IMG-LOGO

දයාන් හඳුන්වන්නේ ගායකයෙක් හැටියටද, ඡායාරූප ශිල්පියෙක් හැටියටද

2016-11-11-ent-72

දයාන් විතාරණ කියන නම ඇසූ පමණින්ම අපට ප්‍රශ්නෙකුත් මතුවෙනවා. දයාන් හඳුන්වන්නේ ගායකයෙක් හැටියටද, ඡායාරූප ශිල්පියෙක් හැටියටද එහෙමත් නැත්නම් අපූරැ කලා හිතකාමියෙක්, රසවතෙක් හැටියටද? ඕනෑම කලා කටයුත්තකදී, හදිසි ආපදාවකදී දයාන් සිය දායකත්වය ලබාදෙන්න කිසිවිටෙක පැකිලෙන්නෙ නැහැ. දයාන් පසුගියදා අප අතරින් සඳහටම සමුගත් අමරදේව ශූරීන් හා සමීපව කටයුතු කළ කලා ශිල්පියෙක්. ඔහු සමඟ අප කතා කළෙ ඡායාරූප ශිල්පියෙක්, ගායකයෙක් හා රසිකයෙක් ලෙස ඔහු අමරදේව ශූරීන් දුටු අන්දම විමසා බලන්නටය.

 

මතකද අමරදේව ශූරීන් ඔබ මුලින්ම සියැසින් දුටු දවස?

2016-11-11-ent-71ඔව් මතකයි පැහැදිලිවම. මම ඉගෙන ගත්තෙ මාතලේ. මම අමරදේව සර්ගෙ දැඩි රසිකයෙක් පාසැල් කාලයේ සිටම. මම චූටි කාලෙ නිතරම කිව්වෙ ඉන්ද්‍රානි පෙරේරාගෙ සින්දු. එතකොට කටහඬ හීනියි නෙ. ඊට පස්සෙ අවුරැදු 15-16 වෙද්දී කටහඬ වෙනස් වෙනවාත් එක්කම මට අමරදේව සර්ගෙ සින්දු කියන්න මගේ ස්වරයට පහසු වුණා. ඉස්කෝලෙත් යාළුවො එක්ක එකතුවෙලා සර්ගෙ සින්දුමයි කීෙව්. ඒ නිසා දඬුවම් ලබලත් තියෙනවා. ඔන්න එක දවසක් මට ආරංචි වුණා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට "ශ්‍රවණ රමණී" ප්‍රසංගයට අමරදේව සර් එනවා කියලා. මම මාතලේ ඉඳලා යාළුවො දෙතුන්දෙනෙක් එක්ක ඒ ප්‍රසංගය බලන්න අාවා. මේ මහා යුගපුරැෂයා මම ජීවිතේ මුල්වරට ජීවමානව දැක්ෙක එදා තමයි. ප්‍රසංගය ඉවරවෙලා මගේ සමරැ පොතට සර්ගෙ අත්සනකුත් ලබා ගත්තා.

 

ඊට පස්සෙ පාසැල් අධ්‍යාපනය නිමා කරලා ඔබ කොළඹට අාවා?

ඔව් මාතලෙන් කොළඹට ඇවිත් මම රත්මලානේ ආච්චිලාගෙ ගෙදර නැවතුණා 1981දී විතර. එතකොට මම පත්තරේක චූටි දැන්වීමක් දැක්කා අත්තිඩියෙ පැත්තෙ නොමිලේ සංගීත පන්තියක් කරනවා කියලා, මම ඒ තැන හොයාගෙන ගියා. එහෙ පුරැදු පුහුණු කරන්නෙ පිබිදෙන ගායක පරපුරට යන කට්ටිය. සර්පිනාව වාදනය කළේ අමරසිරි පීරිස් කියලා කෙනෙක්. වයලීනය වාදනය කළේ ආනන්ද දාබරේ කියන තරැණ ළමයෙක්. අමරසිරි පීරිස්ගේ නම මට ගුවන්විදුලියෙන් අහලා පුරැදුයි. ඔහුගේ ‘බුදු සිහිල ගලා...’ ගීතයත් මට හොඳට හුරැයි. පස්සෙ මම දැනගත්තා ඒ මට හුරැ අමරසිරි පීරිස් ගායකයාම තමයි කියලා. මම ඒ දවස්වලත් අමරදේව සර්ගේ සින්දු තමයි පන්තියෙත් කියන්නෙ. දවසක් අමරසිරි අයියා මගෙන් අැහුවා සින්දුවක් පටිගත කරනවා බලන්න ආසද කියලා. මම ඔව් කිව්වා. පුදුමෙ කියන්නෙ ඔහු එදා මාව බස් එකේ එක්කගෙන ගියේ නුගේගොඩ හන්දියේ තිබුණු සිංග්ලංකා ශබ්දාගාරයට.

