමා, යුද්ධයෙන් රට බේරගත්තා කියලා මුළු රටම විකුණලා, හොරකම අල්ලස රජකළ නිසා වූ විනාශයේ ප්‍රතිඵල තමයි මේ. මේ ආණ්ඩුවත් බොරුවට හොරු අල්ලනවා වගේ පෙන්න පෙන්නා හොරු රකිනවා (නි)
අපි එකඟයි එතුමා සමඟ. නමුත් ඔබතුමාලා නිසා කී දෙනෙක් තාත්තලා අඬනවද තාමත්? කී දෙනෙක් දරුවෝ තාත්තලා ගෙදර එනතුරු තාමත් මඟ බලාගෙව ඉන්නවද? ඒ දුකෙයි ඔබතුමාගේ දුකෙයි වෙනස අපිට තේරුම් බේරුම් කරලා දෙනවද? (නි)
තාජුඩීන්ගේ අම්මාටත්, තාත්තාටත්, පවුලේ අයටත් දැනුනේ මේ දුකම තමයි. දුක කාටත් පොදුයි රජාණනි (නි)
ඒක තේරිච්ච එකම මදැයි (නි)
අර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ගේ දෙමව්පියන්, තාජුදීන් ගේ දෙමව්පියන්, රත්තරන් හොයපු නිසා හිරබත් කන වාස් මහත්මය ගේ දෙමව්පියන්, එක්නැලිගොඩ ගේ දෙමව්පියන් ඔක්කොම මොනවද කරන්නේ. (බ)
කලින් ඔය දුක දැනුනේ නැද්ද? (නි)
කිසිම පක්ෂග්‍රහී කමකින්. තොරව කියන්නේ බෞද්ධ ලොකු ලොක්කන්ට තමන්ගේ දරුවන් හදන විට තිලමුට්ඨි ජාතකය මතක් වුනා නම් මේ වගේ දේවල් වෙන්නේ නැති බවයි. (බ)
එතකොට රොෂාන් චානකල, තාජුඩීන්ලට දෙමව්පියෝ හිටියේ නැද්ද (කෞ)
ඔය ටික කලින් හිතන්න තිබුනා නම් හොඳයි. මොකද මහින්ද මහත්තයා රටට වැඩක් කරපු කෙනෙක්. ඒත් එයාලගේ දරුවන් අහිංසක මහජනතාවගේ මුදල් හුරා කෑවා. දළදා මාළිගාව ළඟ රේස් පැද්දා. ඕවට කොහොමත් පටිසන් දෙන්න ඕනෑ (නි)
ඔබේ වාරය ළඟ ළඟම එනවා. එතෙක් බලාගෙන ඉන්න. (නි)
අනේ හොඳයි ඒක තේරුන එක (නි)
අපි සහ අපේ දරුවන් ඔබ වෙනුවෙන් පෙනීසිටිනවා. ඔබට දරුවන් බොහෝයි. ඔබ නොසැළී සිටින්න. පන්නරය තබාගන්න. ඉදිරියට යන්න. ඔබට ජය. මේ පළිගැනීම් නතරවෙන එකක් නැහැ. නමුත් අපි ඔබ සමඟ ඉදිරියට යනවාමයි. ජයවේවා.......!!! (නි)
පැහැසර ඔයා හරි ඒ දවස්වල මධ්‍යවෙදියෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රගර් ක්‍රීඩකයෝ මැරෙනකොට අතුරුදහන් වෙනකොට මේදුක ඒ අයගේ දෙමව්පියන්ට,දරුවන්ට,බිරින්දෑවරුන්ටත් දැනෙන්න අත්තේ ඔය දුකට වඩා වැඩි දුකක්කින් .ඒ දුක දැන්වත් තේරෙන එක ලොකු දෙයක්. (කෞ)
ඇඹිලිපිටියේ පොලිස් මිනීමරුවෝ නිදැල්ලේ.(කෞ)
අපේ හිටපු ජනාධිපති තුමාගේ දරු කැක්කුම කොයි වගේ දැයි පිංතූරෙ බැලුවම පේනවා. අර ලසන්ත වික්රමමතුංග කතෘ ගල්කිස්ස පැත්තේදී වෙඩි තබා මැරුවේ කාගේ කාලෙද? ලක්බිමේ හිටපු ශ්රීතලාල් ප්රි යන්ත ගෝනියක ගැට ගසා පාර අයිනේ දමා තිබූ හැටි ඔබතුමාට මතකද, දිනමිණේ සිටි පෝද්දල ජයන්ත බාගෙට කොණ්ඩෙයි රැවුලයි කපා අත පය කඩා දැමුවේ කාගේ ඕනෑකමටද? එදා කඩුවෙලට ආපු ඔබගේ සහෝදරයෙකුගෙන් ඇහුවනම් වැඩි විස්තර ගන්න පුළුවන් නේද? වැඩිය ඕන නෑ. එක්නැලි ගොඩ ඊ නිවුස් එකේ වැඩ කරද්දී පැහැරගත්තේ කවුද? අද වනතුරු ඔහු ගැන තොරතුරක් තිබේද? ඒ අයගේ අඹු දරුවන් හා මවුපායන්ගේ දරු කැක්කුම ගැන ඔබතුමා කතා නොකරන්නේ ඇයි?ඔබතුමා යන පන්සල් වලින්ම අභයාරාමේ හාමුදුරුවොවත් අහල බැලුවොත් නරකද මහින්ද මැතිතුමනි (මෙහි ප්‍රශ්න අසන මාධ්‍යවේදියා නම හෙළි නොකරන ලෙස අපෙන් ඉල්ලා ඇත)(කෞ)
