සන්ධාන අපේකෂක දයාසිරි ජයසේකර මහතා පළාත්සභා ඉතිහාසයේ නව වාර්තාවක් තියමින් මනාප තුන්ලකෂ තිස් හය දහසකට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත.
1993 මැයි 27 පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලැබූ වැඩි ඡන්ද දෙලක්ෂ අනූ අට දහස මීට පෙර පැවති වාර්තාව විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි ඔයා මහා ඇමති වෙන්න දයා (නි)
චන්ද්‍රිකාගේ වාර්තා කැඩුවාට කමක් නැහැ.එයාගේ වාර්තා නම් තියන්න එපා මහත්තයෝ. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. මේක ලංකාවනේ. (ස)
වයඹ නව මහ ඇමතිතුමනි, ඔබතුමාට සුභ පැතුම්! ඔබතුමා පක්ෂය හැරදා ගියත් අපි ඔබට ආදරෙයි. ජනතාවට සේවය කිරිමට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා. (නි)
මයුරපාදේ අපි ඔබ සමගයි (නි)
මගේ උණුසුම් සුබ පැතුම් !! සෞදි අරාබියේ ජේ සහ ප් ආයතනයේ සිට (ස)
සුදුස්සාට සුදුසු තැන ලැබේ. (ස)
නියමයි (නි)
දයාසිරි රටම පිළිගත් බුද්ධිමත් ජනතා නියෝජිතයෙක්.ඔහුගේ ඉදිරි ගමනට මා සුභපතනවා. (නි)
මට දුකයි රනිල් මහත්තයෝ (නි)
පළමුව දයාසිරි මහතාට සුබ පැතුම් . මට පලමුවෙම්ම දැනගන්නට ඕන ප්‍රදීප් කුමාර ආහාරයට ගන්නේ තණකොළ හෝ පුනක්කුද කියලා. මොකද බත් කන කෙනකුට ඔවැනි අදහස් එන්නෙම නෑ.... (ස)
අර කේන්දර බලන කෙනා කියලා තිබුනනේ ජොහාන් එකට එනවා කියලා. දෙවැනි කෙනාට එයාගේ අහලකට එන්න බැහැ කියලා.දැන් එයා මොකක්ද කියන්නේ (නි)
වයඹ සියලු දෙනා පක්ෂ භේද නැතිව මහත්මා ගති ඇති මිනිහෙක් තෝරා ගත්තා,,, ඉදිරියටම යන්න ජය.. (ස)
නමුත් දයාසිරි යූ.එන්.පී. එකෙන් ඉල්ලුවා නම් මෙහෙම ලැබෙන්නේ නැහැ. (නි)
අනාගත අගමැතිතුමාට ජයවේවා. මෙවෙනි ඇති විශිෂ්ට ජයග්‍රහණයට ප්‍රධානම හේතුව වුයේ රනිල් සහ හරින් වැනි පුද්ගලයින් එජාපය ඉදිරිපෙළ සිට කටයුතු කිරීමයි. දැන් පවතින පළාත් සභා ක්‍රමයත් වහා අහෝසි කල යුතුයි. උතුරේ ප්‍රතිපල නම් අපේ මව්බිමේ ඒකීයභාවයට සුබධායක නැත. අපට අවශ්‍යවන්නේ සියලුම ජන කොටස් එක්සිත්ව සාමකාමීව සහජීවනයෙන් ජීවත්විය හැකි ඒකීය රාජ්‍යක්. දයාසිරි මැතිතුමාට ආදර්ශමත් ලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය සියලුම හැකියාවන් තිබෙනවා. (ස)
මහා ඇමතිතුමනි, ඔබ තුමාට සුබ පැතුම්! (නි)
බුදු සරණයි දෙවි පිහිටයි
කවදා හරි ඔබට ලංකාවේ ජනාධිපති වෙන්නත් පුළුවන් සුභපතනවා
ප්‍රදීප් කුමාර ට බුද්ධිමතුන් ඉන්නේ ගම්පහ නේද (දී)
බුදු සරණයි දෙවි පිහිටයි ජපානයේ සිට
දයාසිරි පළාත් සභා මන්ත්‍රිතුමනි, ඔබතුමාගේ ජයග්‍රහණය ගැන මම සහ මාගේ පවුලේ ශුභ පැතුම් පිරි නමමු. ඔබතුමා පර්ලිමේන්තුවේදි දැක්වු දක්‍ෂතාවයන් මෙන්ම වයඹ පළාතට දැනෙන ප්‍රයෝජනවත් අර්ථවත් දෙයක් පළාත් සභාවේ සියලු මන්ත්‍රිතුමන්ලාගේ සහයෝගයෙන් ආරම්භ කර නිම කර පෙන්නන්න. (නි)
මේක කොම්පියුටර් ජිල්මාර්ට් එකක් කියන්න කෙනෙක් නැද්ද දන්නේ නැහැ නේද (නි)
නියමයි (නි)
සුභ පැතුම්! (නි)
ඇත්ත වශයෙන්ම වයඹ මිනිස්සු සත්‍යය තේරුම් ගත්ත එකට අපේ ප්‍රණාමය! දයාසිරි මැතිතුමා පරණ මහා ඇමතිවරු වගේ නොවී අලුත් දැක්මකින් ගමන යන්න . ඔබට ජය! වයඹට සිරි,දයාසිරි.... (නි)