එදා සින්දුවක් පටිගත කරන්නෙ ඒ දැවැන්ත අමරදේව සර්. මට මගේ ඇස් දෙක අදහාගන්න බැරි වුණා. එදා සර් පටිගත කළේ "චන්දෝ මා බිළිඳේ නුඹ නාඬන්"කියන ගීතය. අද මට හිතෙනවා අනේ එදා මට කැමරාවක් තිබුණා නම් කියලා. මම පන්තියේ අමරදේව සර්ගෙ සින්දු කියන නිසා අමරසිරි අයියට හිතෙන්න ඇති සර් ගීතයක් පටිගත කරනවා මට පෙන්නන්න. ඒක මගේ ජීවිතේ ලබපු විශාලතම භාග්‍යයක්. ඊට පස්සෙ තමයි මම නන්දා මාලිනී මිස්ගේ සංගීත ආශ්‍රමයට ගියේ. පසුකාලීනව මම ඡායාරූපකරණයේ යෙදෙන්න පන්තියෙන් අයින් වුණා.

 

ඔබ අමරදේව සර්ගෙ මුල්වරට ගත් පින්තූරය මතකද?

ඔව් 1989 අවුරැද්දෙ. ලංකාවේ සුප්‍රසිද්ධ නර්තන ශිල්පියකගෙ දුවක් (එයාගෙ නම ශෝභා) විවාහ වුණා. ඡායාරූප කළේ මම. ගාලුමුවදොර හෝටලේ තිබුණ විවාහ මංගල්‍ය උත්සවයට චිත්‍රසේන, වජිරා, නන්දා මිස්, මාලනී බුලත්සිංහල වැනි දැවැන්තයින් ඇවිත් හිටියා. අමරදේව සර් සහ විමලා මැතිනියත් ඒ උත්සවේට ආවා. එදා තමයි මම මුලින්ම සර්ගෙ පින්තූරයක් ගත්තෙ.

 

ඡායාරූප ශිල්පියෙක් හැටියට ඔබ කොහොමද සර්ව දකින්නෙ?

ඉතාම සරල, ඉතාම නිහතමානී මනුස්සයෙක්. හරියට පොඩි දරැවෙක් වගේ. ඔහු දැවැන්තයෙක් වුණාට හැමෝ එක්කම සුහදව ඇසුරැ කළා. මට මතකයි ධර්මසිරි ගමගේ ප්‍රවීණ සිනමාවේදියාගේ දියණිය අංජානාගේ විවාහ උත්සවය. මමයි ඒ උත්සවයේ පින්තූර ගත්තේ. සාක්ෂිකරැවන් හැටියට අත්සන් කළේ ගාමිණි ෆොන්සේකා මහත්තයා සහ අමරදේව සර්. මම එදා ඔහුව දැක්ක ගමන් කැමරා ආම්පන්න ටික පැත්තකට දාලා ඔහුට වැන්දා. ඔහුත් මම බලාපොරොත්තු නොවූ විදිහට හිස නමා ආචාර කළා. අපේ ඔළු ගෙඩි දෙක හැප්පුනා. ඔහු එතරම් නිහතමානීයි.

 

පාසැල් කාලෙ අමරදේව සර්ගෙ සින්දු කියන නිසා ඔබට ඉස්කෝලෙ නමක් පටබැඳිලා තිබුණා නේද?

ඔව් ඉස්කෝලෙ ළමයි මට කිව්වෙ ලෝකල් අමරදේව කියලා.

 

ලෝකල් අමරදේව ඔරිජිනල් අමරදේව සර්ට ගොඩාක් හිතවත් වුෙණ් කොයි කාලෙද?

