තමා ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යතියි පැතිර යන ආරංචියේ සත්‍යතාවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.
තමා එය ප්‍රතික්ෂේප කළ බවත්, ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත් නොවන බවත් ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි ගොඩක් අය හිතුවේ. හැමදාම බලයේ ඉන්න නමුත් දන්නෙම නැහැ බිමට වැටෙන දවසකුත් එනවා.(නදී)
නෑ කියන අය දන්නෙම නැති ව ගිහින් (අ)
ගිලෙන නැවකට පනින්න තරම් දයාසිරි මහතා මෝඩ නැහැ .(අ)
දයාසිරි මහත්තයෝ, ඔබලා එජාපය ගොඩ ගන්න ඕනෑ. දැනට ඔහොම ඉන්න. අපි තව ටිකක් කල් ඉවසමු. පේනවා නේද? දැන් මේ වර්තමාන රටේ හැමතැනම අවුල් ගොඩයි. ටිකක් ඉවසල ඉමු. (නි)
ඔයා ගිහින් අර ගුරුවරිය දන ගස්සපු මන්ත්‍රීගේ අඩුව පුරවන්න... නැත්තන් , රනිල් මහත්තයාගේ පස්සේ ගිහින් වැඩක් නැහැ . (අ)
ස්වාධින පොලිස් හා මැතිවරණ කොමිසන් යටතේ සාධාරණ මැතිවරණයක් තිබ්බොත් කාට කාටත් බලා ගන්න පුළුවන් ගිලෙන නැව මොකක්ද කියලා. රටේ වෙන දේවල් ජනමාධ්‍ය වලින් දකින අයට වඩා ඇත්ත දන්නේ අපි තමයි.(නදී)
ඇයි තරුණයන්ට තැනක් දෙන්නේ නැත්තේ? (දී)
ගියොත් ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. එහෙත් ඔබට ගත්ත තීරණය ගැන දහස් වාරයක් දුක් වෙන්න වෙනවා. (නි)
අවස්ථාව මග හැරලා ඔබතුමා මෝඩ වෙන්න එපා. ඔයා යන්න හොද අනාගතයක් තිබෙන තරුණ මන්ත්‍රි කෙනෙක්. ගොඩ ඒමක් නැතුව ඉන්න නැවක ඉන්න එකෙත් තේරුමක් නැහැ නේද?(නදී)
සල්ලි දකිනකොට මරුන මිනිහත් දිව නටවනවලු. ඔහොම යමු දයා ඔහොම යමු. බලමු ඇත්තටමද ඔහොම කිව්වේ කියල. ලොක්කත් ඔහොම කතාවක් කියල තියෙනවා. (අ)
දයාසිරි මහත්තයෝ අපිට ඔබ තුමා ගැන විශ්වාසයක් තියෙනවා. කොයි පැත්තේ හිටියත් ගරුත්වය රැකගන්න. අවස්ථාව මග හැරලා යන්න එපා.(නදී)
හැබැයි පුතෝ ගියොත් චන්දෙ නැහැ, ගරුත්වය රැකගන්න (අ)
දයාසිරි හොද තරුණ මන්ත්‍රි කෙනෙක්. හොඳ අනාගතයක් තිබෙනවා. ජනතාව අනුමත කරනවා. අවස්ථාව ගන්න ඔයා යන්න.(නදී)
ලෙස්ලි මහත්තයා ඉන්නේ මේ රටේද , පිට රටකද..ඔය හීනේ ගොඩක් කට්ටිය දකිනවා. වෙලා තියෙන්නේ හීනේ සැබෑ වෙන්න තව සෑහෙන කාලයක් බලා ඉන්න වෙන එකයි සමහර විට ඔබතුමා 50 පැනලානම් ඔබ තුමාට ලබන ආත්මෙදි තමයි ඔය හීනේ සැබෑ කර ගන්න පුළුවන්.(නදී)
ලෙස්ලි, ඔබතුමාට හීනෙන්ද ඇත්ත පෙන්නේ. නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියනවා වගේ කතා. දිනන්න කලින් විපක්ෂය එකමුතු වෙලා එක මතයකට වැඩ කල යුතුයි. හැමෝම රජ වෙන්න ගිහින් ඔකොම අනාගෙන ඉන්නේ. ඔබතුමාට ඒවා පෙන්නේ නැද්ද.(නදී)