හය හතර නොදන්නා අය පෙරට නාවේ දයාසිරි වගේ උතුමෙක් හිටපු නිසයි (නි)
කේන්දර බලන අර ජ්‍යෙතිෂ්‍යයකරුවා ගැන රටම දැනගත්තා. (නි)
මගේ උණුසුම් සුබ පැතුම් !!! (ස)
ලැබෙන්න දෙයක් ඇත්නම් වළක්වන්න කාටවත් බැහැ (නි)
මගේ සුභ පැතුම් !!!!! (ස)
කොටන කුකුලට මොන කොටුවත් එකයි. වැඩ බැරි කෙනාට හැමදාමත් බැහැ. (නි)
අනේ මන්දා ..කවුදෝ කිවුවා දයාසිරි පැන්නේ ගිලෙන නැවකට කියලා..ගිලෙන නැව මෙහෙම නම් නැව හොඳට තිබුනා නම් කොහොමට හිටීද..? (ස)
දයාසිරි හොදට වැඩ කරන්න.ඔයාට හොද අනාගතයක් තියෙනවා (නි)
අපේ දයාසිරිට ජයවේවා! (නි)
දේසපාලන මළගම කළා කියලා පෝස්ටරුත් ගැහුවා නේද සමහරු? අද පේනවා නේද මොකද වුණේ කියලා? (නි)
ප්‍රදීප් මහත්තය ප්‍රතිපත්තිවලට ගරුකරන නිසා තමයි දයා ඉල්ලා අස්වුනේ.(නදී)
මෙහෙම අයට ලංකාවේ තමා ඉහළින්ම සළකන්නේ. (නි)
ඉදිරියටම යමු..... (නි)
සනත්,දුමිත්,ජොහාන් රාහු කාලයට අහුවෙලානේ. (නි)
අපේ රට දිනෙන් දිනම අගාදයකට යන මේ මොහොතහි තවත් බඩගෝස්තරවාදියකු නොවී මේ රටටත් ජනතාවටත් සේවය කරන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
ජනතාවට හුලං වෙයිද? (නි)
කනේ පහර රනිල්ට ...කතිරය" දයාසිරිට" (ස)
ඔබ සෝඩා බෝතලයක් නොවේවා (නි)
දයාසිරි, චන්ද්‍රිකාගේ වාර්තාව කඩලා දැන් ඊළගට මොකද කරන්නේ බලමු (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි (නි)
නියමයි (නි)
කොටන කුකුළට කොහෙත් එකයි කියන්නෙ නිකන්ද අප්පා (නි)
මෙම වාර්තාවෙන් කියන්න පුළුවන් රට ජාතිය මොන තරම් අගාධයකට මහජනයා විසින්ම තල්ලු කරනවද කියා.
අපේ සුභ පැතුම්! (නි)
ලංකාවේ එක්සත් ජාතික පාක්ෂිකයන් නැගිටින්නේ නැත්ත මොකද මේ පක්ෂය කන නායකයාව කනින් අල්ලලා එලියට දාන්න (දී)
රනිල් මහත්තයෝ, ඕක සජිත්ට දුන්නොත් මොකද? (නි)
මගෙනුත් සුභ පැතුම්.විශිෂ්ට මහජන සේවයක් කිරීමට ලැබේන්න ඕන.අපි නම් කලින්ම දන්නවා ඔබ දිනන බව. (ස)
සතුටු වෙනවා කුරුණෑගල මිනිස්සු බත්පතට, බීමට යට නොවුන එක ගැන. (නි)
සන්තෝසයි
ජෝහාන්ට දෙවැනි වුණා නම් දේශපාලනයෙන් සමු ගන්නා එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
මමත් ලංකාවේ හිටියනම් මගේ මනාපයත් ඔබට තමයි දයාසිරි....ඊලග සැරේවත් බලමු.....වයබට හොද සේවයක් කරන්න ඔබට හැකිවේව!!!!!! (දී)
ලංකාවේ මිනිසුන් ඡන්දය දෙන්නේ මිනිසාගේ මුහුණ බලා බවයි මෙම ජයග්‍රහණයෙන් තහවුරු වෙන්නේ, මට නම්. මගේ සුභ පැතුම්!!! (නි)
අනාගතයේ නායකකම ඔබට ලැබේවා! (නි)
කාලෙකට පස්සේ මේ වගේ පොඩි ගමේ මිනිහෙක් දිනනවා දැක්කේ. හරිම සතුටක් (නි)
අහෝ එජාපය ...ජේවීපිය ..! පව් (නි)
ඔහු හොද මනුස්සයෙක් (නි)
අනෙක් අයත් දැන් කේන්දර බලාගත්තොත් හොදයි (නි)
ඔහු නියම දක්ෂයෙක් (නි)
දයාසිරි පක්ෂයෙන් දොට්ට දානකම් රනිල් ට නින්ද ගියේ නැහැ. හේතුව ,අහේතුව වගේම ලොක්කට වඩා පොඩි තැනකින් ඉහලට ආපු දයා කවදාහරි ජනාධිපති පුටුවට යනබව රනිල්ගේ කේන්දර බලපු අය කියන්න ඇති.ඔබට සුබ ගමන් !!!!!!! (දී)
වැඩිම මනාපය ගත්තේ උගත් අයයි (නි)
අපේ උණුසුම් සුබ පැතුම් !!! (නි)
ඔබ.හරිම.දක්ෂයෙක් මුළු රටම. බලා සිටියා මම සුජිත් .සුදිඅරබිය සිට.