1994දී තිලක් හේවාකපුගේ මහතාගෙ මල්ලිගෙ "හෝම්කමිං" එකේ පින්තූරැ කළේ මම. ඒ උත්සවේට හිටපු ඇමති ගාමිණි දිසානායක මැතිතුමත් ආවා. ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියේ ඊට දවස් දෙකකට පස්සෙ. ඔන්න මේ උත්සවේට අමරදේව සර් සහ විමලා මැතිනිය ආවා. මගේ ගුරැතුමෙක් වන ලක්ෂ්මන් විජේසේකර මහතා සහ චිත්‍රා අක්කාගෙ පින්තූරැ ටිකක් මම අරගෙන සර්ගෙ පින්තූරැ ටිකක් ගන්න අවසර ඉල්ලුවා. එදා තමයි මම මුල්ම වතාවට සර්ගෙයි විමලා මැතිනියගෙයි හොඳ PORTRAIT පින්තූරැ ගත්තෙ. ඊට පස්සෙ තමයි ඒ දෙන්නා මාව හොඳට අඳුනගත්තෙ. පවුලෙ අයත් ඊට පස්සෙ මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා. 1999දී මට මතකයි ටොරානා එකෙන් කරපු සර්ගෙ ‘ස්වර්ණා විමානෙට’ සී.ඩී. එකට පින්තූරැ ගන්න මම, සර් සහ සරත් කොතලාවල මහත්තයත් එක්ක ගල්කිස්සෙ මහහෝටලේ දවසක්ම ගත කළා. අපි විවිධ ඇඳුම්, පසුතල එක්ක පින්තූරැ ගොඩාක් ගත්තා.

 

පස්සෙ ඔබ ගායකයෙක් වුණා. ඔබේ ගීත රටම ආදරෙන් වැළඳ ගත්තා. දයාන් කියන ගායකයාට සර් සැලකුවෙ කොහොමද?

මට මතක්වෙනවා 2002දී විතර ජානක වික්‍රමසිංහ ඔහුගේ ‘ලස්සනයි බලන්න’ ගී තැටිය මුදාහැරියා පොළොන්නරැවෙ. ගායක ගායිකාවන් රුසක් ඒකට සහභාගීවෙලා එක සින්දුවක් ගාණෙත් කිව්වා. උත්සවේ ඉවරවුණු ගමන් විමලා මැතිනිය මට කිව්වා ‘සර් මාව හොය හොයා හිටියා’ කියලා. මම ඔහුව හොයාගෙන ගියා. ඔහු මගේ ගායනය ඉහළින්ම අගයලා කිව්වා, ඔහු අතින් මට ගී තනුවක් හදලා දෙන්න ආසයි කියලා. සම්මාන දහකට වඩා සර්ගෙ ඒ වචන ටික මට කෝටියක් වටිනවා.

 

ඔබ ඔහුගේ ගත්තු අන්තිම ඡායාරූපය මතකද?

ඔව් ඔහු අපෙන් සමුගෙන යන්න මාස දෙකකට කලින් මම ඔහුව බලන්න ගෙදර ගියා. මම එදා කැමරාවක් ගෙනිච්චෙ නැහැ. එනිසා මගේ ජංගම දුරකථනයෙන් අපි දෙන්නා සෙල්ෆියක් ගත්තා. සර් ඒකෙ මාත් එක්ක හොඳට හිනාවෙලා ඉන්නවා. මීට අවුරැදු 3කට කලින් සර්ගෙත් විමලා මැතිනියගෙත් 50 වැනි විවාහ සංවත්සරයේ පින්තූරැත් මම ගත්තෙ. ඒත් මම ඔහුගේ දේහයේ එක පින්තූරයක්වත් ගත්තෙ නැහැ. සර් අප අතර නැහැ කියලා මට හිතෙන්නෙ නැහැ. මගේ ලෝකෙ අමරදේව සර් සදාතනිකව, ජීවමානවම ඉන්නවා.

 

එදා සර් අවසන් ගමන් ගිය දවසෙ ඔච්චර වැහැලා තිබුණත් ඒ අවමංගල උත්සව වෙලාවෙ එක වැහි බිඳක්වත් වැටුෙණ නැහැනෙ. ඒ වෙනුවට වැටුෙණ අපි කාගෙ කාගෙත් කඳුළු වැසි විතරයි.

 

රමේෂ් උවයිස් / සේයාරූ I දයාන් විතාරණ

 

2016-11-11-ent-74
2016-11-11-ent-75
2016-11-11-ent-73



අදහස් (0)

දයාන් හඳුන්වන්නේ ගායකයෙක් හැටියටද, ඡායාරූප ශිල්පියෙක් හැටියටද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site