මෝඩ වෙන්න එපා. නියමයි.නියමයි.යන්න.යන්න. මහ ඇමැති වෙන්න. රටේ මිනිස්සුන්ව නැගිට්ටවන්න.(නදී)
දැන් කොයි කාලෙක ඉඳල අතින් කලා හරක් බලන් නේ.(අ)
දෙයියෝ දෙනකොට බුතයෝ වලක්වනවා..(අ)
යන යකා කොරහත් බිදගෙන යනවලු. අපි බලමු මේ යකා අලියව පෙරළගෙන යයිද කියලා.(නදී)
අවස්ථාව මග හැරලා ඔබතුමා මෝඩ වෙන්න එපා (දී)
ශානි, සුනෙත් යන්න කියන්නේ ඇය? තවත් අරගොල්ලන්ට ආවඩන්නද? (නි)
දයාසිරි මන්ත්‍රීතුමනි, ඔබ දක්ෂයි. තරුණයි. සුබ අනාගතයක් තියනවා. රටට සේවයක් කිරීමට නම් ඔබ ඔතැන සිටියොත් ඒ සේවය කල හැකිවේවීද? සිතා බලන්න. හොඳ තීරණයක් ගන්න. (නි)
දයාසිරි මහත්තය කොහොමහරි යන්න බොක්කෙන්ම තරග කර දිනන්න!යු.එන්.පී.දල ගිය කට්ටිය යේ එනවා,එයාලත් එක්කම ඉදිරියේදී රට ගොඩ ගන්න උත්සහ කරන්න.නැවත ලංකාව ගොඩ එන්න නම් ජනතා හිතවාදීව,යු.එන්.පී.පක්ෂයක් එන්නම ඕන! (අ)
වෙන ඉතින් කොහේ යන්නද බැංකුවට යනවා මිසක්.(නදී)
අපෝ නැහැ මීට වැඩි දෙයක් ලැබේවි. ඒ වගේම ඉල්ලාවි. (නි)
යන තැනකට යන්න. කොයි කව්රුත් දේශපාලනේට එන්නේ රහත් වෙන්න බලාගෙන නෙමෙයි. බල තන්හාව සහ ගසා කෑමට.(නදී)
යු.එන්.පී. එකෙන් ගිය කට්ටියත්, දාලා යන කට්ටියත් දකින විට අපිට යු.එන්.පීම ආණ්ඩුවක් තමයි නැවත කාටත් බලා ගන්න පුළුවන්.(නදී)
බය වෙන්න එපා. යන්න (නි)
ඔය බය නැතිව යන්න. කවදාවත් ඔය පක්ෂයේ ඉඳල හරි යන්නේ නැහැ. අද ජොනී කොහොමද ...? කවුරු කිව්වත් ඔයාට තියෙන ජන්ද පදනම කඩන්නන බැහැ! ගිලෙන්න යන නැවෙන් සුපිරි නැවට මාරුවෙන්න. (නදී)
ගිලෙන නැවකට පනින්න තරම් දයාසිරි මහතා මෝඩ නැහැ. ගිලෙන නැවේ තමා දයාසිරි ඉන්නේ!(නදී)
ලෙස්ලි මිලානෝ, ඒඋනාට ගිලිලා ආයිත් ගොඩ ඒමක් නැතුව ඉන්න නැවක ඉන්න එකෙත් තේරුමක් නැහැ නේද? අපි ලංකාවේ ඉන්න හන්දා ඒ නැවෙන් අයින් වුනා. ඔය තවම මිලානෝ ඉන්න හන්දා ඒ නැවේම ඇති (දී)
ලෙස්ලි , අනිත් නැව් ඔක්කොම ගිලිලා ඉවරයිනේ (දී)
ලෙස්ලි, මිලානෝ වල ඉදගෙන කොහොමද මේක ගිලෙන නැවක් කියන්නේ? ලංකාවේ දේශපාලනය ගැන දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක තමයි වැඩිය හොද (දී)
දයාසිරි මහත්තයට ඕනේ ඉක්මනින් ජනප්‍රිය වෙන්න. පරණ පල පුරුදු දේශපාලනය කරන අයව පන්නා ඉදිරියට එන්න. බලයක් ලැබුන දාට එයත් අනික් අය වගේම තමා . ඒකනේ එකම පක්ෂේ කල්ලි වාදයක් ගහන්නේ.(නදී)
ගිලෙන නැවක ඉන්න තරම් දයාසිරි මහතා මෝඩ නැහැ.(නදී)