මෙය දැන් බබා .තජුදීන්ගේ අම්ම පවුලේ අය කොච්චර අඩන්න ඇත්ද?ප්‍රගීත් ට මොකද වුනේ? දිට්ට දම්ම වේදනීය කර්මය දැන් පැමිණ ඇත .(කෞ)
දරුවෝ පාදඩ කමට හැදුවාම ඔහොම තමා, මේ දරුවෝ රටේ බලවත් අපරාධ කරද්දී තාත්තා උඩබලාගෙනද හිටියේ.(කෞ)
පිට කොන්දක් නැති හොර මාධ්‍ය කාරයෙක්.පිනට කඩේ යන එකෙක්.(කෞ)
දෙමුපියෝ සහ සහෝදරයෝ පෙන්නපු පාර නරක නම් දරුවන්ට මේවගේ දේවල් වෙනවා..වරද දෙමාපියන්ගේ ..(හේ)
ඔබගේ පුතා දින කිහිපයකට සැප විදින්න හිරේ ගියාම මෙහෙම දුකක් දැනෙනවානම් රතු පස්වල වතුර ඉල්ලලා කැගහපු තරුණයෝ බල්ලෝ වගේ පාරේ මරල දානකොට උන්ගේ දෙමාපියන්ට කොච්චර දුකක් දැනෙන්න ඇත්ද ?(කෞ)
දැන්ද දරු දුක මතක් වුනේ.(හේ)
රජයක් බොරු කරන එකේ සහ බොරු හේතු මත නිර්දෝෂී පුද්ගලයන් සිර කිරීමේත් අවසානයක් තියෙන්න ඕන. රටේ ජනගහනයෙන් කොටසක් ආසනික් සහිත ජලය බීලා පිළිකා වලින් මැරෙනවා. රජය ඒවා අමතක කොට විරුද්ධ වාදීන් දඩයම් කරනවා.(කෞ)
ඇත්ත තමයි කියලා තියෙන්නේ. (හේ)
මේ අයගේ බොරු වලට දැන් ජනතාව රැවටෙන්නේ නෑ.(හේ)
දයාබර මහින්ද අප්පචචිට දිය හැකි උපරිම ඳඩුවම දී ඇත. තොපිට කිරීමට මීට වඩා තවත් යමක් ඉතුරු වී නැත. තම දයාබර පුතු පවා කැප කර, රට දැය වෙනුවෙන් නැගී සිටීමට ඔබතුමා ගත් තීරණයේ පුණ්‍ය භාවයෙන් යොෂිත පුතුට දුක් කරදර වීඳ දරා ගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !(කෞ)
ඔය දරුවන්ට හරි මඟ කියා දුන්නා නම් ඒ කාලයේදිම අද මෙහෙම වෙන්නේ නෑ ඔය පවුලට මේ පුත්තු අසිමිත බලයෙන් උපරිම ළුල නෙලා ගත්තා දැන් එවායේ ප්‍රතිළුල තමා භුක්ති විදින්න වෙන්නේ (ම)
ඔබගේ පුතාට අනතුරක් වෙලා නැහැ , ඔබ ඔබගේ සහෝදරයන් සමග. උගත් ,බුද්දිමත් ජිවිත කියක් මරණයට පත් කෙරුවද . ඒ දෙමව් පියන් නොකා නොබී දරුවන්ට ඉගැන්නුවේ. අන්තිමට රාජපක්ෂලා තිරිසන් විදියට. මැරුවා යෝෂිත ඉගෙන ගත්තේ. මහජනතාවගේ මුදලින්. ඔබලාට කොහොමද . දුකක් දැනෙන්නේ (කෞ)
මහින්ද විවේචනාත්මක අදහස් පමණක් පල කිරීම තුලින් බහුතර මතයක් නිරුපනය කිරීමට ලංකාදීපය විසින් ගත අධම තීන්දුව තරයේ හෙලා දකිමි.!(කෞ)
තාජුඩීන් වගේ කිසිදු දේශපාලන, ත්‍රස්තවාදී, හොර මැර, වංචා වලට සම්බන්ධ නැති තව කොච්චර දරුවෝ සදහටම දෙමාපියන්ගෙන් ඈත් කළාම ඒ දෙමාපියන්ට කොහොම දුක දැනෙන්න ඇද්ද. මේ කුමාරයානම් තව ටික දවසකින් වලව්වට එයි. මේ ගොල්ලෝ කරලා තියන වංචාවල තරම නඩු අහනකොට දැනගන්න පුළුවන්. (බ)