කේන්දර බලන අර ජ්‍යෙතිෂ්‍යයකරුවා ගැන රටම දැනගත්තා. අනාවැකි අහගත් සියලුම නායකයන්ට දැන් දෙයියන්ගේම පිහිටයි. (නි)
මේ සියලුම මනාපේ යුඇන්පී කාරයින්ගේ. (දී)
දැන් ඉතින් අරගොල්ලන්ට දත කට පියාගෙන වැඩක් කරගෙන පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ?දයාසිරි දක්ෂයෙක්. (නි)
රනිල් මහත්තයෝ ඊළග ඡන්දයට ඉස්සර වෙලා සජිත් එලවලා ලොක්කට සහයෝගයක් දෙමු (දී)
අනේ ඔය කේන්දරකාරයන්ට දැන් මොනවා වෙයිද? (නි)
යන්නට ඇති මාර්ගය දුරයි ..කටුකයි... මිතුරන් ලෙස සතුරන් ද සිටිය හැක....පරෙස්සමින් යන්න පුතා.. (දී)
ඔබ අනිවාර්යෙන්ම මහා ඇමති වන බව අපි මුල ඉඳලම දැනගෙන හිටියා.දයාසිරිට දිගාසිරි. (ස)
මගේ සුබ පැතුම්! (නි)
තෑන්ක් යූ නංගිලා මල්ලිලා ඔක්කොටම..!! (නි)
දැන් නම් රනිල්ට නින්ද යන එකක් නැහැ (නි)
දයාසිරි , ඔබ පක්ෂය පාවා දුන්නාට ලබන ඡන්දෙදි ජනතාව හොඳ පාඩමක් උගන්නාවි.කවුරු මොනවා කිවුවත් 2014 දී අපි බලයට එනවා. (ස)
මුදල් බලය අබිබවා ජන බලය ජයගැනීම ගැන සතුටු වෙනවා. (නි)
ඔබට මගේ හදපිරි සුබාසිරි. මට ඔබතුමාට ඡන්දය දෙන්න නොහැකි උනා. ලංකාවේ හිටියා නම් මගේ ශක්තියත් ඔබතුමාට (ස)
මහ ඇමතිතුමනි, නුඹට සැමදා ජය... (නි)
අපි අපට පුළුවන් දේ කළා.දැන් ඔබතුමා කළයුතු සේවය කරන්න. (නි)
අපි දැන් දයාසිරි මහත්තයට මොකක්ද කරන්නේ...මම කිවුවේ ඊළඟ ජනාධිපති වරණය රනිල් මහත්තයා දින්නට පස්සේ..? (ස)
අවසාන මොහොතේ ඔහුගේ ජනමාද්‍ය ප්‍රකාශ ඔහුට වාසි වුණා (නි)
ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම් එක් කරමි.දුර ගමනකට මං පෙත් විවර වී ඇත.ඔබට වාසනා ගුණය පිහිටා ඇත.දක්ෂතාවයද නොඅඩුව ඇති නිසා නායකත්වයට අවැසි පරිපූර්ණත්වය ඔබට හොඳටම ඇති.තමුන් ගැන තියන විශ්වාසය දිගටම පවත්වා ගෙන යන්න.කලින් සිටි මහ ඇමතිතුමත් හොඳ මනුස්සයෙක්.ඔහුව අනාථ කලේ එයාගේ නෝනා ඇතුලු වටේ හිටපු කේවටිටයෝ ටිකක්. ඒ කණ්ඩායමෙන් එයාගේ නෝනා හැරෙන්න අනෙක් සියලු දෙනාම ඔබගේ පිටු පස්සෙන්ම නිතරම සිටී.දක්ෂතා තියන හොඳ වැදගත් වටිනා මින්සුන් ඔබ පසුපස වැටී අනුන්ගේ දොස් කථා නොකරති.අවස්ථාව ආවහම අනෙක් අයට පහර නොගසති.පලාත් සභාවේ අතලොස්සක් වන හොඳ පුද්ගලයින් ළං කරගෙන ඔවුන්ගෙන් වැඩක් ගන්න.එතකොට ආදර්ශවත් පළාත් සභාවක් ඔබට නිර්මාණ කල හැකි වේවි. ඔබගේ දිගු ගමනට සුභ පතමි! (ස)
දයාසිරිට සුභ පතමි. කිසිම දේශපාලනඥයකු විසින් සිය පක්ෂය හැර යාම මා අනුමත නොකළත්, දයාසිරි විසින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම ගරු කරමි. (නි)
සුභ පැතුම්! (නි)
ගොඩක් සතුටුයි. සුභ පැතුම්! (නි)
ලංකාවේ මිනිසුන් කවදාවත් වැරදියට ඡන්දය පාවිච්චි කළේ නැහැ. හැමෝටම චාන්ස් දීල තියෙනවා. (නි)
වයඹ මහ ඇමතිතුමාට බස්නාහිරින් සුභ පැතුම් (නි)
දයාසිරි කවදා හරි ලංකාවේ අගමැති වෙනවා... සුබ පැතුම්.....! (නි)
ඉතාලියේ අපේ සුබ පැතුම්. (ස)