යනවා නම් අනේ මං අරන් .... යන තැනකට යන්න දයාසිරි මහතෝ... වැඩ කරන්න පුලුවන්නම් හැකියාවක් තියේ නම් ඕකෙම ඉන්න ඕනෑ නැහැ. ආණ්ඩුවට ඇවිත් වැඩ කරලා පෙන්වන්න. හැදෙන්න ඕනෑ නම් අවස්ථාව ගන්න. (නි)
එක්සත් ජාතික පක්ෂය වැඩි කාලයක් යන්න කලින් බලයට එනවා එකට මුලිකම හේතුව ආණ්ඩුවේ වැනෙන දේශපාලනය දයාසිරි කියන්නේ ඉදිරි වසර 10 - 15 ඇතුළත පක්ෂයේ නායකත්වයට පත් විය යුතුම කෙනා. ආණ්ඩුව පෙරලන දවස තිරණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ විනය හා සමගිය තහවුරුවන විට පමණි .(නදී)
දයාසිරි මහත්තයෝ දැන් බලන් හිටියා ඇති. අපරාදේ කාලේ නාස්ති කර ගන්නේ නැතුව බලේ තියෙන පැත්තට ගිහිල්ලා ජනතාවට සේවයක් කරන්න.(නදී)
දයාසිරි හොද තරුණ මන්ත්‍රි කෙනෙක් හොද අනාගතයක් තිබෙන. ඒ තැන නැතිකර ගන්න එපා. (දී)
බන්දුල පෙරේරා ,සුව නින්දක සිහින දකිමින් සිටින්නේ ඔබයි.ජේ .ආර්.ජයවර්ධන ,චන්ද්‍රිකා කුමාරතුංග යන නායකයින් ආ අතීත දේශපාලන ගමන් මග සිහි කරන්න.ඔබ දේශපාලනය ,ජාතිය හා ආගම ලෙස වැළඳ ගෙන.ඔබ ගැන කණගාටුයි.දේශපාලනය දිනෙන් දින නොව තප්පරෙන් තප්පරයට වෙනස් සිතුවිලි ගෙන දිය හැකි කාරණයක්.ටයිටැනික් නැවේ සිටි අය නැව දෙකට කැඩී ගිලේවි යැයි කිසිදා නොසිතන්නට ඇති. දයාසිරි මහතාණෙනි, අලියෙකුගේ තරම අලියෙකු නොදන්නා සේ ඔබගේ වටිනාකම ඔබටත් වඩා ලංකාවේ බුද්ධිමත් ජනතාව වටහා ගෙන ඇති බව ඔබ තුමාට දන්වනු කැමැත්තෙමි. (නි)
හිටියත් නෑ වගේනේ.(නදී)
රත්නායක දවල් හීනයක් දකිනවා.(නදී)
දයාසිරි මහත්තයා, ගිය සැරේ කැබිනෙට් ඇමති දූරයක් ඉල්ලලා දුන්නේ නැති හින්දනේ ගියේ නැත්තේ. නුවර ඇවිත් මල්වත්තෙ හාමුදුරුවොගෙන් අහලා එපා කීවම හිටියෙ, මගෙ බල්ලවත් යන්නෙ නැහැ කිව්වා ලක්ෂ්මන් සෙනෙවිරත්නත් ගියා.(නදී)
දයාසිරි හොඳ මහතෙක්. ඒත් තාම එයා දේශපාලනයට ලාබාල වැඩියි. තරුණකමත්, ස්ටාර් කෙනෙක් වුනත්, පාරලිමේන්තුවේ වචන හුවමාරු කරගත්තට පුළුල් දේශපාලන මනසක් ගන්න කාලයක් යනවා. ඉවසලා ඉන්න. අපිත් ඔබට ඉන්නවා දයාසිරි (නි)
ඉවසන්න. අනාගතය අත ළග... (නි)
ඔයා යන්න දයසිරි. සුබ පැතුම්. රට රකින්න වැඩ කරන්න. සිංහල රට හදන්න (නි)
පිස්සු නැතුව ඉන්න මහත්තයෝ... (නි)
ඒ මොනවා වුනත් විපක්ෂය එකමුතු වෙලා පළාත් සබා වල බලය ගත්තා නම්, පළාත් සබා වලින් කොයි තරම් වැඩක් කරන්ඩ පුලුවන්ද කියලා කාට කාටත් පෙන්නන්න පුළුවන් වෙනවා. (දී)
අපි ඔබට ආදරෙයි. යන්න එපා (නි)
ගිලෙන නැව් වලට නගින්නේ කවුද බොල.(නදී)
