රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඩී.එම් සෙනවිරත්න මහතා ඊයේ (9) අභාවප්‍රාප්ත විය.
වමේ ව්‍යාපාරය තුළ ‘‘දෙයියා” නමින් කා අතරත් ප්‍රචලිතව සිටි ඒ මහතා ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ අධ්‍යපානය ලැබූ ඒ මහතා විද්‍යෝදය විශ්ව විච්‍යාලයට ඇතුළත් විය.
ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ නායකයෙකු ලෙස කටයුතු කළ මොහු පසුව විශ්වවිද්‍යලාය අතහැර නීති විද්‍යාලයට බැඳී නීතිඥයකු විය. සරත් මුත්තෙට්ටුවගම මහතා සමඟ රත්නපුර අධිකරණයෙන් වෘත්තිය ආරම්භ කළ අතර 1989 පිහිටවූ පළමු සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයකුද විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ ඔහු වමේ දේශපාලනය අතහැර එජාපයට එකතු විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සමීප වු මිතුරකුගේ වියෝව ගැන අප සැවොම මුළු හදවතින් කම්පාවට පත් උනෙමු. ටික කාලෙකින් හමු නොවුවද ඉතා ඈත සිට හෝ පවුලේ සැමට කණගාටුව ප්‍රකාශ කිරීමට ලැබීම අගය කරමු. ඔබට නිවන් සුව පතමු. වකුල ගුණපාල ගඟ ගුණපාල සහ දරුවන්. ඉල්ෆොර්ඩ් ඒෂෙෂ් එංගලන්තය. (නදී)
ඉතා හොඳ මනුෂ්‍යයෙක්. ඔබතුමාට නිවන් සුව. (නි)
මම හොඳට දන්නා කෙනෙක්. මගේ ශෝකය සහ ඔබට නිවන් සුව! (නි)
නැති බැරි මිනිසුන්ගේ නඩු කිසිම මුදලක් නොගෙන කතා කළ හිත හොඳ මනුස්සයෙක්. (නි)
නැති බැරි අයගේ දෙවි කෙනෙක්. ඔබට නිවන් සුව පතමිI (නි)
ඉතින් ආයුබෝවන් හිතවත. පවුලේ සැමට මාගේ බලවත් ශෝකය. (අ)
ජීවත් වෙලා හිටපු "දෙයියා "ට වඩා මියගිය "දෙයියා" හොඳ බව කවුරුත් කියාවි. පටන් ගත්තේ කොතනද ඉවර කරන්නේ කොතනද කියා නොදන්නා මිනිසුන් අතර ඔහු තවත් කෙනෙක් විය. නිවන් කෙසේ වෙතත් දිව්‍ය ලෝක සම්පතවත් අපි ඔහුට ප්‍රාර්ථනා කරමු.(අ)