(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලිමින් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කල අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.
පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්‍ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ඇතැයි පෙන්වා දෙමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කල අභියාචනය ප්‍රතික්ෂේප කිරරීමට අධිකරණය තීරණය කළේය.
බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන මහත්වරුන් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට පක්ෂය ගත් තීරණය අභියෝග කරමින් තමන් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කරමින් දුන් තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කොට තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd