
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වතු සමාගම් හැම එකක්ම බිලියනයකට වඩා ලාභ ගත් ආයතන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"මම ඒ ලාභ පිළිබඳ ලේඛනයේ සභාගත කරනවා.මේ ලාභයෙන් බිලියන පහ, හයක් කිසි ගැටලුවකින් තොරව වතු කම්කරු ජනතාවට දෙන්න මේ අයට හැකියාව තියෙනවා.හැබැයි ඔවුන් ඒක දෙන්නේ නෑ.ඒ වෙනුවට ලාභාංශ උපරිම කරගෙන වැඩ කටයුතු කරනවා.
ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධව ගහපු ගිවිසුම් ගැන අපට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.පාර්ලිමේන්තු සේවකයන් ගැන ජනතා විමුක්ති පෙරමුණේ උදවිය අතීතයේ බොහෝ සෙයින් කතා කළා.ඔවුන් උදේ සිට රෑ වනතුරු කැපවී සේවය කරනවා.විශේෂයෙන් මේ කාලයේ ඔවුන් කඩි ගුලක් වගේ වැඩ කරනවා.මේ පාර්ලිමේන්තුවේ ඔවුන්ට සලකන ක්‍රමයක් තිබුණා.අද ඒ ක්‍රමය නැති කරලා තියෙන්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. නමුත් පුද්ගලික කළමනාකාරිත්වයක් සහිත වැවිලි සමාගම් වලට රජයෙන් රුපියල් 200 ක් ගෙවීම සාධාරණද? රජය මගින් පාලනය වන වැවිලි සමාගම් 1. හලාවත වැවිලි සමාගම (මුදල් රජය මගින් භාණ්ඩාගාරයෙන් ගෙවීම සාධාරණ නැත. අධික ලෙස ලාබ ලබන ආයතනයකි) 2. කුරුණෑගල වැවිලි සමාගම (මුදල් රජය මගින් භාණ්ඩාගාරයෙන් ගෙවීම සාධාරණ නැත. අධික ලෙස ලාබ ලබන ආයතනයකි) 3.ඇල්කඩුව වැවිලි සමාගම ඔව් රජය මගින් ගෙවීම සාධාරණ ලෙස පිළිගත් හැක.. මීට අමතරව 1.රාජ්‍ය වැවිලි සංස්ථාව 2. ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඔව් රජය මගින් ගෙවීම සාධාරණ ලෙස පිළිගත් හැක. නමුත් පහත වැවිලි සමාගම් සහ එම සමාගම් පාලනය කරනු ලබන මවු සමාගම් බලන කල රුපියල් 200ක් මහජන බදු මුදලින් ගෙවිය යුතු ද යන්න බරපතල ගැටලුවක්ව පවතියි. 1. මව් සමාගම - බ්‍රවුන්ස් ප්‍රධාන කොටස් හිමියා - ඉශාර නානායක්කාර මහතා (ලංකාවේ අන්ක එක ධනවතා) වැවිලි සමාගම් *මතුරට වැවිලි සමාගම *පුස්සැල්ලාව වැවිලි සමාගම *හපුගස්තැන්න වැවිලි සමාගම * උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 2.මවු සමාගම - හෙලීස් ප්‍රධාන කොටස් හිමියා - ධම්මික පෙරේරා මහතා (ලංකාවේ අංක දෙක ධනවතා)...
එහෙනම් අපි එයාලත් ඔයා ගත්තා වගේ ජනාධිපති අරමුදලෙන් ගාණක් දෙමු නේද රිලාසිරි...?
ඉතිං ඔහෙලාගේ කාලේ ඒක නොකලේ මොකද?
මගේ අදහස නම් පඩි වැඩිවීම සියළුම පුද්ගලික අංශයේ සේවකයින්ට දෙන්න ඕනේ. එක පිරිසකට විතරක් නෙවෙයි. මොකද ජීවන වියදම් බර රටේ සෑම සියළු දෙනාටම එක සේ බලපානවා. පඩි වැඩි කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම ආන්ඩුවේ වගකීමක්. දෙන පොරොන්දු රටේ කොටසකට විතරක් දෙන්න බෑ. සියළු ජන කොටස්වලට එක සේ සැලකිය යුතුයි. එහෙම වෙනස් විදියට සලකන්න ගියාම තමයි බේද ඇති වෙන්නේ, සාමය නැති වෙන්නේ. වගකිවයුතු ආන්ඩුවක් පටු දේශපාලන වාසි තකා රටේ සාමය, සමගිය, සහෝදරත්වය නැතිවෙන විදියට කටයුතු නොකල යුතුයි.