කංසා කොළයේ පවත්නා ටී.එච්.සී හෙවත් ටෙට්‍රා හයිඩ්‍රෝකැනබිනෝල් නම් රුජා නසන රසායනය වැඩිදියුණු කිරීමෙන් දියවැඩියාව වළක්වා ගැනීමට හැකි වෙතියි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝසප් ඇල්පට් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කැරුණු පර්යේෂණයක් කියයි.
තවත් බොහෝ මූලික හා සායන පර්යේෂණ කළ යුතු බවත්, දීර්ඝ කාලීන වශයෙන්, පිළිකා දියවැඩියා හා මහල්ලන්ගේ අබල දුබලතා නැති කිරීමට මෙම රසායනය යොදා ගත හැකි බව පෙනෙන බවත්, පර්යේෂණ කණ්ඩායම ‘ඇමෙරිකන් ජර්නල් ඔෆ් මෙඩිසින්‘ නම් වෛද්‍ය බසඟරාවට සිය පර්යේෂණ ප්‍රතිඵල අළලා ලියූ ලිපියෙන් මහාචාර්යවරයා සදහන් කරයි.
කංසා ශරීර ගත වූවන්ගේ ඉන්සියුලීන් ප්‍රමාණය ශරීර ගත නොවූවන්ගේ ඉන්සියුලීන්වලට වඩා සියයට 16කින් අඩු වූ බව මහාචාර්ය ඇල්පට් කියයි.
ලොකු ඉඟක් ඇති අයට දියවැඩියා අනතුරක් ඇති බව ද මේ පර්යේෂණයේදී සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඕනෑතරම් තියෙන කරවිල කනවා නම් ඒකත් දියවැඩියා පාලනයක්. ගොවීන්ටත් අදායමක්. (නි)
ඔන්න බොලේ, ලංකාවටත් කප්රුකක්... පොහොර, කෘමිනාශක නොදමා, අඩි 8 ක් උසට වැවෙන මෙම ඖෂධ ගසේ වටිනාකම්,නොදන්නා අය ගිනි තියනවා. රජයට ජාතික ආදායමක් ලැබෙන මෙම පැළෑටිය රජයෙන් හෝ වගා කරලා විදේශ විනිමයක් ලබා ගන්න වග බලා ගත යුතු වේ. ඇමරිකාවට පින් අපෙන් මිලදී ගත්තොත් (නි)
එක එක කාලෙට එක එක දේවල්. අරකට හොදයි, මේකට හොදයි කියලා කියනවා. අවසානෙදි ඉස්පිරිතාලෙට ගිහින් තමයි නවතින්නේ. (නි)
සුභ පුවතක්. අතුරු ප්‍රතිඵල නැද්ද? (නි)
ඉන්සියුලින් යනු දියවැඩියාව රෝගියෙකුට අවශ්‍ය දෙයක්නේ. මේ කියමන පරස්පර විරෝධි නැද්ද ඉතින්? කියන්ට ඕනෑ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වුනා කියලා නේද? (නි)
දැන් අපේ ලංකාවේ අය දිගිට හරහට ගංජා ගහන්න පටන් ගනීවි. පොලිසියෙන් ඇල්ලුවොත් කියාවි දියවැඩියාවට හොද නිසා ගත්තා කියලා (නි)
එන්න අපේ පළාත් සබාවට.අහන්න අපේ මන්ත්‍රිතුමාගෙන්. ගංජා කංසා ගැන උපාධියක්ට වුණත් කියලා දේවි. පර්යේෂණ ඕනේ නැහැ වදේ (නි)
ඔන්න අපේ යට කංසා ගහන්න හොඳ පොයින්ට් එකක්. (නි)
ඕවයේ වටිනාකම දන්නා නිසා තමයි උඩවලවේ කැලේ ඕවා වැව්වේ. කෝ පානදුරෙන් ඇවිත් ඔක්කොම පිට්චුව නේ. (නි)
අපි වවමු රට හදමු සංකල්පෙට කංසා වගාවත් එකතු කළොත්, දියවැඩියා බෙහෙතුත් හදලා කංසා අපනයන බෝගයක් කළහැකියි (නි)
ලංකාවෙ ගංජා බේතට හොඳ බවත්, ඒවා පාවිච්චි කිරීමට ලාංකිකයන්ට අවස්ථාව දිය යුතු බවත් පහුගිය කාලෙ සේනා සංවිධානයක් කිව්වෙ. ඒ කියන්නෙ අපේ අය ඈමරිකාවට ඉස්සර මේක හොයාගෙන තියනවා (නි)
සිංහල වේද කමේ කංසා ගොඩක් ලෙඩ වලට භාවිතා කරනවා. (ස)
මිනිසාට අහිතකර සොයාගැනීම් හමුවේ මෙය ගොඩක්ම වටින සොයාගැනීමක්, අද මේ ලෙඩින් දුකක් විදින කී දෙන්නම් ඉන්නවාද ? (ස)