දයාසිරි සහ චන්ද්‍රිකා කියන්නේ අහසට පොළව වගේ. චන්ද්‍රිකා බලයට අවේ පවුල් බලයෙන්, දයාසිරි බලයට අවේ තමන්ගේ දක්ෂතාවයෙන්, රනිල් කපන්න කපන්න දියමන්තියක් වගේ දයාසිරි බැබලුනා. (ස)
අපේ උණුසුම් සුබ පැතුම් ඔබට!මෙහි අදහස් පළකර තිබෙන තරමටම පේනවා ඔබට කොහේ සිටියත් ජනතාව ඔබව තේරුම් අරගෙන සිටින බව.ඔබේ ජයග්‍රහණය ගැන උදම් නොවී උගත් වැදගත් දේශපාලඥයෙක් ලෙස කටයුතු කරන්න.හැමවිටම අලුත් දේශපාලන සංකෘතියක් ගොඩනගන්න කටයුතු කරන්න.හැම විටම පොදු ජනතාවට ඔබගෙන් ඉටු වීයයුතු සේවය කරන්න. ඔබට දුර ගමනක් යන්න වරම් ලැබේවායි පතනවා. (නි)
මයුරපාද අපේ සුභ පැතුම්..! (නි)
බලනකොට රිලවා ළකුණත් නරකම නැහැ (නි)
මට නම් හිතෙන්නේ අරයගේ වළ එයාම ,එයාගේ අත්දෙකින්ම කපාගත්තා කියලයි (නි)
දැන්වත් එජාපය දැනගන්න ඕනෑ දක්ෂයන්ට තරුණයන්ට නියම තැන දෙන්න.අර කොමිටිය මේ කොමිටිය ,විනය පරීක්ෂණ ,මොනවද මේ? මිනිස්සු ඉල්ලන්නේ ප්‍රතිසංවිදානේ නොවෙයි මහත්තයෝ, හොඳ දක්ෂ නායකයෙක් (නි)
අපරාදෙ රනිල් මහත්තයෝ දයාසිරි කොළුවා තියා ගත්තනම් මොකද? දැන්වත් හාමිනේ බනින්නෙ නැතිද ගෙදරට වෙලා ඉන්න ඡන්ද කොලා මදැයි කියලා. (ස)
මේක නම් කොම්පියුටර් ජිල්මාර්ට් එකක්. (ස)
දයාසිරිට මගේ උණුසුම් සුබ පැතුම් (ස)
හිත හොද අයට කොතනත් තැන තෙයෙනවා ,මනුස්සයන්ට බොන්න දුන්නට පගාවට චන්දෙ දුන්නකාලේ දැන්නැනෑ (අ)
රනිල් ගෙදර ගියොත් හොඳයි නේද සජිත්ට දීලා (ස)
වයඹට ජය! මෙල්බෝර්න් ලාංකිකයන්ගේ සුබ පැතුම්!ඔහොම යමු (නි)
ප්‍රතිපත්තියක් නැති අයටත් ජන්දේ දෙන මිනිස්සු ලංකාවේත් ඉන්න බවට හොද සාක්ෂියක්.හා නැද්ද? (නි)
නව මහඇමතිට මාතරින් උණුසුම් සුබ පැතුම්! (නි)
ලබාගත් මනාපය රැකගෙන දයාසිරිට දුර ගමනක් යන්න අපගෙන් සුබාසිරි..!! (නි)
අර මහතාට මොකුත් කියන්න දෙයක් තව තියනවද දන්නේ නෑ .. (ස)
දැන් ජනතාවගේ කොටස අවසානයි, ඉදිරිය ඔබට බාරයි (නි)
එයා ගැන අපි හොදට දන්නවා (නි)
ඡන්දෙ දීලා පස්සේ ඔන්න බැනලා එහෙම මෙතන දන්නා එපා පුතෝ... (ස)
කුරුණෑගල ජනතාව යනු බඩජාරින් නොව බුද්ධිමතුන් බව ඔප්පු කළා (නි)
මෙයින් තවදුරටත් පෙනී යන්නේ අප ඡන්දදායකයන්ගේ නොමේරු ඡන්දය දීමේ ප්‍රතිපත්තියයි. (නි)
මම මේ අනාවැකිය කිවුවා මීට මාස 6 කට පෙර. ඒ වගේම මේකත් කියනවා, මොහුට මීටත් ඉහළට යන්නත් පුළුවන්. මගේ සුභ පැතුම් ලන්ඩන් සිට (නි)
මහ ඇමති තුමනි ජයවේවා!(නදී)
බලය ඇති කාටත් හොද පාඩමක්. දයාසිරි, මෙම බලයෙන් මත් නොවී හොදට කැප වෙලා වැඩක් කරන්න. ඔබ ගත තීන්දුව ජනතාව අනුමත කළා (නි)
ආකල්ප වෙනසක් හැම කෙනාම කරන්න කාලය ඇවිත් , අරක්කු වලට , බත් පැකට් එකට චන්දෙ දීපු කලේ ඉවර කරන්න ඕනේ මේක බලන හැම දෙනාම දැනගන්න , මන්ත්‍රී තුමා ඔබට සුබ අනාගතයක් ............ (දී)
චන්ද්‍රිකා වගේ ජනපතිකම දක්වා මේ ගමන නුඹ යනවා සිකුරුයි (නි)
මගේ සුබ පැතුම් ඔබ තුමාට.(නදී)
සුභ පැතුම්! (නි)
මේකට තමා කියන්නේ, යමක් ලැබෙන්න තියෙනවා නම් සුදුස්සාටම ලැබෙනවා කියලා. විපක්ෂය කවදද ඡන්දයක් දිනන්නේ? (නි)
