ග්‍රීසියේ රන් ආබරණ හලකින් කොල්ලකා පරිගණකයක සහ වාසැකැසුම් යන්ත්‍රයක සඟවා කන්ටේනරයෙන් ශ්‍රී ලංකාවට එවූ රුපියල් කෝටි තුනකට අධික වටිනා දියමන්ති සහ ස්වර්ණාබරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. උපුල් පෙරේරා නොහොත් ජනක වීරසංහ, ප්‍රසාද් උදයංග සෙන්ඩිස්, රංගන පෙරේරා හා චමින්ද ජගත් වීරසිංහ යන සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඇතැන්ස් පොලීසිය එවා තිබූ තොරතුරු සළකා බලා මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ඇත.