ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ මීටර 233 ක් පළල මං තිරු දෙකක ගුවන් පාලමකට මුල් ගල තැබීමේ උත්සවයට පැමිණි ක්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සිය ජිප් රියෙන් නොබැසම උත්සව භුමියෙන් පිට වු බව කියති.
රුපියල් කෝටි 223 ක වියදමින් මේ පාලම ඉදි කෙරෙයි.
ඔහු ගොස් මිනිත්තු පහකට පමණ පසුව ප්‍රවාහන ඇමැති කිරිඇල්ල මහතා උත්සවය ආරම්භ කළේය. උත්සව භුමිය සරසා තිබු ආකාරය ජයසේකර ඇමැතිවරයාගේ නොසතුටට හේතු වු බව එහි සිටි අය කියති.
නිල්, කොළ,තැඹිලි ආදි විවිධ වර්ණ වලින් උත්සව භුමිය සරසා තිබිණි. එහි සිටි කිහිප දෙනෙකු පැවසුවේ කොළ කොඩි ගැන ඔහු යමක් කියා උත්සවයට සහභාගි නොවී ගිය බවයි. මේ ගැන විමසිමට දුරකථනයෙන් ඇමැති සම්බන්ධ කර ගැනිමට ගත් උත්සහය අසාර්ථක විය.
දයාසිරි ජයසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජඩ දේශපාලුවෝ මජනතවගේ සල්ලි වලින් පොදු වැඩ කරලා ඒ අයගේ නමින් මුල්ගල් තියනවා හරියට ඒඅයගේ පෞද්ගලික සල්ලි වලින් කරනවා වගේ. ඊට පස්සේ ඒ වැඩේ ඒ අයගේම එකෙකුට දීලා එකෙනුත් කෝමිස් ගහලා ,උජ්ජාරුවෙන් විවෘත කරනවා. කොන්ත්‍රාත් කාරයා බාල විදියට වැඩේ ඉවර කරනවා. අපේ මෝඩ ජනතාවත් මේක අරයගෙ වැඩක්, මෙයාගේ වැඩක් කියලා හුරේ තියනවා. කවදාද අපේ ජනතාව තේරුම් ගන්නේ මේ අපේ සල්ලි නේද විනාශ කරන්නේ කියලා. (අ)
එක සැරයක් අර වාදපිටිය වැඩසටහනේදී සිදුවූ දෙයකුත් මට මේ වෙලාවේ මතක්වෙනවා (නි)
ලලිත්, ඔබ වැරදි මතයක ඉන්නේ. (නි)
පාලම හදන්න සල්ලි වියදම් කළේ මොන පාට කෙනාගෙ පුද්ගලික ධනයෙන්ද කියලා ජනතාව වශයෙන් දැනගන්න කැමතියි. (නි)
දයාසිරි ආණ්ඩුවෙනුත් ගියා නම් තමා කරන ලොකුම උදව්ව මහජනයා වන අපිට (නි)
පාට පක්ෂ බේද මත පදනම්වෙලා කවදාවත් රට දියුණු කරන්න බැහැ (නි)
පාට පක්ෂ ඕනෑ නැත්නම් එහෙනම් කොළපාටත් ඉවත්කරන්න ඕනෑ. මම එකඟයි දයාසිරි කළ වැඩේට. (නි)
ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ කරලා තියෙන්නේ අපිව උගසට තියලයි. ණය ගෙවන්නෙ අපියි. නමුත් එක්කෙනෙක් කොළපාට කොඩි දාගෙන. අනිත් කෙනා නිල්පාට නැහැ කියලා තරහ වෙලා. අනේ මේවට කොතනින්ද හිනා වෙන්නෙ? (නි)