කෝ අර ජෝතිෂවේදියා? (නි)
වයඹ සිංහයාට මගේ උණුසුම් සුබපැතුම්! (නි)
දයාසිරි නියම නායකයෙක් බව රටටම පෙන්නුම් කළා (නි)
කමෝන් දයාසිරි! (නි)
කුරුණෑගල සිංහයාට ජයවේවා! (නි)
නොමඟ නොයන් පුතේ. නුඹට රටක් ඇතේ. (ස)
වයඹ ජනතාව බුද්ධිමතුන්ද නැද්ද අපි දන්නෙ නැහැ. එත් බත් ද පුන්නක්කුද කන්නේ කියන එක තමයි ප්‍රශ්නේ (නි)
දයාසිරිට සුභපැතුම්
ජය වේවා. අපි නැපෝලි වලින්..... (ස)
සුභ ගමන් දයා! (නි)
අද දයාසිරි පරද වුනානම් මේ කට්ටිය මෙහෙම කියිද...??? (දී)
ගරු වයඹ පළාත් නව මහා ඇමතිතුමනි, ඔබතුමා ගත් තීරණය ඉතාමත්ම නිවරදිය්. කවදාවත් දිනන්නේ නැති, කිසිම දියුණුවක් නැති, හොඳ නායකත්වයක් නොමැති පක්ෂයක සිටිනවාට වඩා ඔබේ හැකියාව දක්ෂතාවය හා ඔබේ තරුණ කාලය තුල දේශපාලනය තුලින් ජනතාවට සේවය කිරීම සඳහා ඔබට ලැබුන අනගි අවස්ථාවක්. (නි)
දයාසිරි මහත්තයා කරන්නේ රස්සාවක්. ඔහු බංකොලොත් වෙන සමාගමකින් අස්වෙලා, තම හැකියාවන් පෙන්නුව හැකි හා තමාගේ වටිනා කම හදුනන සමාගමකට, තමාගේ කස්ටෙර්මස් ලත් අරගෙන ගියා.ඕක ගැන විවේචනය කරන්න මට බැ. මම උනත් කරන්නේ ඕකම තමයි.(අ)
මයුරපාද අපේ සුභ පැතුම් (නි)
උගතෙකුට බුද්ධිමතෙකුට පිදෙන උපහාර තිළිණයකි . බ්‍රහ්ම මුර්තියෙන් වැඩ ආරම්භ කරන්න. සුබ පැතුම් !!! (ස)
අපගේ උණුසුම් සුබ පැතුම්, ගල්ගමුව ආසනය (ස)
පක්ෂය මොකක් උනත් කමක් නැහැ හිත හොද මනුස්සයෙක් ජයවේවා(අ)
ඉතා හොදයි (නි)
අනාගතේ කුරුණෑගලින් ජනාධිපතිවරයෙක්............(අ)..
දයාසිරි ලංකාවේ ඉන්න දක්ෂතමයා බව ඔප්පු කළා. ඔහු එ.ජා.ප යේ ඉන්නවිට මතු දිනක රටේ නායකයා වීමට තරම් සුදුස්සකු බව රටම පිළිගෙන තිබුනා. මෙම දිනුම තුලින් ඔහු සම්බන්ධ කියමන තව දුරටත් තහවුරු වී ඇත. රජය ඔහු තවත් ඉහළට ඔසවා ඇත. දැන් රටම ඔහු මීළඟට පනින පිම්ම දෙස බලා සිටිනවාට කිසිදු සැකයක් නැත . (නි)
දයාසිරි, ඔබට සුබාසිරි සමග දිගාසිරි! (නි)
දයාසිරි කවදාහෝ රටේ නායකයා වෙනවා නියතයි (අ)
පැහැසරට උතුර දකුණ මාරු වෙලාවත්ද? (නි)
අවංකව පොළොවේ පය තියලා ඉන්න දයාසිරි මහා ඇමතිතුමාට ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ඕක නේ අපි කිව්වේ අවොත් ගොඩ කියල..හිටිය නම් නිකන්නම් නිකන් දයාසිරි...(අ)
කවදා හෝ දවසක වැලිවේරියේ මිනිසුන්ට වගේ හොදට පරිප්පු නැතුවම කන්න ලැබේවී.එතෙක් අපි ඉවසන්නම්. (නි)
දයාසිරි මහත්තයෝ, දිනුවට කමක් නැහැ.රට ගැන හොදට හිතන්න. (නි)
වයඹ සිංහල ජනතාව ඔබතුමාට ලබා දී තිබෙන ජනවරමෙන් ඔබතුමා අනිවාර්යෙන්ම සිංහල ජාතිය එකට තියලා වැඩ කිරීමට බැදී සිටින්නම ඕනෑ (නි)
දේසපාලන මඩගොහොරුවේ නෙලුම් මලක් සේ විකසිත වේවා (දී)
දයාට බැනපු කට්ටිය මොකද දැන් කියන්නේ..කාටද වැරදුනේ කියල කලපනා කරන්න වෙනවා.. (දී)
"තෙරුවන් සරණින් දිගු ගමනකට පැතුම් " (නි)
පෙරේරා, කුරුණෑගල ජනතාව යනු බඩජාරින් නොව මෝඩයෝ බව ඔප්පු කළා. (නි)
