මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ මීළඟ දියවඩන නිලමේ තෝරා පත් කර ගැනිම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අඟහරුවාදා (08) පස්වරු 2.00 ට මහනුවර බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්වේ.
දියවඩන නිලමේ පත්කර ගැනිම සදහා ඡන්ද අයිතිය පැරණි උඩරට රාජධානියට අයත් ප්‍රදේශ වල පිහිටි රජ මහා විහාරස්ථාන වල භාරකාර හිමිවරු, ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු පිරිසට හිමිය.
වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල මහතාගේ ධුර කාලය පසුගිය ජූලි මස 1 වැනිදායින් අවසන් විය. එතැන් සිට දින 90 ක් තුළ ඡන්ද විමසිම සිදුකළ යුතු අතර වැඩ බලන දියවඩන නිලමේ ලෙස ප්‍රදිප් නිලංග දෑල පත් කරන ලදි. දිය වඩන නිලමේ වරයෙකුගේ ධුර කාලය වසර 10 කි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියවඩන නිළමේ තේරීම හෙට
රොහාන් Monday, 07 September 2015 12:17 PM
මොනවගේ කෙනෙක් පත්කරයිද? අපි බලාසිටිමු (නි)
අමරවීර Monday, 07 September 2015 07:02 AM
නෙරංජන් විජේරත්න මැතිතුමනි, ඔබතුමා 200% විශ්වාසයි එනවා. ලබන වසර 10 දළදා වහන්සේ රකින්න. නැවතත් නව ගමනක්, බුදු සමිඳුන්ගේ ආරක්ෂාව , මුදල් නිසි කළමනාකාරිත්වයක් ඇතුව යහපත් දෙයක් වෙනවා සිකුරුයි. හොර වැඩ, මුදල් නාස්තිය නැති ඔබ පත්වේවා! (නි)
මොහාන් Monday, 07 September 2015 07:03 AM
උඩරට පුද්ගලයෙක් පත්වුණොත් සතුටුයි (නි)
වසන්ජය Monday, 07 September 2015 01:35 PM
මුළු මහත් දළදා මාලිගය සතු නින්දගම් පරිත්‍යාග ආදී ධනස්කන්ධය පාලනය කරන පුද්ගලයා හොඳ අයකු විය යුතුය (අ)
කැප්පෙටිපොළ Monday, 07 September 2015 07:09 AM
මෙම තනතුරට අවංක, හොඳ, පිරිසිදු බෞද්ධයෙක් පත් කළයුතුයි. (නි)
ප්‍රියදර්ශන Monday, 07 September 2015 07:46 AM
හිටපු දියවඩන නිළමේ නිලංග දෑල මහතාම පත්වුණොත් හොඳයි. (නි)
දුල්මි Monday, 07 September 2015 08:16 AM
හොර බොරු නැති කෙනෙක් පත්කරන්න (නි)
දුමින්ද Monday, 07 September 2015 10:50 AM
යහපත් වෙනසක් අලුත් ගමනක් (අ)