කයිවාරු ගහන සියලු දෙනාම මේ මනුස්සයට ණයගැති බව අමතක නොකරන්න. මොන වරද කරත් මේ මනුස්සය නැත්නම් මෙලහකට මේ රට කොටියාගේ. එහම මනුස්සයාගේ දුක බලල සතුටු වෙන්නේ සිංහලයෝ නෙමෙයි (බ)
"සී.එස්.එන්. කර ඇත්තේ නාලිකාවක් පවත්වාගෙන යන මුවාවෙන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යාමය; ආර්ථික ඝාතකයකු නඩත්තු කිරීමය. මේ නිසා ඉතා නුදුරේදීම සී.එස්.එන්. නාලිකාව රාජසන්තක කෙරෙන්නේය. ඉංග්‍රීසියෙන් හොරකම් කරන්නේ ජනතාවට නොතේරෙන්නය. බලය තිබිය දී ජනතාවගෙන් වසන් කරන ඇත්ත කවදාක හෝ එළියට එන්නේය. ඉතිහාසය විසින් ඔප්පු කර ඇත්තේ එයයි".(බ)
නාමල් පුතා, මේ වගේ පින්තූර දාලා අනුකම්පාව ගන්න හදන්න එපා. ඔයත් ලඟදිම ඇතුලට යනව තජුඩීන්ගේ මරණයට. ඔයා නීතීඥයෙක් නම් දන්නවා ඇතිනෙ නීතිය ඉදිරියේ හැමෝම සමානයි. සී.එස්.එන්. කර ඇත්තේ නාලිකාවක් පවත්වාගෙන යන මුවාවෙන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යාමය.රාජ්‍ය බලය තිබිය දී ජනතාවගෙන් වසන් කරන සත්‍යය කවදාක හෝ එළියට එන්නේය. ඉතිහාසය විසින් ඔප්පු කර ඇත්තේ එයයි.(කෞ)
මහින්දට අමතක ඇති එයාගේ මේ පුත්තු නිසා අද ගෙදර ඉන්න උනේ කියල .ලොකු පුතා එදා වනතට ඇවිත් ලොකුකම් කීචා.. යෝසිතය..තජුදීන් මේරුව..නිදිදීද එදා ඒ වෙලාවේ....අන්න උබට වැරදුන දවස...එදා.හරි දේ කලානම්..අද මෙහෙම වෙන්නේ නේ (කෞ)
නම නොකී යුරෝපයට පැනගත් මාද්‍ය වේදියා කියන කතාව , කෙසේ හෝ මහින්ද රාජපක්ෂට ඔහුගේ පවුලේ අයට කියවීමට සලස්වන්න , ලංකාදීපය අපේ රට වෙනුවෙන් කරන සේවයක් එක , (කෞ)
බොරු හේතු ගොතලා තාත්තව හිරේ දැම්මම දුවලට ඇති වෙන්නෙත් ඔය දුකම තමා. මේ මිනිස් ජීවිතය හා බලය සදාකාලිකයි කියල හිතාගෙන, ජිවත් උන දැන් තේරෙනවා ඇති ජිවිත යතාර්ථය මොකක්ද කියලා. ඔව්ව්වා ඔහොම තමයිඕ ගොඩක් දේවල් අවබෝධ වෙනකොට වෙන්න ඔන්න හරිය වෙලා ඉවරයි.(කෞ)
මහින්ද මහත්තයෝ, ඔබ වෙගේ නේද එදා අනෝමා, ශිරාණි බන්ධාරනායකෙගේ දරුවා, සන්ද්‍යා එග්නේලිගොධ, බේරුවෙල අලුත්ගම දරුවන්, රතුපස්වෙල, හලාවත දීවර පවුල්වල අය කොතරම් දුක් විඳලා එති. (කෞ)
සියලුම ප්‍රතිචාර වලට මම එකන්ග වෙමි(කෞ)
හැමෝගෙන්ම අහන්නේ වසර 30 යුද්දේ නිසා වැටුන කඳුළු දැන් අමතකයිද ? අර මාධ්‍යවේදී මහත්තයගෙන් අහන්න කැමති ප්‍රෙමකිර්තිද අල්විස් මහත්තයව අමතක උනාද ?(කෞ)
එක නම් ඇත්ත. තාජුදීන් ගේ දෙමව්පියෝ මොන තරම් දුකෙන් ඉන්නවා ඇත්ද? (ම)
රට ජාතියට ආදරය කරන සැම දෙනෙක්ම ඔබලාට ආශිර්වාද කරනවා.ඔබ සැමට තෙරුවන් සරණයි ආශිර්වාදය ලැබේවා! (ම)