දයාසිරි මහත්තයෝ දින්නට කමක් නැහැ.රටගැන හොදට හිතන්න.යු.එන.පියෙ ඉන්නකොට ආණ්ඩුවේ වැරදි හොයල හදාගත්තු ෆයිල් ටික පෙරලා,පෙරලා ඒ වැරදි නිවැරදි කරගන්න.ජනතාවගේ හදගැස්ම ඉදිරියටත් තේරුම් ගන්න.රටේ අත්‍යවශ්‍ය කාරණාවලදී,නිර්භයව නැගී සිටින්න රජයේ අනිකුත් ඇමතිලා සේ ජනතාවගේ බදු මුදල් නාස්තිය නොකරන්න. ජනතාව රජයේ දැනට ඉන්න අමතිලට වඩා වෙනසක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අගමැති තනතුරත් ජනපති තනතුරත් දැරියහැකි අවංක නායකයෙක් වෙන්න!පුළුවන් වුනොත් ඔබේ මනාප ටික රැකගෙන ඉදිරියේදී නැවත ඒ.ජ.ප.යට එන්න ඔය ඔතන ඉන්න හවුල් කට්ටිය ඔබට ඉදිරියට යන්න දෙන්නෙම නැහැ සත්තයි!කාබාසීනිය මණ්ඩලයක් තමයි රජයේ ඉන්නේ!අනවශ්‍ය වියදම් දරාගෙන බැනර්,කටවුට් පෙරහැර ප්‍රදර්ශනයෙන් වලකින්න දුප්පතාගේ හිතවතෙක් වන්න.ඔබට ජයෙන් ජයම පතමි! දයාසිරිට දිගාසිරි! (දී)
තවමත් බත් කන හරක් රටේ ඉන්න බව ඔප්පු කා (අ)
රනිල් නායක තුමනි, පක්ෂයේ නායකත්වය සජිත් ඇතුළු තරුණ කොටසට බර දෙන්ඩ, ඔබ පක්ෂයෙන් අයින් විය යුතු නෑ, ඒත් නියම ප්‍රජාතන්ත්‍ර වාදියෙක් හැටියට නායකත්වයෙන් ඉල්ලා අස්වී අපේ පක්ෂය බේරා දෙන්ඩ. නැත්නම් දකුණෙන් ඔබ 3 වැනි තැනට එනව. (අ)
දක්ෂයෙකුට රට වෙනුවෙන් සේවයක් කරන්න අවස්ථාව ලැබුනා.හිටියේ මොකේද ඉන්නේ මොකේද අදාල වෙන්නේ නැහැ.දැන් ඔබ වයඹ මහා ඇමති. රට වෙනුවෙන් සේවයක් කරන්න (නි)
දයාසිරිට සුබ පැතුම්,කැප වී ජනතාවට සේවයක් කරන්න (අ)
දක්ෂයෙකුට රට වෙනුවෙන් සේවයක් කරන්න අවස්ථාව ලැබුනා (නි)
දයාසිරිට කටාර් සිටින අපේ උණුසුම් සුබපැතුම් ... ජයවේවා ....(අ)
දයාසිරි ලබන අවුරුද්දේ අවුරුද්දට කිරිබත් කන්නේ එජාප ආණ්ඩුවක් යටතේ බව මතක තියා ගන්න (නි)
දයාසිරි මහත්තයා කරන්නේ රස්සාවක්. ඔහු බංකොලොත් වෙන සමාගමකින් අස්වෙලා, තම හැකියාවන් පෙන්නුව හැකි හා තමාගේ වටිනා කම හදුනන සමාගමකට, තමාගේ කස්ටෙර්මස් ලත් අරගෙන ගියා (දී)
ඔබගේ ජයග්‍රහණයට මගේ සුභ පැතුම්! (නි)
පව් ජොනී සහ පුතා..... (නි)
අනික මේ ගණන දෙගුණ විය යුතයි . මොකද දන්නවද, චන්ද්‍රිකා නෝනා ගේ වාසගම ඉතාම ප්‍රබල එක්කක්. දයාසිරි මහත්තයට එහෙම නමක් නෑ නොව. (ස)
මොන වාර්තා තිබ්බත් ජනතාවට ඇති වැඩක්යැ.(අ)
සුබ පැතුම් (අ)
මන්ත්‍රී දුරයෙන් අස්වෙලා මුහුණ දුන්න අබියෝගයෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීම පිළිබඳව මගේ උණුසුම් සුබපැතුම්. (අ)
සුභ අනාගතයක්! (නි)
දයාසිරි මතිදුනි ඔබට දිගාසිරි රනිල් මතිදුනි ඔබගේ කාලය ඉවරයි අරලිය ගහ මන්දිරයේ ඉන්න විට පැරදුනු වෙලාවේ හිමිටම ගියා වගේ දැන් යන්න ඉක්මනට යන්න තවත් හොදා පාලුවට ලක් වෙන්න ඉස්සර වෙලා අයින් වෙලා යන්න යන කොට අර සෙට් එකත් අර ගෙනම යන්න හොඳේ . නැත්නම් ඔබතුමාට සැනසීමක් නැතුව යයි (දී)
රනිල්ට එජාපයට එපා වුනාට, දයසිරිව මහජනයාට ඕනේ කියලා පෙන්නලා මේකෙන් . අහෝ විපතකි එජාපයට (ස)
කොහොමත් මේ සිංහලයන්ගේ අවසන් කාල හෝරාවයි.