යන්න එපා මහත්තයෝ. අද පැරදුනත් හෙට දිනපුවම ලොකු මහත්තයෙක් වගේ පක්ෂයේ ඉන්න පුළුවන්. ඔයාට දුන්නු මගේ මනාප ඡන්දය අපතේ අරින්න එපා (දී)
රග පාන්න සිංදු නියන්න හොදයි. දේශපාලනයේදී කට විතරයි වැඩ නැහැ. කොයි පැත්තේ හිටියත් එකයි.(නදී)
ඔබ ගියොත් අපේ සජිත් තනිවෙනවා නේද? (නි)
නැහැ කිව්වේ නැහැ කියන්න එපා.(නදී)
මැණික් ගලේ පය හැපුනට - කන ඇහිඳ ලා ගනීද? නේද බැනෝ?(නදී)
ලජ්ජා වෙන්න එපා.. ඔයා යන්න. (දී)
හිටියොත් නම් මේ කපේ ගොඩ එනවා බොරු.(නදී)
කව්රු මොනවා කිව්වත් මේ සැරේ ආණ්ඩුව පරදින්නයි ඕනේ. එයාල හිතේ තියන් ඉන්නේ එයාලා කරන සේරම දේවල් ජනතාව අනුමත කරනවා කියලයි.(නදී)
ගරු දයාසිරි ජයසේකර මැතිතුමනි, මම ඔබතුමාට ගරුකරනවා.බුදුසරණයි (නි)
දයාසිරි මහත්තයෝ අපිට ඔබ තුමා ගැන විශ්වාසයක් තියෙනවා ලොක්කා මොනව කලත් ඔබ තුමන්ලාට අලියා පක්ෂය තුල විශාල අනගතයක් තියෙනවා. යන්ඩ නම් එපා. කොහොම හරි හොඳ කණ්ඩායම දමා දිනන්ඩ ඕනා. මේ පාර එස්.එප් පක්ෂෙටත් ආසන 5 ක් වත් යනවා. කුරුණෑගල 2, පුත්තලම 2= 4.(නදී)
අනේ රත්තරන් .... දැන් මිල අඩුලු රත්තරන්..... හිටියෝතින් ඔහේ උඩ බලන්... මිල බහිනවා මිලේ රත්තරන්... (නි)
"තමා එය ප්‍රතික්ෂේප කළ බවත්, ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත් නොවන බවත් ඒ මහතා පවසයි". මේ වැකියෙන් හැඟවෙන්නේ මොකද්ද? අනේ මට තේරෙන්නේ නැති නිසයි අහන්නේ. දයා කාටත් හොරා හොරගල් අහුලලා වගේ (නි)
මෙදාපාර එජාපය 3 වන ස්ථානය. ඔබ පනින්න.(නදී)
තැන නැතිකර ගන්න එපා මහත්තයෝ එහෙ මෙහෙ පැනලා. කාටවත් සදාකාලිකව ඔතන නායකයා වෙන්න බැහැ. කවදාහරි ඔබතුමාත් එකතුවෙලා මේ රටේ මිනිස්සුන්ව නැගිට්ටවන්න ඕනෑ. (දී)
යන්න අනේ යන්න ...ඔයාටත් බුදුසරනයි තමා (නි)
යනවා නම් තනියම යන්න එපා, තව 2ක් 3ක් අරගෙන ම යන්න.(නදී)
එතුමා හදන්නෙ ගිලෙන නැවෙන් ගොඩ එන්න. ඔහොම යමු (දී)
දයාසිරි මහතා ආණ්ඩුවට එනවා නම් මේක හොද වෙලාව. ආණ්ඩුවටත් හොදයි. රටටත් හොදයි (නි)
එතුමා යන්නෙ නැතෝ.... (දී)
යු.එන්.පී. එක 70 මැතිවරනයේදී ආසන 8 බැස්ස වෙලෙත් ප්‍රේමදාස මහත්තයා පක්ෂය දාලා ගියේ නැහැ. ප්‍රතිපල ලැබෙන්නේ ටිකක් පමා වෙලා. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න හොඳ අනාගතයක් තිබෙනවා. (දී)
ගිලෙන නැවට පැනලා ඔබේ දේශපාලන අනාගතය මුහුදු බත් කර ගන්න එපා.(නදී)
දයාසිරි මහත්තයෝ, ඔබ කරන දේවල් අපි බලාගෙන ඉන්නේ.යුක්තිය වෙනුවෙන් සටන් කරන්න.ආණ්ඩුවට යන්න එපා! (නි)