ඔන්න අපේ මහා ලොකු දැනඋගත් ජනතාවට සේවය කරන්න ඉපදීසිටින දේශපාලඥයින්ගේ තරම. මම මේ කියන්නේ දෙපැත්තෙ දෙන්නම ගැන. (නි)
කිසිම දේශපාලඥයෙක් ගෙන්වන්නේ නැතුව සීයා කෙනෙක් ආච්චි කෙනෙක් අතින විවෘත කරන්නේ නැත්තේ ඇයි? ඒ මිනිස්සු අවුරුදු ගානක් බදු ගෙවලාවත් තියෙනවා රටට. ණය ගෙවන්නෙත් එයාලගේ දුවා දරුවො. මේ කොහෙවත් ඉන්න දේශපාලුවන්ට ලකුණු දෙන්නේ ඇයි අපේ රටේ අනුවණ දනා (නි)
රුවන්, ඔයා මොනතරම් පටුවිදියටද හිතන්නේ? පාට පක්ෂ ඕනෑ නැත්නම් ඔයා කියන්න ඕනෑ දයාසිරි කළ වැඩේ හරියි කියලා නෙමෙයි. අනිත් පැත්තේ කෙනා කළ වැඩේ වැරදියි කියලයි. (නි)
කිරිඇල්ලගෙයි දයාසිරිගෙයි පුද්ගලික ධනයෙන් හදලා වෙන්න ඇති. අනේ අපිට මොනතරම් ආදරය කරන දේශපාලඥයො දෙන්නෙක්ද? (නි)
ලංකාව කියන සුන්දර රට ඔය යන විදියට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. මොනවදේ මේ නිල කොළ රතු කහ කියන්නේ. අපිට වැදගත් වෙන්නේ අපේ ලස්සන රටයි. (ම)
රටකට සේවයක් කරන්න පාටක් ඕනෙමද?(අ)
නිල් පැත්තේ ඉඳලා කොළ පැත්තට පැනලා, කොළ පැත්තෙ ඉඳලා ආයෙත් නිල් පැත්තට පැනලා, දැන් ආයෙත් දෙක කලවම් වෙච්ච පැත්තට පැනපු දයාසිරිට මොන පාටද? මොන පක්ෂද? (නි)
ඕකට තමයි කියන්නේ ජාතික ආණ්ඩුව කියලා. (නි)
එක්කෝ ස්පාඤ්ඤයෙන් ගෙන්වන්න තිබුනා. මොකද ණයට හරි දුන්නේ ඒ අය නිසා. නැත්නම් ලංකාවේ බදු ගෙවන සාමාන්‍ය මනුස්සයෙක් ගෙන්වන්න තිබුනා විවෘත කරන්න. මොකට මේ දෙපැත්තෙ දේශපාලඥයෝ ගෙන්වනවද මන්දා? ගෙන්නුවම කළ වැඩේ පේනවනේ. ඒකත් කඩාකප්පල් කරලා එක්කෙනෙක් ගිහින්. අනේ මෙහෙමත් රටක්. (නි)
මේ වගේ කට්ටියනේ අපිව පාලනය කරන්නේ. අපි අපිවම පාලනය කර ගත්තා නම් මේ විකාර බලන්නේ නැතුව රටේ සල්ලි හැමෝගෙම සල්ලි ලෙස සලකා වැඩ කරන්න තිබුන. (අ)
මුල අමතක වුණාම ඔහොම තමයි. (අ)
ඔලුව ඉදිමිච්ච මොලේ වැඩි අය. මෙයාල කොහොමද ජාතික සමගියක් ගෙනෙන්නේ.(අ)
ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. පනින එකාට දුර තියාම තේරෙනවා බොහොම සුළු කාලයක් තුල ආයිත් පනින්න වෙන බව. ගත්ත තීරණේ හරි. (අ)
මෙච්චර පළල පාරක් ලංකාවේ කොහෙවත් නැහැ. (නි)
ඊර්ෂියාව වෛරය ක්‍රෝධය තුරන් කර රට සංවර්දනය කරා යන ගමනට දායක වෙලා ජනතාවගේ හිත දිනාගෙන වැඩ කර පෙන්වන්න එකමුතුවෙලා නැත්නම් වෙන දෙය අමුතුවෙන් කියන්න ඕනේ නැනේද? (අ)