දයාසිරි අපේ මහා ඇමති වෙලා එන එක වයඹ ජනතාවගේ වාසනාව (නි)
සිරි කොත දැන් අලි අනාතාගාරයක් පමණි (දී)
එහෙනම් දයාසිරි චන්ද්‍රිකාගේ වාර්තාවත් කැඩුවා.
නිකම් කට තිබිණු පලියට රනිල් මහත්තයට අස්වෙන්න කියන්න එපා.තරුණ නායකත්වයට ඉඩක් දෙන්න ඕන නැ.ඒ තරුණයන ඉඩ ලබා ගන්නේ කොහොමද කියලා දැනගත යුතුයි
තවම ලංකාවේ ඉන්නේ 50% වැඩියේ අනුවන මිනිස්සු තමයි කියල මේ වාර්තාවෙන් පෙන්නේ.
අදහස් දැක්වීමට ස්තුතියි! (නි)
දන්සල් වන්දනා කළ පිරිස කළගුණ දන්නැති පිරිසක්. (දී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දයා මල්ලියේ ඔයාට සුභ පැතුම් ! හිත හොද කොල්ලා.
අත්තනගලු ජනතාවේ සුභපැතුම් (දී)
රනිල් අයියේ , දැන් ඉතින් ගොවිතැනක් බතක් කරගෙන ගෙදෙට්ට වෙලා ඉන්න අපේ නම් කැත නොකර .(දී)
දයාසිරි නැවත එජාප නායකත්වය ලබාගෙන එජාපය හදන්න කැමතිද (දී)
නොමඟ නොයන් පුතේ නුඹට රටක් ඇතේ. හොඳ තීරණයක් ගත් දයාට සහ බුද්ධිමත් ජනතාවට ජයවේවා (ස)
ජපානයේ ඉන්න කුරුණෑගල කට්ටිය කියන්නේ හොරු සහ බොරු කාරයෝ ,තමන්ගේ වැඩේ කරගන්න කාව හරි විකුණගෙන කන කට්ටිය , දයාසිරිට සුබ පතනවා. (ස)
නාරම්මල මයුරපාදයෙන් අපේ සුබ පැතුම්! (නි)
සුභපැතුම් අගමැති වෙන්න සුභපතනවා (දී)
වයඹ සැමවිට දයාසිරිගේ බලකොටුව වේවිද (නි)
නොසැලී ඉදිරියටම. දිගු ගමනකට ඔබට සුබාසිරි. (ස)
ඔබ ලබා ගත් ජයට මගේ සුබ පැතුම්! (නි)
රටට වැඩක් කරන්න. අපට ඔබ විශ්වාසයි (නි)
බාධක ජයගෙන ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
ගම්පහ අපිත් සුබ පතනවා (අ)
දය ලොකු අභායෝගයක් ජයගත්තා අම්පාරේ කොල්ලොන්ගේ ප්‍රණාමය. (අ)
ආපහු සල්ලි නැතේ..විස්කි නැතේ..එහෙම කියනවා නෙමෙයි ඔන්න. (නි)
දයාසිරි සිටිය යුතු තැනට ඇවිල්ල ඡන්දය ඉල්ලපු නිසා ඔහුට විශාල මහජන ප්‍රතිචාරයක් හම්බවුනා.
කොහොම වුනත් හොද අනාගතයක් තිබෙනවා. ඇවිල්ලා ඉන්නේ මහ ගෙදරට.ජයවේවා. (නි)
හසරැල් මුවඟ සැමදිනකම මතු වේවා, පදවෙල් මිහිරි තනුවක පන්බදී යේවා කළුගල් වගේ හිත් මෙත් නදියක නාවා ඇතුගල් පුරය රසවත් ගීයක් වේවා...
