මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ මීළඟ දියවඩන නිලමේ තෝරා පත් කර ගැනිම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අඟහරුවාදා (08) පස්වරු 2.00 ට මහනුවර බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්වේ.
දියවඩන නිලමේ පත්කර ගැනිම සදහා ඡන්ද අයිතිය පැරණි උඩරට රාජධානියට අයත් ප්‍රදේශ වල පිහිටි රජ මහා විහාරස්ථාන වල භාරකාර හිමිවරු, ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු පිරිසට හිමිය.
වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල මහතාගේ ධුර කාලය පසුගිය ජූලි මස 1 වැනිදායින් අවසන් විය. එතැන් සිට දින 90 ක් තුළ ඡන්ද විමසිම සිදුකළ යුතු අතර වැඩ බලන දියවඩන නිලමේ ලෙස ප්‍රදිප් නිලංග දෑල පත් කරන ලදි. දිය වඩන නිලමේ වරයෙකුගේ ධුර කාලය වසර 10 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවගේ කෙනෙක් පත්කරයිද? අපි බලාසිටිමු (නි)
නෙරංජන් විජේරත්න මැතිතුමනි, ඔබතුමා 200% විශ්වාසයි එනවා. ලබන වසර 10 දළදා වහන්සේ රකින්න. නැවතත් නව ගමනක්, බුදු සමිඳුන්ගේ ආරක්ෂාව , මුදල් නිසි කළමනාකාරිත්වයක් ඇතුව යහපත් දෙයක් වෙනවා සිකුරුයි. හොර වැඩ, මුදල් නාස්තිය නැති ඔබ පත්වේවා! (නි)
උඩරට පුද්ගලයෙක් පත්වුණොත් සතුටුයි (නි)
මුළු මහත් දළදා මාලිගය සතු නින්දගම් පරිත්‍යාග ආදී ධනස්කන්ධය පාලනය කරන පුද්ගලයා හොඳ අයකු විය යුතුය (අ)
මෙම තනතුරට අවංක, හොඳ, පිරිසිදු බෞද්ධයෙක් පත් කළයුතුයි. (නි)
හිටපු දියවඩන නිළමේ නිලංග දෑල මහතාම පත්වුණොත් හොඳයි. (නි)
හොර බොරු නැති කෙනෙක් පත්කරන්න (නි)
යහපත් වෙනසක් අලුත් ගමනක් (අ)