පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහනව දෙනෙකුට, පළාත් සභා මන්ත්‍රීවරු පස් දෙනෙකුට, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකුට හානාගරික මන්ත්‍රීවරු තිදෙනෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව පෙරලන්න වලිකන රහස මෙයයි.(අ)
ඔව් ඉතිං, රටේ මහාපරිමාණ හොරකම්ක් වෙලානම් මේ කියන කට්ටිය තමයි එෆ්සිඅයිඩී යන්න ඕනේ. මධ්‍යම හා සුළු පරිමාණ හොරකම්ක් වෙලානම් මේ කියන කට්ටියගෙ වටේ හිටිය නිලධාරි නඩය තමයි එෆ්සිඅයිඩී යන්න ඕනේ. එය එසේ විය යුතුයි.(අ)
මේ අය යන්නෙ නැත්ව එදාවේල හම්බ කරන් කන අපිද යන්න ඕනේ? කුම්බලාවෝ මාළු කෑවානම් විඳවාපන් බලලෝ තමයි අපිට කියන්න තියෙන්නේ. ඕවට ගෙන්නලා විතරක් නම් මදි. ඉක්මන් ක්‍රියාමාර්ග අරගෙන හොරකම් කරපුවා නැවත ගත්තෙ නැත්න්ම වැඩක් නැහැ.(අ)
දියවන්නාවේ ඉන්න අයගෙන් සා/පෙළ අසමත් ගණන සහ උ/පෙළ අසමත් ගණන කීයද කියලත් කියන්නකෝ. එතකොට මෙම අධ්‍යාපන සුදුසුකම් සහ එෆ්සිඅයිඩී යාමයි අතර තිබෙන රේඛිය සම්බන්ධතාවයත් අපිට සොයාගන්න පුළුවන්. (නි)
දියවන්නාවේ අය සහ ඒ වටේ සිටි නිලධාරීන් අද එෆ්සිඅයිඩී යාම නෙමෙයි තිබෙන ප්‍රශ්නය. එදා එෆ්සිඅයිඩී නොයාමයි. ජාතික ධනය හොරකම් කළ. නාස්තිකළ සහ ඒවාට උඩගෙඩි දෙන අය තමයි මේවාට යායුත්තේ.
රටේ අහිංසක මිනිස්සුන්ගෙ හා විදේශගත දහදුක් විඳින ශ්‍රමිකයන්ගෙ සල්ලි හොරකම් කළ නාස්ති කළ වටේ ඇමතිලාට පන්දම් අල්ලමින් කරපු හොරවැඩ වලට උදව් දීපු හිටපු මහා ලොකු නිලධාරින්වත් කැඳවා ප්‍රශ්න කරන්න. තව තව දෙවල් සොයොගත හැකියි. (බ)
ශාඛාවක් දියවන්නාවේ විවෘත කළා නම් ලේසිනේ. වඩාත්ම හොඳයි ප්‍රධාන කාර්යලයම ඔය හරියේ පිහිටෙව්වා නම් ඉස්සරහ ගැනත් හිතල.(කෞ)