අපේ විශ්වාසය සැමදා රැකගෙන සිටීමට ශක්තිය ලැබේවා! (නි)
ප්‍රදීප් මහත්ය.. ඔබතුම ඕක අහනේ විපක්ෂෙට ඡන්දය දීපු අයගෙන් ද?(අ)
දයාසිරි මිනිසුන් අතර ජනප්‍රිය උනේ විපක්ෂේයේ ඉද්දි ඇත්ත කියල. නමුත් අද සිට කියන්න වෙන්නේ බොරු මේ ආණ්ඩුව රැකගන්න හින්ද (දී)
සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතුවිලි තේරුම්ගන්න බැරි නම් හැමදාම ඉතින් විපක්ෂයේම තමයි (නි)
ජය වේවා මහා ඇමති තුමනි ඔන්න සුභ පැතුම් ඔබ මිනිසුන්ගේ හද ගැස්ම පසුව හරි හඳුනාගතාට මිනිසුන් ඔබේ හද ගැස්ම හදුනා ගගත්තා ඔබට ජයවෙවා (අ)
සුදුස්සාට සුදුසු තැන ලබාදුන් වයඹ ජනතාව විශිෂ්ටයි (නි)
සුභපැතුම් දයාසිරි
ඔබට සුභ ගමන් දයා (දී)
අයියෝ අරයගෙ සල්ලි! (නි)
ඔන්න, ජනතාව ප්‍රොවින්සියල් ස්ටාර් කරලා තියනවා.දැන් ඉතින් මහත්තයෝ කිරුළු දරාගෙන නිකන් ඉන්නේ නැතිව වැඩ කරන්න.රටේම ස්ටාර් වෙන්නත් බැරිකමක් නැ.එහෙම වේවා කියලා සුබ පතනවා.ඔබට ජය ශ්‍රී. (ස)
ඒ ජා පේ විසුරුවන්න හොඳ කාලේ ඇවිල්ලා. (නි)
සුභා පැතුම් (දී)
අපේ සුභ පැතුම්! (නි)
ඉෂ්ට්‍රයල් සියල්ලගෙ සුබපැතුම් (දී)
ඉදලා වැඩක් නැහැ ඉදලා වැඩක් නැහැ ඔස්ට්‍රලියාවට යන්න ගිහිල්ලා අහුවෙන මිනිස්සුන්ව ජේ වී පි එකෙන් චන්දෙ ඉල්ලන්න දාමු (දී)
රනිල් දැන්වත් කරන්න පුළුවන් කෙනෙකුට දීල ගෙදර යන්න (දී)
දැනටමත් දයාසිරිට ලැබිලා තියෙන ප්‍රතිචාර අනුව පේනවා මිනිසුන් ඔහුට මොනතරම් ආදරය කරනවද කියලා. (නි)
ඕවා ඔහම තමයි (දී)
රනිල් මහත්තයෝ, රට ගැන හිතලා දැන් කළහැකි ලොකුම දේ තමයි නායකත්වය තරුණයින්ට දෙන එක (නි)
සුභ අනාගතයක් පෙර මං තැනි ඇත (දී)
වයඹ ජනතාව බුද්ධිමත් කියන එක මේකෙන් පේනවා.දයාසිරි කියන්නේ ඉගෙන ගෙන ලෝයර් කෙනෙක් වුන කෙනෙක්.ඊට පස්සේ දේශපාලනේ කලේ.බුද්ධිමත් කමට වෙන උදාහරණ ඕනේ නැහැනේ. රටේ ජනතාවට වඩා වයඹ ජනතාව බුද්ධිමත් බව නම් පේනවා.ජෝහන්ට තව කල් තියෙනවා.මේක එයාගේ අනාගතේට හොද අත්දැකීමක්.වයඹ තරුණ නායකත්වය ජොහාන්. (ස)
ජය වේවා !! (නි)
ඔහුට විරුද්ධ චෝදනා නොවීම සතුටක්. (නි)
(ඉදිරි මග යන්න , මේ ටික සිතට ගන්න) මහ ගස් වැල් බිමටම ඇද වැටෙන විට, වතු සුදු මල් තිබේ නොසැලී මදනලට, මානෙල් මල් ඇතත් විල් මැද ලස්සනට, මහ දත් උල් තිබෙනේ කිම්බුලොත් ඇත එමට. (ස)
මිලානෝ පිටිගල, ඔබ කන්නේ තණකොලද පුන්නක්කුද ? (නි)
හද පත්ලෙන් මම සන්තෝස වෙමි. මක් නිසාද යත් ඔබතුමා ඒ ජ පෙ ඉන්නකම් ඔබතුමාට පක්ෂෙ ඉන්න ලොක්කෝ ටික කෙනහිලිකම් කර, පල නොකිය පල කිවුවා. යන කොට සමච්චලයට ලක් කල ඔබගේ නිහතමානී ගමනේදී ජනතා ඔබ සමඟ ඉන්න බව අද ඒ ඔක්කොන්ටම ඔප්පු කල පඞුවස්නුවර ආසනයේ ඡන්ද ප්‍රතිපලය එය මානව පැහැදිලි කලා. රනිල් මහතානෙනි ඔබතුමා ඒ ජ පෙ ට ආදරයක් තියෙනවා නම් දැන්වත් එය තේරුම් අරගෙන තරුණ නායකයට පක්ෂයේ උතුම් තැන දෙන්න. ඔබතුමාගේ සේවයත් පක්ෂයට අවශ්‍යයි. (ස)
නියම කොන්ද තියෙන මිනිහෙක් දයාසිරි ඔබෙට ජය
පළමුව ඔබගේ ජයග්‍රහණයට මගේ සුබ පැතුම්. දැන් ඔබේ වාරයයි. මුළු රටටම පෙන්වන්න.රට වෙනුවෙන් පළාත වෙනුවෙන් දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් යමක් කරලා පෙන්වන්න. එවිට ඔබට තෙරුවන් සරණයි. (නි)