දැන් එතකොට ගුවන් පාලන් හොඳද (අ)
පොල්ගහවෙල අය දයාසිරිට කැමති නැත. ඒ යු. එන්. පි ඡන්දෙන් විත් අනෙක් පැත්තට ගිය නිසාය (නි)
මීටර් 233 කෝටි 223 ක් මීටර් 1 ක් හදන්න කෝටියකට කිට්ටු මුදලක් රත්තරන් වලින් හදල දියමන්ති අල්ලන්නද හදන්නෙ.(අ)
දුමින්ද කව්රු හැදුවත් ගුවන් පාලම් හොදයි ප්‍රශ්නේ තියෙන්නෙ හදන්න යන ගානෙ මීටර් 1ක් කෝටි 1ක් .මහින්ද මහත්තයා හැදුව ඒවා වලත් වැඩි වෙනසක් නෑ.(අ)
ඔය වගේම කුහක කමින් පිරිච්චි අය තවත් ඉන්නවා උගත්කමටත් නිගා කරන උදවිය. අවාසනාවකට රට පාලනය කරන්න එන්නෙත්, අපි ඇන කොටාගෙන ඡන්දෙ දාන්නෙත් ඔය උදවියටම තමා.. අපි අපිට ගහගන්නොන.(අ)
ඒක ඇත්ත කට්ටිය සත් භාවයෙන් පිළිතුරු දානවා. තමන් හදපු දේවල් වලට අනුන්ගෙ නම් දාලා බෝඩ් ලෑලි ගහන එකයි ප්‍රශ්නෙ.(අ)
මේ වගේ අදහස් තිබෙන අයනේ ඇමතිලා වෙලා ඉන්නේ. (නි)
ඕකට තමයි කියන්නේ , බස් එකේ නොවේ මොකේ ගියත් හෙළුව පෙනෙයි චිකේ , කියල (අ)
ශ්‍රී ලංකා - ශ්‍රී ලංකා අවුල්. යූ එන් පී - යූ එන් පී අවුල්. අනේ කොහොමට තිබුණු රටක්ද මේ අවුල් වෙන්නේ.(අ)
එක මීටරයකට කෝටියකට පොඩ්ඩක් වැඩියි. (අ)
වාසි පිලට හුරේ දමා මඩිය තරකර ගන්නකෝ (නි)
පාලම මොන පාටද දන්නේ නෑ (අ)
දුමින්ද, ගුවන් පාලම්වල නොවෙයි වරද. ඒවායින් හොරාකන එක තමයි වරද. (නි)
පාට පාට කොඩි වැල් වලින් වැඩක් නැහැ රටට වැඩක් වෙන්නයි ඕනි ඒ තුලින් ජනතාවට යහපතක් වෙනවා. මැරුණම අපි දාන්නේ සුදු කොඩි !! (බ)
සුළු ,සුළු භේද අමතක කර රට දියුනු කර පෙන්වන්න. අපිට පාට වැඩ ක් නෑ (බ)
ඊළඟ ඡන්දෙ තිබ්බහම ඔය නිදහස් පක්ෂයේ පැන්න අයට යන එන මං නැතිවේවි (නි)
ජනතාව දැක්කා දයා බෙරයක් ගසමින් රිලා නැටුමකින් වන්නියේ ජනතාව විනොදයට පත්කරනවා පක්ෂ මාරැ කරන මොහු ජනතාව රවටන කපටි පුද්ගලයකි (අ)
මෙහෙමත් මිනිස්සු. මහින්දව කෑවා. පරාදවෙනකොට අනිත් පැත්තට පැන්නා. දැන් මෛත්‍රීවත් කන්න යන්නේ. මෙයාලට ඡන්දෙ දෙන්නේ හරක්. (බ)
සිද්ධිය හරියටම විස්තර ඇතුව නොදැන වැඩිදුර අදහස් දක්වන එක වැරදියි නේ? කවුද දන්නේ එයට මොකක් හරි ශරීර කෘත්‍යයක අවශ්‍යතාවයක් හදිසියේ පැනනැගුනද කියල. ඇමතිලා වුණත් එහෙම දේවල් වෙන්න බැරි නැහැ නේද? (බ)