මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර එම තනතුර සඳහා හිටපු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, නෙරංජන් විජයරත්න හා ගයාන් හීන්කෙන්ද යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.

සුදන්ත සේනානායක හා චමිල කෝනාර යන මහත්වරුන්ගේ නම් යෝජනා වුවද එම නම් කිසිවකු ස්ථිර නොකළ හෙයින් ඔවුහු ඉවත්වූහ.

ප්‍රදීප් නිලංග දෑල හිටපු දියවඩන නිළමේවරයා විසින් තරිඳු කෞෂාල් දෑල මහතාගේ නම යෝජනා කළ අතර පසුව ඔහු ඉල්ලා අස්විය.

මේ වන විට හාරිස්පත්තුව, යටිනුවර, උඩුනුවර සියලු භික්ෂූන්වහන්සේලා ඡන්දය ප්‍රකාශ කර අවසන් බවත් වාර්තාවේ.