ජනාධිපති ආරක්ෂා කිරීම පසෙක තබා දේශපාලනයේ සිටින හොරුන් සහ අපරාධකාරීන් ආරක්ෂා කිරීමට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාට ලැජ්ජා නැද්දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේදී ප්‍රශ්න කළේය.
පරාජිත රජය ජනාධිපතිවරණයේ දී උත්සාහ කළේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත් කර ඔහුද, ඔහුගේ පවුලේ අයද අප සියලු දෙනාමත් අඩි අටක් පොළව යටට යැවීමට යැයි චෝදනා කළ අග්‍රමාත්‍යවරයා මේ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කරවීමට එදා එසේ ක්‍රියා කළේ ඒ අය සමග දියවන්නාවේ හොරුන් ආරක්ෂා කර ගැනීමට යැයිද කීවේය.
එම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැබෑ ලෙසම ආරක්ෂා කළේ සහ ඉදිරියට ආරක්ෂා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව රටේ ජනතාව දන්නවා යැයි ද පාර්ලිමේන්තුව නිසි කාලයට වඩා දවසක් හෝ පවත්වා ගැනීමට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම කරන උත්සාහයෙන් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ සිටින හොරුන් තවදුරටත් ආරක්ෂා වීම යැයිද චෝදනා කළේය.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ නුවරඑළිය නගර සභා ශාලාවේදී නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් හමුවූ අවස්ථාවේදීය.
මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුව සුද්ධ කර දෑත් පිරිසිදු, අවංක සහ රටට වැඩදායී කණ්ඩායමක් ඊට පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දෙනවාට විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම විරුද්ධ වන්නේ මන්දැයි ප්‍රශ්න කළ අගමැති ජනාධිපතිවරණයේදී සිරිපාල ද සිල්වා මහතා පොදු අපේක්ෂකයාට සහාය පළ කිරීමට ඉදිරිපත් නොවුනේ ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධ ෆයිල් ද මහින්ද රාජපක්ෂ සතුව තිබූ නිසා දැයි ප්‍රශ්න කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකම වේදිකාවට ගෙන එන්නට නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම උත්සාහ කිරීම තමාට කිසිම ප්‍රශ්නයක් නොවන්නේ යැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, නමුත් මේ අය යහපාලනය ගොඩනැගීම ඇතුළු ආණ්ඩුවේ වැඩ කටයුතුවලට බාධා කරමින් හොරුන්ට ඔක්සිජන් දෙනවාට තමා විරුද්ධ යැයි ද අවධාරණය කළේය.
එම නිසා රටත් ජනතාවත් වෙනුවෙන් යහපාලනයක් ගොඩනගා ජනතාවගේ අනාගතය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව යන ගමනට බාධා නොකර ඊට සහාය දෙන්නැයි ද විපක්ෂ නායක ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 50 තුළදී කළදෙයක් කියන්න බලන්න (නි)
කියන්න දෙයක් නැතුව සමහරු පරණ බටලන්දක් ගැන කතා කරනවා. හොර බොරු නැති රනිල්, ඔබට ජය! (නි)
ඉතින් අපි ඒකට මොකද කරන්නේ. ඉදිරියට තව ඡන්දෙයක් එනවා නේ. අපි රෑ වැටුණු වලේ දවාලේ වැටෙන්නේ නැහැ. (නදී)
අනිත් පැත්තේ හොරු ඉන්නවා නම් ඉතින් අල්ලලා දඬුවම් දෙන්නකෝ (නි)
කියන්න බලන්න රටට කළ එක හොඳ වැඩක් (නි)
ජනාධිපතිතුමා මෙහිදී අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඔහුව ජනාධිපති කලේ යු.එන්.පී කාරයෝ මිසක් මේ කියන නිමල් සිරිපාල හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි කියන එක.(නදී)
අර අහවල් අමාත්‍යංශය පැත්තට පොඩ්ඩක් ඔලුව හරවන්නකෝ, හොරු ඉන්නවද බලන්න. (නි)
රාජිත පවුලට නැවු අටක් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති මන්ත්‍රී චෝදනා කළා. ඇයි ඉතින් ඒ ගැන හොයන්නේ නැත්තේ. ඔය පැත්තට ආවොත් ඔක්කොම හොරු හොද අය වෙනවද?(දිල්)
හොරකම් කළේ නම් නැහැ තමයි. ඒත බටලන්ද ? (නදී)
අපේ රටේ මිනිසුන්ගේ ඔළු ගෙඩි හොදටම අවුල් කරලා අබ්බගාතයෝ කරලා හැමදාම මේ රටේ රජ වෙන්න බලන් ඉදපු අයත් හිටියා දැන් ඒවට ඉඩක් නෑ (දිල්)
මහාජනයට සත්‍ය තොරතුරු හංගන්නේ මොකද? (ර)
මහින්ද අවොත් රනිල්ට තැනැක් නැතිවෙනවා (දිල්)
ජනාධිපති ආරක්ෂා කිරීමට සිරිපාල මොකටද ? රටේ අගමැතිට කොන්දක් නැද්ද ? මේවගේ කතාවක් කියන්න. (බ)
බටලන්දේ අවතාර පසු පස එනවා. (බ)
ඔබේ පක්ෂයේ හොරු, වංචාකාරයො ඇත්තෙම නැද්ද? ඔබේ පක්ෂය පළමුව පිරිසිදු කරන්න. නායකයො විතරක් පිරිසිදු වුණාට වැඩක් නැහැ වටේ ඉන්න අය හොරු නම්. (නි)